ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • සෙනඟ ආයෙත් ඊජිප්තුවට යන්න හදයි (1-10)

        • යොෂුවා සහ කාලෙබ් දේශය ගැන හොඳ තොරතුරු කියයි (6-9)

      • යෙහෝවාට කේන්ති යයි; සෙනඟට සමාව දෙන්න කියලා මෝසෙස් ඉල්ලයි (11-19)

      • දඬුවම: අවුරුදු 40ක් පාළුකරයේ ඉන්න වෙයි (20-38)

      • අමලෙක්වරු ඊශ්‍රායෙල්වරුන්ව පරද්දයි (39-45)

ගණන් කතාව 14:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:32, 33

ගණන් කතාව 14:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:27; ගීතා 106:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 15 පි.

ගණන් කතාව 14:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:40
  • +ගණන් 14:31; ද්වි 1:39
  • +ගණන් 11:5

ගණන් කතාව 14:4

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 25-26 පි.

ගණන් කතාව 14:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:8, 16
  • +ගණන් 13:6, 16; 14:30

ගණන් කතාව 14:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:26, 27; ද්වි 1:25; 8:7, 8

ගණන් කතාව 14:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:8

ගණන් කතාව 14:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:17, 18; 20:3
  • +නික් 33:16; ද්වි 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු,

    5/2021, 4 පි.

ගණන් කතාව 14:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:4
  • +නික් 16:10

ගණන් කතාව 14:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:28; ගණන් 14:22, 23
  • +ද්වි 9:23; හෙබ්‍රෙ 3:19

ගණන් කතාව 14:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:10

ගණන් කතාව 14:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:12; එස 20:9

ගණන් කතාව 14:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:13, 14; යොෂු 2:10; 5:1
  • +ද්වි 4:12; 5:4
  • +නික් 13:21; ගීතා 78:14

ගණන් කතාව 14:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:28

ගණන් කතාව 14:18

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ ඒ දුෂ්ටකම් කරන අයටත්.

  • *

    හෝ, “දඬුවම් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:8; මීකා 7:18
  • +නික් 34:6, 7

ගණන් කතාව 14:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:9; ගීතා 78:38

ගණන් කතාව 14:20

හරස් යොමු දැක්වීම්

  • +යාකො 5:16

ගණන් කතාව 14:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:19; හබ 2:14

ගණන් කතාව 14:22

පාදසටහන්

  • *

    මූ.අ., “දහ වතාවක්.”

  • *

    හෝ, “මං එයාලා වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:17
  • +නික් 17:2; ගීතා 95:9; 106:14; හෙබ්‍රෙ 3:16
  • +ගීතා 81:11

ගණන් කතාව 14:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:63, 64; 32:11; ද්වි 1:35; ගීතා 95:11; 106:26; හෙබ්‍රෙ 3:18; 4:3

ගණන් කතාව 14:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:30; 26:65
  • +යොෂු 14:9, 14

ගණන් කතාව 14:25

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:29
  • +ද්වි 1:40

ගණන් කතාව 14:27

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:6, 10
  • +නික් 16:28; ගණන් 14:11

ගණන් කතාව 14:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:2; 26:64; 32:11; ද්වි 1:35

ගණන් කතාව 14:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:45, 46; යූද් 5
  • +ගීතා 106:26; 1කොරි 10:5; හෙබ්‍රෙ 3:17

ගණන් කතාව 14:30

පාදසටහන්

  • *

    මූ.අ., “අත උස්සලා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:8
  • +ගණන් 26:65; 32:11, 12; ද්වි 1:34-38

ගණන් කතාව 14:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:3; ද්වි 1:39
  • +ගීතා 106:24

ගණන් කතාව 14:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:13; යොෂු 14:10
  • +ද්වි 1:3; 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 30-31 පි.

