ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් තිමෝතිව තෝරගනියි (1-5)

      • මැසිඩෝනියාවේ මිනිසෙක්ව දර්ශනයකින් දකියි (6-10)

      • ෆිලිප්පියේදී ලිදියා බව්තීස්ම වෙයි (11-15)

      • පාවුල්වයි, සීලස්වයි හිරේට දායි (16-24)

      • හිරගෙදර භාරකරුයි, එයාගේ ගෙදර ඉන්න අයයි බව්තීස්ම වෙයි (25-34)

      • නිලධාරීන්ට ඇවිත් සමාව ගන්න කියලා පාවුල් කියයි (35-40)

ක්‍රියා 16:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:5-7; 2තිමෝ 3:11
  • +ක්‍රියා 19:22; රෝම 16:21; 1කොරි 4:17; 1තෙස 3:2; 1තිමෝ 1:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 138-139 පි.

    මුරටැඹ,

    11/1/2015, 9 පි.

ක්‍රියා 16:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 139 පි.

    මුරටැඹ,

    11/1/2015, 14 පි.

    12/15/2009, 11 පි.

    5/15/2009, 14 පි.

ක්‍රියා 16:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 139 පි.

    මුරටැඹ,

    11/1/2015, 14 පි.

    5/15/2008, 32 පි.

    12/1/2003, 20 පි.

ක්‍රියා 16:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:28, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 140 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 16:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 140 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 16:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 141 පි.

    මුරටැඹ,

    1/15/2012, 9-10 පි.

    5/15/2008, 32 පි.

ක්‍රියා 16:7

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 141-143 පි.

    මුරටැඹ,

    1/15/2012, 9-10 පි.

    5/15/2008, 32 පි.

ක්‍රියා 16:8

පාදසටහන්

  • *

    හෝ, “මැදින් ගිහින්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 141-143 පි.

    මුරටැඹ,

    1/15/2012, 9-10 පි.

ක්‍රියා 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 143 පි.

    මුරටැඹ,

    1/15/2012, 9-10 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 16-17 පි.

ක්‍රියා 16:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 13, 143 පි.

    මුරටැඹ,

    11/15/2007, 18-19 පි.

ක්‍රියා 16:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 142 පි.

    පිබිදෙව්!,

    9/8/1997, 16-18 පි.

ක්‍රියා 16:12

පාදසටහන්

  • *

    ඒක ඉතාලියෙන් පිට තිබුණ නගරයක්. එහේ හිටපු වැසියන්ට ඉතාලි වැසියන්ට තිබුණ අයිතීන්ම තිබුණා.

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/8/1997, 16-18 පි.

    මුරටැඹ,

    9/15/1996, 27 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 28 පි.

ක්‍රියා 16:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1996, 27 පි.

ක්‍රියා 16:14

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 150 පි.

    මුරටැඹ,

    9/15/1996, 26-27 පි.

ක්‍රියා 16:15

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:33; 18:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 150 පි.

    මුරටැඹ,

    3/15/2007, 32 පි.

    9/15/1996, 27-28 පි.

    ගුරුවරයා, 95 පි.

ක්‍රියා 16:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:31; 20:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1995, 7 පි.

ක්‍රියා 16:17

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:23, 24; ලූක් 4:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1994, 30-31 පි.

ක්‍රියා 16:18

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:18; මාක් 1:25, 26, 34; ලූක් 9:1; 10:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1995, 7 පි.

    4/1/1994, 30-31 පි.

ක්‍රියා 16:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:24, 25
  • +මතෙ 10:18

ක්‍රියා 16:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1996, 28 පි.

ක්‍රියා 16:22

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 147 පි.

    මුරටැඹ,

    2/15/1999, 27 පි.

ක්‍රියා 16:23

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1999, 27-28 පි.

ක්‍රියා 16:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 147 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 4 පි.

    මුරටැඹ,

    2/15/1999, 27-28 පි.

ක්‍රියා 16:25

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:19; කොලො 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 147-148 පි.

    මුරටැඹ,

    8/1/2012, 29 පි.

    2/15/1999, 27-28 පි.

