ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩු කරයි (1-3)

      • මිදියන්වරුන්ගේ රජවරු පස්සේ එළවගෙන ගිහින් එයාලව මරයි (4-21)

      • ගිඩියොන් රජකම ප්‍රතික්ෂේප කරයි (22-27)

      • ගිඩියොන්ගේ ජීවිතේ විස්තර (28-35)

විනිශ්චයකරුවෝ 8:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:2
  • +විනි 12:1; 2ලේක 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 25 පි.

විනිශ්චයකරුවෝ 8:2

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:11, 34
  • +විනි 7:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2021, 16-17 පි.

    මුරටැඹ,

    8/15/2000, 25 පි.

විනිශ්චයකරුවෝ 8:3

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 25 පි.

විනිශ්චයකරුවෝ 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2004, 16 පි.

විනිශ්චයකරුවෝ 8:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:16

විනිශ්චයකරුවෝ 8:9

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:17

විනිශ්චයකරුවෝ 8:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:12

විනිශ්චයකරුවෝ 8:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:34, 35

විනිශ්චයකරුවෝ 8:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දුර්ගය නැත්නම් කපොල්ල.

විනිශ්චයකරුවෝ 8:15

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:5, 6

විනිශ්චයකරුවෝ 8:16

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:7

විනිශ්චයකරුවෝ 8:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:8, 9

විනිශ්චයකරුවෝ 8:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 83:11

විනිශ්චයකරුවෝ 8:22

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:14

විනිශ්චයකරුවෝ 8:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:18; 1සාමු 10:19; යෙසා 33:22; 43:15

විනිශ්චයකරුවෝ 8:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 16:11; 25:13; 28:9; 37:28

විනිශ්චයකරුවෝ 8:26

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +විනි 8:21

විනිශ්චයකරුවෝ 8:27

පාදසටහන්

  • *

    ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:6; විනි 17:5
  • +විනි 6:11
  • +විනි 2:17
  • +ගීතා 106:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2005, 16 පි.

විනිශ්චයකරුවෝ 8:28

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:1
  • +විනි 3:11; 5:31

විනිශ්චයකරුවෝ 8:29

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:32; 1සාමු 12:11

විනිශ්චයකරුවෝ 8:31

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:1, 2; 2සාමු 11:21

විනිශ්චයකරුවෝ 8:32

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:11, 24

විනිශ්චයකරුවෝ 8:33

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:17, 19; 10:6
  • +විනි 9:4

විනිශ්චයකරුවෝ 8:34

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 106:43
  • +විනි 3:7

විනිශ්චයකරුවෝ 8:35

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේකින්.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 9:16-18

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 8:1විනි 7:2
විනි. 8:1විනි 12:1; 2ලේක 25:10
විනි. 8:2විනි 6:11, 34
විනි. 8:2විනි 7:24
විනි. 8:3විනි 7:24, 25
විනි. 8:7විනි 8:16
විනි. 8:9විනි 8:17
විනි. 8:10විනි 7:12
විනි. 8:11ගණන් 32:34, 35
විනි. 8:15විනි 8:5, 6
විනි. 8:16විනි 8:7
විනි. 8:17විනි 8:8, 9
විනි. 8:21ගීතා 83:11
විනි. 8:22විනි 6:14
විනි. 8:23නික් 15:18; 1සාමු 10:19; යෙසා 33:22; 43:15
විනි. 8:24උත් 16:11; 25:13; 28:9; 37:28
විනි. 8:26විනි 8:21
විනි. 8:27නික් 28:6; විනි 17:5
විනි. 8:27විනි 6:11
විනි. 8:27විනි 2:17
විනි. 8:27ගීතා 106:36
විනි. 8:28විනි 6:1
විනි. 8:28විනි 3:11; 5:31
විනි. 8:29විනි 6:32; 1සාමු 12:11
විනි. 8:31විනි 9:1, 2; 2සාමු 11:21
විනි. 8:32විනි 6:11, 24
විනි. 8:33විනි 2:17, 19; 10:6
විනි. 8:33විනි 9:4
විනි. 8:34ගීතා 106:43
විනි. 8:34විනි 3:7
විනි. 8:35විනි 9:16-18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 8:1-35