ගණන් කතාව 14:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:25
  • +ගීතා 95:10; ක්‍රියා 7:36; 13:18

ගණන් කතාව 14:35

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:29; හෙබ්‍රෙ 3:17

ගණන් කතාව 14:36

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:32

ගණන් කතාව 14:37

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:6, 10; යූද් 5

ගණන් කතාව 14:38

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:30; 26:65; 32:11, 12; ද්වි 1:35, 36; යොෂු 14:6

ගණන් කතාව 14:40

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:41

ගණන් කතාව 14:42

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:14, 17; ද්වි 1:42

ගණන් කතාව 14:43

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:29
  • +2ලේක 15:2

ගණන් කතාව 14:44

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:43
  • +ගණන් 10:33

ගණන් කතාව 14:45

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:1, 3; ද්වි 1:44

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 14:1ද්වි 1:32, 33
ගණන්. 14:2ද්වි 1:27; ගීතා 106:25
ගණන්. 14:3ගීතා 78:40
ගණන්. 14:3ගණන් 14:31; ද්වි 1:39
ගණන්. 14:3ගණන් 11:5
ගණන්. 14:4නෙහෙ 9:17
ගණන්. 14:6ගණන් 13:8, 16
ගණන්. 14:6ගණන් 13:6, 16; 14:30
ගණන්. 14:7ගණන් 13:26, 27; ද්වි 1:25; 8:7, 8
ගණන්. 14:8නික් 3:8
ගණන්. 14:9ද්වි 7:17, 18; 20:3
ගණන්. 14:9නික් 33:16; ද්වි 20:1
ගණන්. 14:10නික් 17:4
ගණන්. 14:10නික් 16:10
ගණන්. 14:11නික් 16:28; ගණන් 14:22, 23
ගණන්. 14:11ද්වි 9:23; හෙබ්‍රෙ 3:19
ගණන්. 14:12නික් 32:10
ගණන්. 14:13නික් 32:12; එස 20:9
ගණන්. 14:14නික් 15:13, 14; යොෂු 2:10; 5:1
ගණන්. 14:14ද්වි 4:12; 5:4
ගණන්. 14:14නික් 13:21; ගීතා 78:14
ගණන්. 14:16ද්වි 9:28
ගණන්. 14:18ගීතා 103:8; මීකා 7:18
ගණන්. 14:18නික් 34:6, 7
ගණන්. 14:19නික් 34:9; ගීතා 78:38
ගණන්. 14:20යාකො 5:16
ගණන්. 14:21ගීතා 72:19; හබ 2:14
ගණන්. 14:22නෙහෙ 9:17
ගණන්. 14:22නික් 17:2; ගීතා 95:9; 106:14; හෙබ්‍රෙ 3:16
ගණන්. 14:22ගීතා 81:11
ගණන්. 14:23ගණන් 26:63, 64; 32:11; ද්වි 1:35; ගීතා 95:11; 106:26; හෙබ්‍රෙ 3:18; 4:3
ගණන්. 14:24ගණන් 13:30; 26:65
ගණන්. 14:24යොෂු 14:9, 14
ගණන්. 14:25ගණන් 13:29
ගණන්. 14:25ද්වි 1:40
ගණන්. 14:271කොරි 10:6, 10
ගණන්. 14:27නික් 16:28; ගණන් 14:11
ගණන්. 14:28ගණන් 14:2; 26:64; 32:11; ද්වි 1:35
ගණන්. 14:29ගණන් 1:45, 46; යූද් 5
ගණන්. 14:29ගීතා 106:26; 1කොරි 10:5; හෙබ්‍රෙ 3:17
ගණන්. 14:30නික් 6:8
ගණන්. 14:30ගණන් 26:65; 32:11, 12; ද්වි 1:34-38
ගණන්. 14:31ගණන් 14:3; ද්වි 1:39
ගණන්. 14:31ගීතා 106:24
ගණන්. 14:33ගණන් 32:13; යොෂු 14:10
ගණන්. 14:33ද්වි 1:3; 2:14
ගණන්. 14:34ගණන් 13:25
ගණන්. 14:34ගීතා 95:10; ක්‍රියා 7:36; 13:18
ගණන්. 14:35ගණන් 14:29; හෙබ්‍රෙ 3:17
ගණන්. 14:36ගණන් 13:32
ගණන්. 14:371කොරි 10:6, 10; යූද් 5
ගණන්. 14:38ගණන් 14:30; 26:65; 32:11, 12; ද්වි 1:35, 36; යොෂු 14:6
ගණන්. 14:40ද්වි 1:41
ගණන්. 14:42ලෙවී 26:14, 17; ද්වි 1:42
ගණන්. 14:43ගණන් 13:29
ගණන්. 14:432ලේක 15:2
ගණන්. 14:44ද්වි 1:43
ගණන්. 14:44ගණන් 10:33
ගණන්. 14:45ගණන් 21:1, 3; ද්වි 1:44
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 14:1-45

