ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bi12 2053-2054 පි.
  • 4 මුදල් සහ මිනුම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4 මුදල් සහ මිනුම්
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • උපමාතෘකා
  • හෙබ්‍රෙව් ලියවිල්ලෙහි සඳහන් මුදල් සහ මිනුම්
  • ග්‍රීක ලියවිල්ලෙහි සඳහන් ග්‍රීක හා රෝමානු මුදල්
  • දියර මැනීම
  • බර මැනීම
  • දිග පළල මැනීම
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
4 මුදල් සහ මිනුම්

4 මුදල් සහ මිනුම්

මතු දැක්වෙන තොරතුරුවලට පදනමක් ලෙස බයිබලයේ තිබෙන සාක්ෂි සහ පුරාවිද්‍යාවෙන් සොයාගත් දේ භාවිත කර ඇත. මෙහි දක්වා තිබෙන අගයන් ආසන්න වශයෙන් ගණනය කළ ඒවා වේ.

වර්තමානයේ රන්වල හෝ රිදීවල අගය ගණනය කිරීමට ග්‍රෑම් එකක හෝ අවුන්සයක වටිනාකම කුමක්ද කියා සොයා එය නියමිත ග්‍රෑම් හා අවුන්ස ගණනින් වැඩි කරන්න.

“සැතපුම.” ග්‍රීක බසින්, මිලියොන්. (මතෙ 5:41) මෙය රෝම සැතපුම විය හැක (සැතපුමක් රෝම අඩි 5,000යි; මීටර් 1,479.5යි; ඉංග්‍රීසි අඩි 4,854යි). ලූක් 24:13හි, යොහ 6:19හි සහ යොහ 11:18හි ග්‍රීක පිටපත්වල “ස්ටේඩියම්” යන මිනුම භාවිත කර ඇත (රෝම ස්ටේඩියා එකක් රෝම සැතපුමකින් 1/8ක් හෝ රෝම අඩි 625ක්, මීටර් 185ක් හෝ ඉංග්‍රීසි අඩි 606.75ක් වේ.) මෙම පරිවර්තනයේ ස්ටේඩියා වෙනුවට අඩි 5,280ක් දිග සැතපුම් හා කිලෝමීටර් භාවිත කර ඇත. නිදසුනකට ලූක් 24:13හි, “ස්ටේඩියා හැටක්” “සැතපුම් හතක් පමණ” දුරක් ලෙස දක්වා ඇත (එනම් කිලෝමීටර් 11ක් හෝ රෝම සැතපුම් 7.5 පමණි).

හෙබ්‍රෙව් ලියවිල්ලෙහි සඳහන් මුදල් සහ මිනුම්

ගේරා 1ක්

= ෂෙකෙල් 1/20

= ග්‍රෑ. 0.57

= ට්‍රෝයි අවු. 0.01835

බෙකා 1ක් (ෂෙකෙල් භාගය)

= ගේරා 10

= ග්‍රෑ. 5.7

= ට්‍රෝයි අවු. 0.1835

ෂෙකෙල් 1ක්

= බෙකා 2

= ග්‍රෑ. 11.4

= ට්‍රෝයි අවු. 0.367

මීනා (මෙනා) 1ක්

= ෂෙකෙල් 50

= ග්‍රෑ. 570

= ට්‍රෝයි අවු. 18.35

තලෙන්ත 1ක්

= මීනා 60

= කිලෝ. 34.2

= ට්‍රෝයි අවු. 1101

දරික් 1ක් (පර්සියානු රන් මිනුමක්)

—

= ග්‍රෑ. 8.4

= ට්‍රෝයි අවු. 0.27

දරික් 1ක් (පර්සියානු රිදී මිනුමක්) (ෂෙකෙල් ලෙසද හැඳින්වේ)

—

= ග්‍රෑ. 5.60

= ට්‍රෝයි අවු. 0.18

ග්‍රීක ලියවිල්ලෙහි සඳහන් ග්‍රීක හා රෝමානු මුදල්

ලෙප්ටන් 1ක් (තඹ හෝ ලෝකඩ යුදෙව් කාසියක්)