ක්‍රියා 16:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:18-20; 12:7

ක්‍රියා 16:27

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 12:18, 19

ක්‍රියා 16:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2002, 25-26 පි.

ක්‍රියා 16:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 147-148 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2018, 19-20 පි.

ක්‍රියා 16:31

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; 6:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 140 ලිපිය

ක්‍රියා 16:32

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 148 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2018, 10 පි.

ක්‍රියා 16:33

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 110 ලිපිය

    සාක්ෂියක් දෙමු, 148 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2018, 10 පි.

ක්‍රියා 16:37

පාදසටහන්

  • *

    හෝ, “නඩු විභාගයක් තියන්නෙවත් නැතුව.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:25; 23:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2015, 12 පි.

ක්‍රියා 16:38

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:27-29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 149 පි.

ක්‍රියා 16:40

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 150 පි.

    මුරටැඹ,

    9/15/1996, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 16:1ක්‍රියා 14:5-7; 2තිමෝ 3:11
ක්‍රියා 16:1ක්‍රියා 19:22; රෝම 16:21; 1කොරි 4:17; 1තෙස 3:2; 1තිමෝ 1:2
ක්‍රියා 16:31කොරි 9:20
ක්‍රියා 16:4ක්‍රියා 15:28, 29
ක්‍රියා 16:6ක්‍රියා 18:23
ක්‍රියා 16:71පේතෘ 1:1
ක්‍රියා 16:12ෆිලි 1:1
ක්‍රියා 16:14එළි 1:11
ක්‍රියා 16:15ක්‍රියා 16:33; 18:8
ක්‍රියා 16:16ලෙවී 19:31; 20:6
ක්‍රියා 16:17මාක් 1:23, 24; ලූක් 4:41
ක්‍රියා 16:18මතෙ 17:18; මාක් 1:25, 26, 34; ලූක් 9:1; 10:17
ක්‍රියා 16:19ක්‍රියා 19:24, 25
ක්‍රියා 16:19මතෙ 10:18
ක්‍රියා 16:20ක්‍රියා 17:6
ක්‍රියා 16:221තෙස 2:2
ක්‍රියා 16:23ලූක් 21:12
ක්‍රියා 16:25එෆී 5:19; කොලො 3:16
ක්‍රියා 16:26ක්‍රියා 5:18-20; 12:7
ක්‍රියා 16:27ක්‍රියා 12:18, 19
ක්‍රියා 16:31යොහ 3:16; 6:47
ක්‍රියා 16:33ක්‍රියා 8:12
ක්‍රියා 16:37ක්‍රියා 22:25; 23:27
ක්‍රියා 16:38ක්‍රියා 22:27-29
ක්‍රියා 16:402කොරි 1:3, 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 16:1-40

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

16 එතන ඉඳන් පාවුල් දර්බයටත් ලිස්ත්‍රාවටත්+ ගියා. එහේ තිමෝති+ කියලා ගෝලයෙක් හිටියා. යුදෙව් ස්ත්‍රියක් වුණ එයාගේ අම්මා යේසුස්ගේ අනුගාමිකයෙක්. ඒත් තිමෝතිගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක්. 2 ලිස්ත්‍රාවෙත් ඉකෝනියෙත් හිටපු සහෝදරයන් නිතරම තිමෝතිගේ හොඳ කතා වුණා. 3 පාවුල් සහෝදරයන්ට කිව්වා තිමෝතිවත් එයා යන ගමන්වලට එක්කගෙන යන්න එයා කැමතියි කියලා. ඉතින් එයා මුලින්ම කළේ තිමෝතිව චර්මච්ඡේදනය කරපු එකයි. මොකද ඒ පළාත්වල හිටපු යුදෙව්වරු හැමෝම වගේ දැනන් හිටියා+ තිමෝතිගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක් කියලා. 4 එයාලා නගරයෙන් නගරයට ගිහින් යෙරුසලමේ හිටපු නියෝජිතයන් සහ වැඩිමහල්ලන් තීරණය කරපු දේ ගැන ඒ නගරවල හිටපු සහෝදරයන්ව දැනුවත් කළා.+ 5 ප්‍රතිඵලයක් විදිහට සභාවල හිටපු හැමෝගෙම විශ්වාසය ශක්තිමත් වුණා. ඒ වගේම එයාලාගේ ගාණත් දවසෙන් දවස වැඩි වුණා.