ගණන් කතාව

14 ඒක අහලා සෙනඟ හැමෝම හයියෙන් අඬන්න පටන්ගත්තා. එයාලා මුළු රෑම ඇඬුවා.+ 2 මුළු සෙනඟම මේ විදිහට මෝසෙස්ටයි, ආරොන්ටයි දොස් කිව්වා.+ “අපි ඊජිප්තුවේදීම මැරිලා ගියා නම් මීට වඩා හොඳයි. එහෙම නැත්නම් මේ පාළුකරයේදී මැරිලා ගියා නම් කොච්චර හොඳද! 3 යෙහෝවා ඇයි අපිව ඒ දේශයට අරන් යන්න හදන්නේ? ඒ මිනිස්සු අපිව කඩුවෙන් මරලා දායි.+ අපේ භාර්යාවන්වයි, දරුවන්වයි පැහැරගනියි.+ අපි ආයෙත් ඊජිප්තුවට ගියා නම් මීට වඩා හොඳයි.”+ 4 එයාලා මෙහෙමත් කතා වුණා. “අපි නායකයෙක්ව පත් කරගෙන ආයෙත් ඊජිප්තුවට යමු.”+

5 ඒක අහලා මෝසෙස් සහ ආරොන් සෙනඟ ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමට පහත් කරගෙන දෙවියන්ට කන්නලව් කළා. 6 දේශයේ තොරතුරු හොයලා බලන්න ගිය අය අතරේ හිටපු නූන්ගේ පුතා වුණ යොෂුවා+ සහ යෙෆුන්නෙගේ පුතා වුණ කාලෙබ්+ එයාලාගේ ඇඳුම් ඉරාගෙන 7 සෙනඟට මෙහෙම කිව්වා. “අපි බලන්න ගිය දේශය හරිම සාරවත් දේශයක්.+ 8 අපිට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන ඒ දේශය අපිට ලබා දෙයි.+ 9 ඒත් යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න එපා. ඒ දේශයේ මිනිස්සුන්ට බය වෙන්නත් එපා.+ මොකද යෙහෝවා අපිත් එක්ක ඉන්නවා.+ ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාවට කවුරුත් නැහැ. අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට ලේසියෙන්ම එයාලව යටත් කරගන්න පුළුවන්.”

10 ඒ වෙලාවේ මුළු සෙනඟම එයාලට ගල් ගහන්න හැදුවා.+ හැබැයි යෙහෝවා දෙවියන්ගේ තේජස එයාලා හැමෝටම පේන්න හමු වීමේ කූඩාරමට ඉහළින් දිස් වුණා.+

11 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මේ සෙනඟ තව කොච්චර කාලයක් මේ විදිහට මට අගෞරව කරයිද?+ මං එයාලා ඉස්සරහා මෙච්චර පුදුම දේවල් කරලත් එයාලට තාම මං ගැන විශ්වාසයක් නැහැ.+ 12 මං එයාලව වසංගතයකින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඊටපස්සේ එයාලට වඩා බලවත් ජාතියක් මං ඔයාගෙන් බිහි කරන්නම්.”+

13 ඒත් මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “ඔයාගේ මහත් බලය පෙන්නලා ඔයා ඊජිප්තුවරුන්ගෙන් මේ සෙනඟව බේරගත්තා. දැන් ඔයා එයාලව විනාශ කළොත් ඊජිප්තුවරුන්ට ඒ ගැන ආරංචි වෙලා+ 14 එයාලා කානාන් දේශයේ ඉන්න අයටත් ඒ ගැන කියයි. ඒ අයත් දන්නවා යෙහෝවා ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඉන්නවා කියලා.+ ඔහු සෙනඟ ඉස්සරහා පෙනී හිටියා කියලත් දන්නවා.+ ඔයා යෙහෝවා දෙවියන්. ඔයාගේ වලා ටැඹ ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරට ඉහළින් තියෙනවා. ඒ වගේම දවල්ට වලා ටැඹකිනුත් රෑට ගිනි ටැඹකිනුත් ඔයා සෙනඟට මඟ පෙන්නනවා.+ ඒ හැම දෙයක්ම එයාලා දන්නවා. 15 ඔයා මේ සෙනඟව එකපාරින්ම මරලා දැම්මොත් ඔයා ගැන අහලා තියෙන ජාතීන් මෙහෙම කියයි. 16 ‘මේ සෙනඟව එයාලට පොරොන්දු වුණ දේශයට අරන් යන්න යෙහෝවා දෙවියන්ට බැරි වුණා. ඒකයි ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මේ.’+ 17 යෙහෝවා, ඔයාගේ මහත් බලය හැමෝම දකින්න ඕනේ. ඉතින් ඔයා කියපු මේ දේට එකඟව වැඩ කරලා ඒක දකින්න සලස්වන්න. 18 ‘යෙහෝවා වන මම ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරෙන්* පිරුණු දෙවි කෙනෙක්.+ මගේ නීති කඩ කරන, මට අකීකරු වෙන අයට මං සමාව දෙනවා. ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මං නොදී ඉන්නේ නැහැ. ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා* එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් ප්‍රතිඵල විඳින්න මං ඉඩහරිනවා.’*+ 19 දෙවියනි, ඔයා නොසැලෙන ආදරෙන් පිරුණු කෙනෙක්. ඊජිප්තුවෙන් ආපු දවසේ ඉඳන් මේ වෙන කල් ඔයා මේ සෙනඟට සමාව දුන්නා. අනේ දෙවියනි, මේ වතාවෙත් ඔයාගේ ඉමහත් ආදරේ පෙන්නලා එයාලට සමාව දෙන්න.”+

