ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • අපවිත්‍ර දේවලින් අයින් වෙන්න (1)

      • කොරින්තියේ අය ගැන පාවුල් සතුටු වෙයි (2-4)

      • තීතස් හොඳ පණිවිඩයක් අරන් එයි (5-7)

      • දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙයි, පසුතැවෙයි (8-16)

2 කොරින්ති 7:1

පාදසටහන්

  • *

    හෝ, “මනසත්.” ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:16
  • +රෝම 12:1; 1තිමෝ 1:5; 3:9; 1යොහ 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

    පිබිදෙව්!,

    අංක 3 2019 4-5 පි.

    9/8/1994, 6 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 107-108 පි.

    මුරටැඹ,

    11/1/2006, 26 පි.

    8/1/1997, 5-7 පි.

    පවුලේ සන්තෝෂය, 45-48 පි.

2 කොරින්ති 7:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10; 2කොරි 6:12, 13
  • +ක්‍රියා 20:33, 34; 2කොරි 12:17

2 කොරින්ති 7:4

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:17; ෆිලෙ 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 15 පි.

2 කොරින්ති 7:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2014, 23 පි.

    11/15/1998, 30 පි.

    11/1/1996, 11-12 පි.

2 කොරින්ති 7:6

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

    11/1/1996, 11-12 පි.

2 කොරින්ති 7:7

පාදසටහන්

  • *

    හෝ, “සැලකිලිමත්ද.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 7:8

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 2:4

2 කොරින්ති 7:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 32:5; 1යොහ 1:9

2 කොරින්ති 7:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/1997, 14 පි.

2 කොරින්ති 7:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 5:5

2 කොරින්ති 7:15

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 2:9; හෙබ්‍රෙ 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 7:16

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔයාලා නිසා මට ලොකු දිරිගැන්වීමක් ලැබෙයි කියලා හිතලා මං සතුටු වෙනවා.”

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 7:12කොරි 6:16
2 කොරි. 7:1රෝම 12:1; 1තිමෝ 1:5; 3:9; 1යොහ 3:3
2 කොරි. 7:2රෝම 12:10; 2කොරි 6:12, 13
2 කොරි. 7:2ක්‍රියා 20:33, 34; 2කොරි 12:17
2 කොරි. 7:4ෆිලි 2:17; ෆිලෙ 7
2 කොරි. 7:5ක්‍රියා 20:1
2 කොරි. 7:62කොරි 1:3, 4
2 කොරි. 7:82කොරි 2:4
2 කොරි. 7:10ගීතා 32:5; 1යොහ 1:9
2 කොරි. 7:11මතෙ 3:8
2 කොරි. 7:121කොරි 5:5
2 කොරි. 7:152කොරි 2:9; හෙබ්‍රෙ 13:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 7:1-16

දෙවෙනි කොරින්ති

7 ආදරණීය සහෝදරයෙනි, ඒ පොරොන්දු අපිට දීලා තියෙන නිසා+ අපේ ශරීරයත් අපේ සිතුවිලිත්* අපවිත්‍ර කරන හැම දෙයක්ම අයින් කරලා අපිව පවිත්‍ර කරගමු.+ එතකොට දෙවියන්ට ගරුබිය පෙන්නන ගමන් අපේ ශුද්ධකම කිසිම අඩුවක් නැති තත්වයකට ගේන්න අපිට පුළුවන්.

2 අපිට ඔයාලාගේ හදවත්වල ඉඩක් දෙන්න.+ අපි ඔයාලාගෙන් කාටවත් වරදක් කරලවත් හානියක් කරලවත් නැහැ. කාගෙන්වත් වාසි ප්‍රයෝජන අරගෙනත් නැහැ.+ 3 මං එහෙම කියන්නේ ඔයාලට දොස් කියන අදහසින් නෙමෙයි. මොකද මං කලින් කිව්වා වගේ අපි මැරුණත් ජීවත් වුණත් ඔයාලා අපේ හදවතේ ඉන්නවා. 4 මට කිසිම බයක් සැකක් නැතුව නිදහසේ ඔයාලා එක්ක කතා කරන්න පුළුවන්. මට ඔයාලා ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. මට හරිම සහනයක් දැනෙනවා. අපි කොච්චර හිරිහැරවලට මූණ දුන්නත් මගේ හිත සතුටින් පිරිලා.+

5 ඇත්තටම අපි මැසිඩෝනියාවට ආවාම+ අපිට කිසිම සහනයක් ලැබුණේ නැහැ. හැම පැත්තෙන්ම ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න අපිට සිද්ධ වුණා. මිනිස්සුන්ගෙන් දරුණු විරුද්ධවාදිකම් ආවා. ඒ වගේම අපේ හිතට ලොකු කනස්සල්ලකුත් දැනුණා. 6 ඒත් අපිව බලන්න ආපු තීතස් මාර්ගයෙන් මානසිකව වැටිලා ඉන්න අයව සනසන දෙවියන්+ අපිව සැනසුවා. 7 අපිට සහනයක් දැනුණේ එයා ආපු නිසාම විතරක් නෙමෙයි. එයා ආවේ ඔයාලා නිසා ගොඩක් දිරිගැන්විලයි. ඒකෙනුත් අපි ලොකු සහනයක් අද්දැක්කා. ඔයාලා මාව දකින්න කොච්චර ආසාවකින්ද ඉන්නේ කියලත් ඔයාලා දුක් වෙන විදිහ ගැනත් ඔයාලා මං ගැන කොච්චර හිතනවාද* කියලත් එයා අපිට කිව්වා. ඒ ගැන ඇහුවාම මට දැනුණ සතුට තවත් වැඩි වුණා.