6 ඊටපස්සේ එයාලා ෆ්‍රිජිය සහ ගලාතිය+ කියන ප්‍රදේශය මැදින් ගියා. මොකද ආසියා පළාතට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න එපා කියලා දෙවියන්ගේ බලයෙන් එයාලට මඟ පෙන්නලා තිබුණා. 7 ඊළඟට එයාලා ගියේ මිසියාවට. එතන ඉඳන් බිතිනියට+ යන්න හැදුවත් එහෙට යන්න එපා කියලා යේසුස් දෙවියන්ගේ බලයෙන් එයාලට මඟ පෙන්නුවා. 8 ඉතින් එයාලා මිසියාව පහු කරගෙන* ත්‍රෝවසට ගියා. 9 පාවුල් එදා රෑ දර්ශනයක් දැක්කා. එයා දැක්කා මැසිඩෝනියාවේ මිනිසෙක් “මැසිඩෝනියාවට ඇවිත් අපිට උදව් කරන්න” කියලා එයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා. 10 එයා ඒ දර්ශනය දැක්කාට පස්සේ අපි තේරුම්ගත්තා මැසිඩෝනියාවට ගිහින් ශුභාරංචිය කියන්න දෙවියන් අපිට මඟ පෙන්නනවා කියලා. ඉතින් අපි ඒ වෙලාවෙම මැසිඩෝනියාවට යන්න සැලසුම් කළා.

11 අපි නැවකට නැඟලා ත්‍රෝවසේ ඉඳන් කෙළින්ම සැමොත්‍රෙසයට ගියා. පහුවෙනිදා අපි ගියේ නෙයපොලිසයට. 12 ඊටපස්සේ අපි එතන ඉඳලා මැසිඩෝනියානු ප්‍රදේශයේ ප්‍රධාන නගරය වුණ ෆිලිප්පියට+ ගියා. ඒක රෝමයට අයිති* නගරයක්. අපි ඒ නගරයේ දවස් කීපයක්ම නැවතිලා හිටියා. 13 සබත් දවසේදී අපි නගරයේ දොරටුවෙන් පිට වෙලා ගඟක් ළඟට ගියා. අපි එහෙට ගියේ එහේ යාච්ඤා කරන්න තැනක් තියෙනවා කියලා හිතපු නිසයි. අපි එතන ඉඳගෙන එහෙට ඇවිත් හිටපු කාන්තාවන්ට කතා කරන්න පටන්ගත්තා. 14 අපිට ඇහුම්කන් දුන්න අය අතරේ දෙවියන්ට නමස්කාර කරපු, ලිදියා කියලා කාන්තාවක් හිටියා. තියතීරා+ නගරයෙන් ආපු එයා දම් පාට රෙදි විකුණපු කෙනෙක්. පාවුල් කියපු දේවල් හොඳින් හිතට අරන් ඒවා පිළිගන්න යෙහෝවා* එයාව පෙලඹුවා. 15 ඉතින් එයායි, එයාගේ ගෙදර හිටපු අයයි බව්තීස්ම වුණා.+ ඊටපස්සේ එයා අපෙන් මෙහෙම ඉල්ලුවා. “මම යෙහෝවාට* විශ්වාසවන්ත කෙනෙක් කියලා ඔයාලා හිතනවා නම් මගේ ගෙදරට ඇවිත් නතර වෙන්න.” එයා දිගින් දිගටම එන්න කියපු නිසා අපි එයාගේ ගෙදර නතර වෙන්න ගියා.