20 එතකොට යෙහෝවා මෙහෙම කිව්වා. “මං ඔයා කියන දේ අහලා එයාලට සමාව දෙන්නම්.+ 21 ඒත් මං ජීවමාන දෙවියන් කියන දේ ස්ථිරයි වගේම යෙහෝවා වන මං කොයි තරම් බලවත් කෙනෙක්ද කියලා පොළොවේ ඉන්න හැමෝම දකිනවා කියන දේත් ස්ථිරයි.+ 22 ඊජිප්තුවේදීත් පාළුකරයේදීත් මං කරපු පුදුම දේවල් සහ මගේ බලය දැකලත්+ එයාලා අනන්ත වාරයක්* මාව සැක කළා.+ මං එයාලව බලාගනියිද කියලා* පරීක්ෂා කළා. මට අකීකරු වුණා.+ 23 ඒ නිසා එයාලාගේ පියවරුන්ට මං දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශය කවදාවත් එයාලට දකින්න ලැබෙන්නේ නැහැ. මට අගෞරව කරපු කිසිම කෙනෙක්ට ඒ දේශයට යන්න ලැබෙන්නේ නැහැ.+ 24 ඒත් මගේ සේවකයා වන කාලෙබ්+ හිතන විදිහ ඒ අයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. එයා මුළු හිතින්ම මට සේවය කරනවා. ඒ නිසා මං අනිවාර්යයෙන්ම එයාව ඒ දේශයට අරන් යනවා. එයාගේ දරුවන්ටත් ඒ දේශය උරුමයක් විදිහට දෙනවා.+ 25 දැන් මේ දේ අහන්න. නිම්නයේ* අමලෙක්වරු සහ කානානිවරු+ ඉන්න නිසා හෙට ඔයාලා ආපහු මෙතනින් හැරිලා රතු මුහුදට යන පාරෙන් පාළුකරය පැත්තට යන්න.”+

26 යෙහෝවා දෙවියන් ආයෙත් මෝසෙස්ට සහ ආරොන්ට කතා කරලා මෙහෙම කිව්වා. 27 “ඊශ්‍රායෙල්වරු කන්කෙඳිරි ගගා මට විරුද්ධව කියන දේවල් මට ඇහෙනවා.+ මේ දුෂ්ට සෙනඟ තව කොච්චර කල් මේ විදිහට කන්කෙඳිරි ගගා මට විරුද්ධව කතා කරයිද?+ 28 එයාලට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියපු මේ දේ අහන්න. “ඔයාලට වෙයි කියලා ඔයාලා කියපු හැම විපතක්ම ඒ විදිහටම ඔයාලට අද්දකින්න මං ඉඩහරිනවා. මං ජීවමාන දෙවියන් කියන දේ ස්ථිරයි වගේම ඒ හැම විපතක්ම ඔයාලට අද්දකින්න වෙනවා කියන දේත් ස්ථිරයි.+ 29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+ 30 මං ඔයාලට දෙනවා කියලා දිවුරලා* පොරොන්දු වුණ ඒ දේශයට+ යන්න ලැබෙන්නේ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට සහ නූන්ගේ පුතා වන යොෂුවාට විතරයි.+