විනිශ්චයකරුවෝ

8 ඊටපස්සේ එෆ්‍රායිම් ගෝත්‍රයේ මිනිස්සු ගිඩියොන්ට මෙහෙම කිව්වා. “මොකද්ද මේ කළේ? මිදියන්වරු එක්ක සටන් කරන්න යද්දී ඇයි ඔයා අපිට කතා කළේ නැත්තේ?”+ එහෙම කියලා එයාලා ගිඩියොන් එක්ක හොඳටම රණ්ඩු කරන්න පටන්ගත්තා.+ 2 ඒත් ගිඩියොන් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කරලා තියෙන දේවල් එක්ක බලද්දී මං මොනවාද කරලා තියෙන්නේ? අබිඑෂෙර්ගෙන් පැවතෙන අය+ නෙළාගත්ත මුළු පලදාවට වඩා එෆ්‍රායිම් ගෝත්‍රයේ අය+ අහුලගත්ත මිදි ටික කොච්චර වටිනවාද! 3 මිදියන්වරුන්ගේ අධිපතීන් දෙන්නාව, ඔරෙබ්වයි, ෂීබ්වයි+ දෙවියන් අහු කරලා දුන්නේ ඔයාලාගේ අතටයි. ඉතින් ඒකත් එක්ක බලද්දී මං මොනවාද කරලා තියෙන්නේ?” එයා එහෙම කිව්වාට පස්සේ එයාලාගේ කේන්තිය නිවිලා ගියා.

4 ඊටපස්සේ ගිඩියොන් සහ එයා එක්ක හිටපු 300දෙනා යොර්දාන් ගඟ ළඟට ඇවිල්ලා ඒකෙන් එගොඩ වුණා. එයාලා හොඳටම මහන්සි වෙලා හිටියත් දිගටම සතුරන් පස්සේ එළවගෙන ගියා. 5 එයාලා සුක්කොත්වලට ආවාම එහේ හිටපු මිනිස්සුන්ට ගිඩියොන් මෙහෙම කිව්වා. “අපි මේ මිදියන්වරුන්ගේ රජවරුන් දෙන්නා, සෙබාහ් සහ ෂල්මුන්නා පස්සේ එළවගෙන යන ගමන්. මාත් එක්ක ඉන්න මිනිස්සුන්ට දැන් හොඳටම මහන්සියි. අනේ, අපිට රොටි ටිකක් දෙන්න පුළුවන්ද?” 6 ඒත් සුක්කොත්වල හිටපු අධිපතීන් මෙහෙම කිව්වා. “අපි මොකටද ඔයාගේ හමුදාවට කන්න දෙන්නේ? සෙබාහ්වයි, ෂල්මුන්නාවයි අල්ලගත්තා වගෙයිනේ ඔයා කතා කරන්නේ.” 7 එතකොට ගිඩියොන් මෙහෙම කිව්වා. “හරි එහෙනං දැන් ඔයාලා එහෙමනේ කියන්නේ. සෙබාහ්වයි, ෂල්මුන්නාවයි යෙහෝවා මගේ අතට අල්ලලා දුන්නාම වෙන දේ අපි බලාගමුකෝ. මං ඇවිත් කැලේ තියෙන කටු අතු අරන් ඔයාලට හොඳටම ගහනවා.”+ 8 එයා එතනින් පිටත් වෙලා පෙනුයෙල්වලට ගියා. එහේ හිටපු අයගෙනුත් කෑම දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට එයාලා කිව්වෙත් සුක්කොත්වල මිනිස්සු කිව්ව දේමයි. 9 එයා පෙනුයෙල්වල මිනිස්සුන්ට මෙහෙම කිව්වා. “මං දිනලා ආපහු ආවාම මේ කොත කඩලා දානවා.”+

10 ඒ වෙද්දී සෙබාහ් සහ ෂල්මුන්නා 15,000ක් විතර වුණ එයාලාගේ හමුදාවත් එක්ක හිටියේ කර්කොර්වල. නැඟෙනහිර ප්‍රදේශවලින් යුද්දෙට ආපු පුරුෂයන්ගෙන් ඉතුරු වුණේ ඒ අය විතරයි.+ කඩු අරගෙන ආපු එයාලාගේ හමුදාවෙන් එක්ලක්ෂ විසිදාහක් මැරිලා තිබුණා. 11 නෝබා සහ යොග්බෙහාවලට+ නැඟෙනහිරෙන් තියෙන, කූඩාරම්වල ජීවත් වුණ මිනිස්සු යන එන පාරෙන් ගිය ගිඩියොන් සතුරු කඳවුරට ඇවිල්ලා ඒකට පහර දුන්නා. ඒ වෙලාවේ කඳවුරේ අය හිටියේ සටන් කරන්න ලෑස්ති පිට නෙමෙයි. 12 මිදියන්වරුන්ගේ රජවරුන් වුණ සෙබාහ් සහ ෂල්මුන්නා එතනින් පැනලා යද්දී ගිඩියොන් ඒ දෙන්නා පස්සේ එළවගෙන ගිහින් එයාලව අල්ලගත්තා. ඒක ආරංචි වුණාම කඳවුරේ හිටිය හැමෝම බය වෙලා හොඳටම කලබල වුණා.