= ක්වොඩ්‍රන් 1/2

—

—

ක්වොඩ්‍රන් 1ක් (තඹ හෝ ලෝකඩ රෝම කාසියක්)

= ලෙප්ටන් 2

—

—

1 අසේරියන් (රෝමයේ හා ඊට අයත් පළාත්වල තඹ හෝ ලෝකඩ කාසියක්)

= ක්වොඩ්‍රන් 4

—

—

ඩිනාරි 1ක් (රෝමානු රිදී කාසියක්)

= අසේරියන් 16

= ග්‍රෑ. 3.85

= ට්‍රෝයි අවු. 0.124

ඩ්‍රැක්මා1ක් (ග්‍රීක රිදී කාසියක්)

—

= ග්‍රෑ. 3.40

= ට්‍රෝයි අවු. 0.109

ඩිඩ්‍රැක්මා 1ක් (ග්‍රීක රිදී කාසියක්)

= ඩ්‍රැක්මා 2

= ග්‍රෑ.6.80

= ට්‍රෝයි අවු. 0.218

ටෙට්‍රාඩ්‍රැක්මා 1ක් (රිදී ස්ටේටර් කාසියක්)

= ඩ්‍රැක්මා 4

= ග්‍රෑ. 13.6

= ට්‍රෝයි අවු. 0.436

මීනා 1ක්

= ඩ්‍රැක්මා 100

= ග්‍රෑ. 340

= ට්‍රෝයි අවු. 10.9

තලෙන්ත 1ක් (රන් හෝ රිදී)

= මීනා 60

= කිලෝ. 20.4

= ට්‍රෝයි අවු. 654

දියර මැනීම

ලොග් 1ක්

= කැබ් 1/4

= ලීටර් 0.31

= පයින්ට් 0.66 (එ.ජ.)

කැබ් 1ක්

= ලොග් 4

= ලීටර් 1.22

= පයින්ට් 2.58 (එ.ජ.)

හින 1ක්

= කැබ් 3

= ලීටර් 3.67

= පයින්ට් 7.75 (එ.ජ.)

බාත් 1ක්

= හින 6

= ලීටර් 22

= ගැලුම් 5.81 (එ.ජ.)

කෝර්a 1ක්

= බාත් 10

= ලීටර් 220

= ගැලුම් 58.1 (එ.ජ.)

බර මැනීම

කැබ් 1ක්

= ලොග් 4

= ලීටර් 1.22

= වියළි පයින්ට් 2.2 (එ.ජ.)

ඕමෙර 1ක්

= කැබ් 1 4/5

= ලීටර් 2.2

= වියළි කාර්තු 2 (එ.ජ.)

සෙයා 1ක්

= ඕමෙර 3 1/3

= ලීටර් 7.33

= වියළි කාර්තු 6.66 (එ.ජ.)

ඒපා 1ක්

= සෙයා 3

= ලීටර් 22

= වියළි කාර්තු 20 (එ.ජ.)

හෝමර (කෝර්) 1ක්

= ඒපා 10

= ලීටර් 220

= වියළි කාර්තු 200 (එ.ජ.)

දිග පළල මැනීම

ඇඟිල්ලක්

= අල්ලකින් 1/4

= සෙ.මී. 1.85

= අඟල් 0.72

අල්ලක්

= ඇඟිලි 4

= සෙ.මී. 7.4

= අඟල් 2.9

වියතක්

= අල්ලවල් 3

= සෙ.මී. 22.2

= අඟල් 8.75

රියනක්

= වියත් 2

= සෙ.මී. 44.5

= අඟල් 17.5

දිග රියනක්b

= අල්ලවල් 7

= සෙ.මී. 51.8

= අඟල් 20.4

දණ්ඩක්

= රියන් 6

= මී. 2.67

= අඩි 8.75

දිග දණ්ඩක්

= දිග රියන් 6

= මී. 3.11

= අඩි 10.2

බඹයක්

—

= මී. 1.8

= අඩි 6

a වියළි මිනුමක්ද වේ. එය එක හෝමර ඒකකයකට සමාන වෙයි.

b 2ලේක 3:3හි සඳහන්, “අතීතයේ පාවිච්චි කළ” රියන විය හැක.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න