16 දවසක් අපි යාච්ඤා කරන තැනට යද්දී තරුණ සේවිකාවක් අපිට හම්බ වුණා. භූතයෙක් වැහිලා හිටපු නිසා එයාට පේන කියන්න පුළුවන්කම තිබුණා.+ ඉතින් එයා සාස්තර කියලා එයාගේ ස්වාමිවරුන්ට ලොකු මුදලක් හම්බ කරලා දුන්නා. 17 ඒ තරුණිය අපේ පස්සෙන්ම ඇවිත් කෑගගහා මෙහෙම කිව්වා. “මේ මිනිස්සු උසස්ම දෙවියන්ගේ+ සේවකයෝ. එයාලා ඔයාලට කියලා දෙන්නේ ගැලවීම ලබාගන්න විදිහ ගැනයි.” 18 එයා ඒ විදිහට දවස් ගාණක්ම කළා. අන්තිමට පාවුල්ට එපා වෙලා එයා දිහා බලලා භූතයාට මෙහෙම කිව්වා. “යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් මම අණ කරන්නේ, මේ තරුණියගෙන් එළියට එන්න කියලයි.” ඒ වෙලාවෙම ඒ භූතයා එයාගෙන් එළියට ආවා.+

19 එයාලාගේ ආදායම් මාර්ගය නැති වෙලා කියලා+ ඒ තරුණියගේ ස්වාමිවරු තේරුම්ගත්තාම එයාලා පාවුල්වයි, සීලස්වයි අල්ලගෙන වෙළඳපොළේ හිටිය පාලකයන් ළඟට ඇදගෙන ගියා.+ 20 එයාලා සිවිල් ආණ්ඩුකාරයන් ළඟට ඒ දෙන්නාව අරන් ගිහින් මෙහෙම කිව්වා. “මේ මිනිස්සු නිසා අපේ නගරේ ලොකු කලබලයක් ඇති වෙලා.+ මෙයාලා යුදෙව්වෝ. 21 රෝමවරු විදිහට අපිට පිළිගන්න බැරි, කරන්න තහනම් චාරිත්‍ර මෙයාලා අපිට උගන්නනවා.” 22 එතකොට එතන හිටපු සෙනඟ හුඟක් කේන්තියෙන් එයාලට බනින්න පටන්ගත්තා. ඒ දෙන්නාගේ ඇඳුම් ඉරලා දැම්මාට පස්සේ සිවිල් ආණ්ඩුකාරයෝ එයාලට කෝටුවලින් ගහන්න කියලා අණ කළා.+ 23 ඒ දෙන්නාට හොඳටම ගහලා එයාලා ඒ දෙන්නාව ඇදගෙන ගිහින් හිරේ දැම්මා. ඊටපස්සේ එයාලා හිරගෙදර භාරකරුට අණ කළා ඒ දෙන්නාව හොඳට මුර කරන්න කියලා.+ 24 භාරකරුට ඒ වගේ අණක් ලැබුණ නිසා එයා ඒ දෙන්නාව හිරේ ඇතුළෙම තිබුණ හිරකුටියකට අරන් ගිහින් එයාලාගේ කකුල් දඬුකඳේ ගැහුවා.