13 යුද්දෙන් දිනලා ආපහු එද්දී යෝවාෂ්ගේ පුතා වුණ ගිඩියොන් හෙරෙස්වලට යන පටු පාර* දිගේ ගමන් කළා. 14 එහෙම යද්දී එයා සුක්කොත්වල ජීවත් වුණ තරුණයෙක්ව අල්ලගෙන එයාගෙන් ප්‍රශ්න කරලා තොරතුරු ලබාගත්තා. ඒ තරුණයා සුක්කොත්වල හිටපු අධිපතීන් සහ වැඩිමහල්ලන් 77දෙනාගේ නම් ගිඩියොන්ට ලියලා දුන්නා. 15 ඊටපස්සේ ගිඩියොන් සුක්කොත්වල මිනිස්සු ළඟට ගිහින් මෙහෙම කිව්වා. “පේනවාද මේ කවුද කියලා? මං සෙබාහ්වයි, ෂල්මුන්නාවයි අල්ලගෙන ආවා. ‘අපි මොකටද හෙම්බත් වෙලා ඉන්න ඔයාගේ මිනිස්සුන්ට කන්න දෙන්නේ?+ සෙබාහ්වයි, ෂල්මුන්නාවයි අල්ලගත්තා වගෙයිනේ ඔයා කතා කරන්නේ’ කියලා අපිට නින්දා කළා මතකද?” 16 ඊටපස්සේ එයා කැලෙන් කටු අතු කඩාගෙන ඇවිත් නගරයේ හිටපු අධිපතීන්වයි, වැඩිමහල්ලන්වයි අල්ලගෙන ඒවාවලින් එයාලට ගැහුවා. ඒ විදිහට එයා එයාලට හොඳ පාඩමක් ඉගැන්නුවා.+ 17 ඊටපස්සේ ගිඩියොන් පෙනුයෙල්වලට+ ගිහිල්ලා එහේ තිබුණ කොත බිමටම සමතලා කරලා දැම්මා. නගරයේ හිටපු පුරුෂයන්වත් මරලා දැම්මා.

18 ගිඩියොන් සෙබාහ් සහ ෂල්මුන්නාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා තාබෝර් කන්දේදී මරපු අය මොන වගේද කියලා මතකද?” එතකොට ඒ දෙන්නා මෙහෙම කිව්වා. “එයාලා ඔයා වගේ. එයාලා හරියට රජ කෙනෙක්ගේ පුතාලා වගේ.” 19 එතකොට ගිඩියොන් මෙහෙම කිව්වා. “එයාලා මගේම සහෝදරයෝ. ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා මං කියනවා ඔයාලා මගේ සහෝදරයන්ව මරලා දැම්මේ නැත්නම් මං ඔයාලව මරන්නෙත් නැහැ කියලා.” 20 ඊටපස්සේ ගිඩියොන් එයාගේ කුලුඳුල් පුතා වුණ යෙතෙර්ට මෙහෙම කිව්වා. “දැන් මේ දෙන්නාව මරලා දාන්න.” ඒත් යෙතෙර් ඒ දෙන්නාව මරන්න කඩුව එළියට ගත්තේ නැහැ. මොකද තරුණ වයසේ හිටපු නිසා ඒක කරන්න එයා බය වුණා. 21 සෙබාහ් සහ ෂල්මුන්නා ගිඩියොන්ට මෙහෙම කිව්වා. “නියම පිරිමියෙක් නම් ඔයාම ඇවිත් අපිව මරන්න.” ඉතින් ගිඩියොන් සෙබාහ්වයි, ෂල්මුන්නාවයි මරලා දැම්මා.+ එයාලාගේ ඔටුවන්ගේ බෙල්ලේ දාලා තිබුණ අඩහඳක හැඩේ ආභරණත් එයා ගලවගත්තා.