31 “‘“ඒ දේශයේ මිනිස්සු ඔයාලාගේ දරුවන්ව පැහැරගෙන යයි කියලා ඔයාලා කිව්වා.+ ඒත් මං ඒ දරුවන්ව ඒ දේශයට අරන් යනවා. ඔයාලා එපා කියපු දේශයේ ඔයාලාගේ දරුවන් සතුටින් ජීවත් වෙයි.+ 32 ඒත් ඔයාලා හැමෝම මේ පාළුකරයේදී මැරිලා යනවා. 33 ඔයාලා මට ද්‍රෝහි වුණ නිසා ඔයාලාගේ දරුවන්ට එඬේරුන් විදිහට මේ පාළුකරයේ අවුරුදු 40ක් ජීවත් වෙන්න වෙනවා.+ ඔයාලා හැමෝම මැරිලා යන කල් එයාලට මේ පාළුකරයේ ජීවත් වෙන්න වෙයි.+ 34 දේශයේ තොරතුරු හොයලා බලන්න ඔයාලට දවස් 40ක් ගත වුණා.+ ඒ දවස් 40 වෙනුවට ඔයාලට අවුරුදු 40ක් වන්දි ගෙවන්න වෙනවා.+ ඔයාලා කරපු වරද නිසා ඒ හැම දවසකටම අවුරුද්දක් ගාණේ ඔයාලට වන්දි ගෙවන්න වෙනවා. මාව ප්‍රතික්ෂේප කරන එක කොච්චර බරපතළ දෙයක්ද කියලා එතකොට ඔයාලට තේරෙයි.

35 “‘“යෙහෝවා වන මං කියපු දේ ඒ විදිහටම වෙනවා. මට විරුද්ධව කැරලිගහපු මේ දුෂ්ට සෙනඟ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මැරෙනවා.+ 36 දේශයේ තොරතුරු හොයලා බලන්න යවපු අය දේශය ගැන නරක තොරතුරු කියකිය මුළු සෙනඟවම මෝසෙස්ට විරුද්ධව උසිගැන්නුවා.+ 37 ඒ නිසා යෙහෝවා වන මං ඉස්සරහා එයාලට දඬුවම් ලැබෙනවා. එයාලා අනිවාර්යයෙන්ම මැරෙනවා.+ 38 ඒත් දේශයේ තොරතුරු බලන්න ගිය අයගෙන් නූන්ගේ පුතා වන යොෂුවාගේ සහ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ගේ ජීවිත බේරෙනවා.”’”+

39 මෝසෙස් ඒ හැම දේම සෙනඟට කියද්දී එයාලා මහ හයියෙන් අඬන්න පටන්ගත්තා. 40 එයාලා පහුවෙනිදා උදෙන්ම නැඟිටලා කඳුකරයට යන්න ලෑස්ති වුණා. එයාලා මෙහෙම කිව්වා. “අපි යෙහෝවාට විරුද්ධව වරදක් කළා කියලා අපි පිළිගන්නවා. දැන් අපි ඔහු කියපු තැනට යන්න ලෑස්තියි.”+ 41 ඒත් මෝසෙස් එයාලට මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා යෙහෝවා කියන දේ අහන්නේ නැත්තේ? ඔයාලා කරන්න යන දේ සාර්ථක වෙන්නේ නැහැ. 42 එහෙට යන්න එපා. මොකද ඔයාලාගේ උදව්වට යෙහෝවා ඔයාලා එක්ක නැහැ. කඳුකරයට ගියොත් අනිවාර්යයෙන්ම සතුරන් ඔයාලව පරද්දනවා.+ 43 අමලෙක්වරු සහ කානානිවරු ඔයාලා එක්ක සටන් කරලා+ ඔයාලව කඩුවෙන් මරලා දායි. ඔයාලා යෙහෝවාව ප්‍රතික්ෂේප කරපු නිසා යෙහෝවාත් ඔයාලාගේ උදව්වට එන්නේ නැහැ.”+

44 ඒත් එයාලා හිතුවක්කාර විදිහට කඳුකරයට ගියා.+ ඒ වෙලාවේ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් එළියට අරන් ගියේ නැහැ. මෝසෙසුත් කඳවුරෙන් එළියට ගියේ නැහැ.+ 45 කඳුකරයේ ජීවත් වුණ අමලෙක්වරු සහ කානානිවරු ඊශ්‍රායෙල් සෙනඟ ළඟට ඇවිත් එයාලට පහර දුන්නා. එයාලා හොර්මා+ වෙන කල් ඊශ්‍රායෙල්වරුන්ව පන්නගෙන ගියා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න