ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bi12 2051-2052 පි.
  • 2 “ගෙහෙන්නාව” යනු කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2 “ගෙහෙන්නාව” යනු කුමක්ද?
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 “ගෙහෙන්නාව” යනු කුමක්ද?

2 “ගෙහෙන්නාව” යනු කුමක්ද?

“ගෙහෙන්නා” යන වචනය ග්‍රීක වචනයකි. එය සෑදී තිබෙන්නේ ගෙහින්නොම් යන හෙබ්‍රෙව් වචනයෙනි. එහි තේරුම වන්නේ “හින්නොම් නිම්නය” යන්නයි. “හින්නොම් නිම්නය” ගැන යොෂු 18:16හි සඳහන් වෙයි. ග්‍රීක සෙප්ටුඅජින්ට් පරිවර්තනයේ ඒ සඳහා භාවිත කර තිබෙන්නේ “ගෙහෙන්නා” යන වචනයයි. එම වචනය ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙහි 12 වාරයක් සඳහන් වේ. එම අවස්ථා මතු දැක්වේ. මතෙ 5:22, 29, 30; 10:28; 18:9; 23:15, 33; මාක් 9:43, 45, 47; ලූක් 12:5; යාකො 3:6.

අතීතයේ හින්නොම් නිම්නය භාවිත කළේ යෙරුසලමේ ඇති සියලු කැළි කසළ පුලුස්සා දමන ස්ථානයක් ලෙසය. එම ස්ථානයේ ගින්නක් තිබුණු අතර එම ගින්න දිගටම ඇවිළීම සඳහා ඊට ගෙන්දගම් එකතු කරන ලදි. සතුන්ගේ මළ සිරුරු මෙන්ම සොහොන් ගෙයක තැන්පත් කිරීමට තරම්වත් නොවටිනා අය ලෙස සැලකූ, මරා දමන ලද අපරාධකාරයන්ගේ මළ සිරුරුද එයට දමන ලදි. එම මළ සිරුරු ගින්නට වැටුණොත් ඒවා සම්පූර්ණයෙන්ම පිලිස්සී යයි. ඒවා ගින්නට නොවැටී යම් වළක හෝ බෑවුමක රැඳුණොත් ඒ මළකුණු පණුවන් විසින් සම්පූර්ණයෙන්ම කා දමනු ලබයි. ඉතිරි වන්නේ ඇටසැකිලි පමණි.

මිය ගිය මිනිසුන්ට ගින්න හා නොමියෙන පණුවන් යොදාගෙන සදහටම වධ දීම සංකේතවත් කිරීමට ගෙහෙන්නාව යන වචනය යොදාගත නොහැක. මන්ද කිසිම සතෙකුව හෝ මිනිසෙකුව හෝ වධ දීමේ අරමුණින් පණ පිටින් ගෙහෙන්නාවට දැමුවේ නැත. එහි දමනු ලැබුවේ සොහොන් ගෙයක තැන්පත් කිරීමට තරම්වත් නොවටිනා අය ලෙස සැලකූ අපරාධකාරයන්ගේ සිරුරු පමණි. මිය ගිය කෙනෙකු සොහොන් ගෙයක තැන්පත් කිරීම ඔහුට නැවත නැඟිටීමක් ලැබෙන බවට සංකේතයකි. එහෙයින් යේසුස් ගෙහෙන්නාව භාවිත කළේ කෙනෙකුට සදාකාල විනාශයක් ලැබෙන බව පෙන්වීමටය. එවැනි කෙනෙකුව දෙවි සෑදූ මුළු මහත් විශ්වයෙන්ම සදහටම තුරන් කරනු ලැබේ. එය “දෙවෙනි මරණය” ලෙසද හැඳින්වේ. එය සදාකාලික දඬුවමකි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න