22 කාලයක් ගියාට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ ගිඩියොන්ට මෙහෙම කිව්වා. “මිදියන්වරුන්ගෙන් අපිව ගලවගත්තේ ඔයායි.+ ඒ හින්දා අපි කැමතියි ඔයායි, ඔයාට පස්සේ ඔයාගේ පුතායි, එයාගෙන් පස්සේ ඔයාගේ මුනුපුරායි අපිව පාලනය කරනවාට.” 23 ඒත් ගිඩියොන් එයාලට මෙහෙම කිව්වා. “මමවත් මගේ පුතාවත් ඔයාලව පාලනය කරන්නේ නැහැ. ඔයාලාගේ පාලකයා යෙහෝවා.”+ 24 ගිඩියොන් එයාලට මෙහෙමත් කිව්වා. “මං ඔයාලාගෙන් එක ඉල්ලීමක් කරනවා. ඔයාලා හැමෝම කොල්ලයෙන් ගත්ත නහයට දාන මුද්ද ගාණේ මට දෙන්න.” (මොකද එයාලා පරාජය කරපු අය ඉෂ්මායෙල්වරුන්+ වුණ නිසා එයාලා ළඟ ඒ මුදු තිබුණා.) 25 එතකොට එයාලා මෙහෙම කිව්වා. “අපි ඒවා දෙන්නම්.” ඊටපස්සේ එයාලා ඇඳුමක් බිමට දාලා ඒකට මුද්ද ගාණේ දැම්මා. 26 ගිඩියොන්ගේ ඉල්ලීමට අනුව එකතු කරගත්ත රත්තරන් මුදුවල බර රන් ෂෙකෙල්* 1,700ක් වුණා. එකතු කරගත්ත දේවල් අතර අඩහඳක හැඩේ ආභරණ, කරාබු, මිදියන්වරුන්ගේ රජවරුන් ඇන්ද දම් පාට ලොම් ඇඳුම් සහ ඔටුවන්ගේ බෙල්ලට දාපු ආභරණත් තිබුණා.+

27 ගිඩියොන් ඒ රත්තරන්වලින් ඒෆොද් ඇඳුමක්+ හදලා එයා හිටපු නගරය වන ඔෆ්රාවල+ ඒක ප්‍රදර්ශනය කළා. ඊටපස්සේ මුළු ඊශ්‍රායෙල් සෙනඟම එතන තිබුණ ඒ ඇඳුමට නමස්කාර කරලා දෙවියන්ට ද්‍රෝහි වුණා.*+ ඒ ඇඳුම හදපු හින්දා ගිඩියොන්ටයි, එයාගේ පවුලේ අයටයි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.+

28 ඒ විදිහට ඊශ්‍රායෙල්වරු මිදියන්වරුන්ව+ පරාජය කළා. එයාලා ආයෙත් කිසිම දවසක ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව ආවේ නැහැ. ගිඩියොන්ගේ කාලේ අවුරුදු 40ක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා.+

29 යෝවාෂ්ගේ පුතා වුණ යෙරුබ්බාල්+ එයාගේ ගෙදර ගිහින් ජීවත් වුණා.

30 ගිඩියොන්ට භාර්යාවන් ගොඩක් හිටිය නිසා එයාට පුතාලා 70ක් හිටියා. 31 ෂීකෙම්වල හිටපු එයාගේ උපභාර්යාවගෙනුත් එයාට පුතෙක් හම්බ වුණා. ගිඩියොන් එයාට අබිමෙලෙක්+ කියන නම තිබ්බා. 32 යෝවාෂ්ගේ පුතා වුණ ගිඩියොන් හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී මැරුණා. අබිඑෂෙර්ගෙන්+ පැවතෙන අය හිටපු ඔෆ්රාවල එයාගේ තාත්තාට අයිති සොහොනේ එයාව තැන්පත් කළා.

33 ගිඩියොන් මැරිලා වැඩි දවසක් යන්න කලින් ඊශ්‍රායෙල්වරු ආයෙත් දෙවියන්ට ද්‍රෝහි වෙලා බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.+ එයාලාගේ දෙවියන් හැටියට එයාලා තෝරගත්තේ බාල්බේරිත්වයි.+ 34 ඊශ්‍රායෙල්වරු එයාලා අවට හිටපු හැම සතුරෙක්ගෙන්ම එයාලව බේරගත්ත+ එයාලාගේ දෙවි වන යෙහෝවාව අමතක කරලා දැම්මා.+ 35 යෙරුබ්බාල් ඒ කියන්නේ ගිඩියොන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් කරපු හැම හොඳ දෙයක්මත් එයාලා අමතක කළා. ගිඩියොන්ගේ පවුලේ අයට ඊශ්‍රායෙල්වරු කරුණාවන්තව* සැලකුවේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න