25 මධ්‍යම රාත්‍රියේදී වගේ පාවුල් සහ සීලස් යාච්ඤා කරකර දෙවියන්ට ප්‍රශංසා ගී ගයමින් හිටියා.+ ඒක අනිත් හිරකරුවොත් අහගෙනයි හිටියේ. 26 එකපාරටම ලොකු භූමිකම්පාවක් ඇති වුණා. ඒකට මුළු හිරගෙදරම දෙදරුම් කෑවා. ඒත් එක්කම හිරකුටිවල දොරවල් එකපාරටම ඇරිලා හිරකරුවන්ට දාලා තිබුණ විලංගුත් ගැලවිලා ගියා.+ 27 හිරගෙදර භාරකරු ඇහැරිලා බලද්දී එයා දැක්කා හිරගෙදර දොරවල් ඇරිලා තියෙනවා. එයා හිතුවේ හිරකරුවෝ ඔක්කොම පැනලා ගිහින් කියලා. ඉතින් එයා කඩුව ඇදලා අරන් එයාටම ඇනගන්න ලෑස්ති වුණා.+ 28 ඒත් පාවුල් කෑගහලා කිව්වා “ඕක නවත්තන්න! අපි හැමෝම මෙතන ඉන්නවා” කියලා. 29 ඒක ඇහුණාම එයා පහනක් ඉල්ලගෙන ඇතුළට දුවගෙන ගිහින් වෙවුල වෙවුල පාවුල් සහ සීලස් ඉස්සරහා දණින් වැටුණා. 30 එයා ඒ දෙන්නාව හිරගෙදරින් එළියට අරන් ඇවිත් “මහත්වරුනි, ගැලවීම ලබාගන්න මම මොනවාද කරන්න ඕනෙ” කියලා ඇහුවා. 31 එයාලා මෙහෙම කිව්වා. “ස්වාමීන් වන යේසුස්ව විශ්වාස කරන්න. එතකොට ඔයාටත් ඔයාගේ ගෙදර ඉන්න හැමෝටමත් ගැලවීම ලැබෙයි.”+ 32 ඊටපස්සේ ඒ දෙන්නා එයාටයි, එයාගේ ගෙදර ඉන්න හැමෝටමයි යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය කිව්වා. 33 හිරගෙදර භාරකරු එදා රෑම ඒ දෙන්නාව අරන් ගිහින් එයාලාගේ තුවාල වතුරෙන් හෝදලා පිරිසිදු කළා. ඊටපස්සේ පරක්කු කරන්නේ නැතුව එයායි, එයාගේ ගෙදර ඉන්න හැමෝමයි බව්තීස්ම වුණා.+ 34 එයා ඒ දෙන්නාව එයාගේ ගෙදරට එක්කගෙන ගිහින් එයාලා වෙනුවෙන් කෑමක් ලෑස්ති කළා. දෙවියන් ගැන විශ්වාසයක් ඇති වුණ නිසා එයාටයි, එයාගේ ගෙදර අයටයි දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්.

35 පහුවදා උදේ සිවිල් ආණ්ඩුකාරයෝ “ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න” කියලා ආරක්ෂක නිලධාරීන් අතේ පණිවිඩයක් යැව්වා. 36 හිරගෙදර භාරකරු ඒ පණිවිඩය පාවුල්ට දන්වලා මෙහෙම කිව්වා. “ඔයාලා දෙන්නාව නිදහස් කරන්න කියලා සිවිල් ආණ්ඩුකාරයන් පණිවිඩයක් එවලා තියෙනවා. ඉතින් එළියට ඇවිත් සමාදානයෙන් යන්න.” 37 ඒත් ඒ ආරක්ෂක නිලධාරීන්ට පාවුල් මෙහෙම කිව්වා. “අපි රෝම පුරවැසියෝ.+ ඒත් අපි වැරදිකරුවන් කියලා ඔප්පු කරන්නෙවත් නැතුව* හැමෝම ඉස්සරහා එයාලා අපිට ගහලා, හිරේට දැම්මා. දැන් එයාලා හදන්නේ හොරෙන්ම අපිව හිරෙන් එළියට දාන්නද? එහෙම කරන්න දෙන්න බැහැ. එයාලටම ඇවිත් අපිව නිදහස් කරන්න කියලා කියන්න.” 38 ආරක්ෂක නිලධාරීන් ඒ ගැන සිවිල් ආණ්ඩුකාරයන්ට දැන්නුවා. ඒ මිනිස්සු රෝම පුරවැසියන්+ කියලා දැනගත්තාම එයාලා හොඳටම බය වුණා. 39 ඉතින් ඒ ආණ්ඩුකාරයන් ඇවිත් එයාලාගෙන් සමාව ඉල්ලලා එයාලව එළියට එක්කගෙන ආවා. ඊටපස්සේ එයාලාගේ නගරයෙන් පිට වෙලා යන්න කියලා එයාලා ඒ දෙන්නාගෙන් ඉල්ලුවා. 40 ඒත් ඒ දෙන්නා හිරගෙදරින් එළියට ඇවිත් ගියේ ලිදියාගේ ගෙදරට. එහෙදී එයාලට සහෝදරයන්ව හම්බ වුණා. එයාලා ඒ අයව දිරිගැන්නුවාට පස්සේ+ නගරයෙන් පිට වෙලා ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න