8 මං එවපු ලියුම නිසා ඔයාලාගේ හිත්වලට දුකක් දැනුණත්+ ඒක එවපු එක ගැන මං කනගාටු වෙන්නේ නැහැ. මුලින් මට ඒ ගැන කනගාටුවක් දැනුණා. (මොකද ඒ ලියුම නිසා ඔයාලට වේදනාවක් ඇති වුණා කියලා මං දන්නවා. හැබැයි ඒ දුක තිබුණේ ටික දවසකට.) 9 ඒත් දැන් මං ඒ ගැන සතුටු වෙනවා. මොකද ඔයාලා නිකම්ම දුක් වෙලා නතර වුණේ නැහැ. ඒ වෙනුවට පසුතැවිලි වෙන්න ඒ දුක ඔයාලව පෙලඹුවා. ඔයාලා දුක් වුණේ දෙවියන් බලාපොරොත්තු වුණ විදිහටයි. ඒ නිසයි අපි කියපු දේවල්වලින් ඔයාලට හොඳක් මිසක් නරකක් වුණේ නැත්තේ. 10 මොකද කෙනෙක් දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙද්දී පසුතැවිලි වෙන්න ඒක එයාව පොලඹවනවා. පසුතැවිලි වෙද්දී ඒක ගැලවීමට මඟ පාදනවා. ඉතින් ඒ විදිහට දුක් වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි.+ ඒත් මේ ලෝකේ මිනිස්සු දුක් වෙන විදිහට දුක් වුණොත් අන්තිමේදී ලැබෙන්නේ මරණය විතරයි. 11 ඔයාලා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වුණ නිසා ඔයාලා හරි දේ කරන්න ඔයාලාගේ පැත්තෙන් කොච්චර ලොකු උත්සාහයක් දැරුවාද! ඔයාලාගේ නමට ඇති වුණ කැළල අයින් කරගන්න ඔයාලා පියවර ගත්තා. ඔයාලා වරද පිළිකුල් කළා. දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති කරගත්තා. පසුතැවිලි වෙන්න ඔයාලට ලොකු වුවමනාවක් තිබුණා. වරද හදාගන්න ඔයාලා මුළු හදවතින්ම උත්සාහ කළා.+ ඒ කාරණය විසඳන්න කරන්න ඕනෙ හැම දෙයක්ම ඔයාලා හරි විදිහට කළා. 12 මං ඔයාලට ලියුම එව්වේ වරද කරපු කෙනා+ ගැනවත් වරද නිසා ප්‍රශ්නවලට මූණ දුන්න කෙනා ගැනවත් හිතලා නෙමෙයි. ඒ වෙනුවට මං ඒක එව්වේ අපි කියපු දේවල්වලට ඇහුම්කන් දෙන්න ඔයාලට ඇත්තටම ආසාවක් තියෙනවාද කියලා දෙවියන් ඉස්සරහා ඔයාලා පෙන්නයිද කියලා බලන්නයි. 13 අපි ලොකු සැනසිල්ලක් අද්දකින්නේ ඒ නිසයි.

තීතස් සතුටින් ඉන්නවා දැකලා අපිට දැනුණ සතුට තවත් වැඩි වුණා. මොකද ඔයාලා හැමෝම නිසා එයා හිටියේ ගොඩක් දිරිගැන්විලා. 14 මං එයාත් එක්ක ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවල් බොරුවක් වුණේ නැහැ. ඉතින් ඔයාලා නිසා මට ලැජ්ජා වෙන්න සිද්ධ වුණේ නැහැ. අපි ඔයාලට කියපු හැම දෙයක්ම ඇත්ත. ඒ වගේම අපි තීතස්ට ඔයාලා ගැන ආඩම්බරයෙන් කියපු දේවලුත් ඇත්ත කියලා ඔප්පු වුණා. 15 ඔයාලා හැමෝම පෙන්නපු කීකරුකමයි,+ ලොකු ගෞරවයකින් ඔයාලා එයාව පිළිගත්ත විදිහයි මතක් වෙද්දී එයාගේ හිතේ ඔයාලා ගැන තියෙන ආදරේ, සෙනෙහස තවත් වැඩි වෙනවා. 16 ඔයාලා හැම දෙයක්ම හරිම විදිහට කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.* ඒ නිසයි මං මේ තරම් සතුටකින් ඉන්නේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න