1ආ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට දෙවිගේ නාමය ඇතුළත් කිරීම
“යෙහෝවා” යන දෙවිගේ නාමය නව ලොව පරිවර්තනයේ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට ඇතුළත් කර ඇති ස්ථාන 237 මතු දැක්වේ. එසේ කිරීමට පදනම ඉංග්‍රීසි NW Ref. Bi., යන පරිවර්තනයේ 1565, 1566 යන පිටුවලින් බලන්න.
මතෙව්
මාක්
ලූක්
යොහන්
ක්‍රියා
රෝම
1 කොරින්ති
2 කොරින්ති
ගලාති
3:6;
එෆීස
කොලොස්සි
1 තෙසලෝනික
2 තෙසලෝනික
2 තිමෝති
හෙබ්‍රෙව්
යාකොබ්
1 පේතෘස්
2 පේතෘස්
යූද්
5
9
14
එළිදරව්
22:6.
හලෙලූයා යන යෙදුමෙහිද දෙවිගේ නාමය “යා” ලෙස කෙටියෙන් ඇතුළත් කර තිබේ. හලෙලූයා යන්නෙහි තේරුම වන්නේ, “ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න” යන්නයි.—එළිදරව් 19:1, 3, 4, 6.
විශ්වාසවන්ත පරිවර්තකයෙකු මුල් පිටපතෙහි නැති කිසිවක් තම පරිවර්තනයට ඇතුළත් කරන්නේ නැත. ඒ අනුව ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට දෙවිගේ නාමය ඇතුළත් කළ යුතු ස්ථාන ගැන පරිවර්තන කණ්ඩායම තීරණය කර ඇත්තේ ඉතා සුපරීක්ෂාකාරීවය. ඒ සඳහා පදනමක් ලෙස හෙබ්‍රෙව් ලියවිල්ල සහ වෙනත් හෙබ්‍රෙව් පරිවර්තන භාවිත කර තිබේ. මෙම පරිවර්තනයෙහි යෙහෝවා යන දෙවිගේ නාමය සඳහන්ව ඇති සෑම අවස්ථාවකදීම අඩුම තරමින් එක හෙබ්‍රෙව් පරිවර්තනයකින් හෝ ඒ සඳහා පදනමක් තිබේ.
මුල් ක්‍රිස්තියානීන් ග්‍රීක බසින් සෙප්ටුඅජින්ට් පරිවර්තනයෙන් යම් උපුටා දැක්වීම් කළ විට ඔවුන් දෙවිගේ නාමය ඉවත් කළ බව සිතීමට පදනමක් නැත. ඊට ප්‍රබල සාක්ෂියක් මහාචාර්ය ජෝජ් හවඩ් ලියූ ලිපියක සඳහන් වේ. ඔහු පැවසුවේ, ආගමික නායකයන්ට “මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ” එනම් යුදෙව් ක්‍රිස්තියානීන්ගේ ලියවිලි විනාශ කිරීම මහත් ගැටලුවක් වූ බවයි. “එයට හේතුව එම ලියවිලිවල දෙවිගේ නාමය ඇතුළත් වී තිබීමයි. එම ලියවිලි විනාශ කළොත් දෙවිගේ නාමයත් විනාශ වන බව ඔවුහු නිගමනය කළෝය.”
මහාචාර්ය හවඩ් මෙසේද පවසයි. “මුල් සියවසේ ක්‍රිස්තියානීන් අනුගමනය කළ පිළිවෙතට වඩා වෙනස්ව පසු කාලයකදී දෙවිගේ නාමය ශුද්ධ ලියවිල්ලෙන් ඉවත් කරන ලදි. ඒ වන තුරු යුදෙව්වරුන්ගේ දෙවි අන් සියලු දෙවිවරුන්ට වඩා අද්විතීය වූයේ ඔහුගේ නාමය භාවිත කළ නිසාය. නමුත් එම නාමය ඉවත් කිරීමෙන් ඒ අද්විතීයභාවය බොඳ වී ගියේය.”