සලමොන්ගේ ගීතිකාව
1 ගීත අතරින් ලස්සනම ගීතය සලමොන්ගේ ගීතයයි.+
3 ඔබ ඇඟේ ගාන තෙල්වල සුවඳ මොන තරම්ද!+
ඔබේ නම හිසට වත් කරන සුවඳ තෛලයක් වගෙයි.+
තරුණියන් ඔබට ප්‍රිය කරන්නේ ඒ නිසයි.
4 රජ මාව ඔහුගේ කාමර ඇතුළට අරගෙන ආවා.
ඔබ ඇවිත් මාව එක්කගෙන යන්න. අපි දුවගෙන යමු.
අපි දෙන්නා එකට සතුටු වෙමු.
ඔබ පෙන්නන ආදරේ ගැන අපි කතා කරමු. ඒ ආදරේ වයින්වලටත් වඩා වටිනවා.
ඔවුන්* ඔබට ප්‍රිය කරන එක පුදුමයක්ද!
5 යෙරුසලමේ දූවරුනි, මම කලුයි. ඒත් මං ලස්සනයි.
6 හිරු රශ්මියට මගේ හම කලු වෙලා තියෙන නිසා
මං දිහා අමුතු විදිහට බලන්න එපා.
මගේ සහෝදරයන්ට මාත් එක්ක කේන්ති ගියා.
ඉතින් ඔවුන් මාව මිදිවතු බලාගන්න යැව්වා.
ඒ නිසා මට මගේ මිදිවත්ත බලාගන්න බැරි වුණා.
7 මං ගොඩක් ආදරේ කරන මගේ පෙම්වත,
ඔබ බැටළුවන්ට තණ කවන්නේ කොහෙද කියලා මට කියන්න.+
දහවල් කාලේදී වැතිරෙන්න උන්ව ගෙනියන්නේ කොහෙටද කියලා මට කියන්න.
මං මූණ වහගෙන ඉන්න ස්ත්‍රියක් වගේ*
ඔබේ යාළුවන්ගේ බැටළු රැළවල් අතරේ එහේ මෙහේ ඇවිදින්නේ මොකටද?”
8 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය, ඔහු ඉන්න තැන ඔබ දන්නේ නැත්නම්
බැටළු රැළ ගිය පාර දිගේ යන්න.
එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට තණ කවන්න.”
9 “මගේ සොඳුරිය, ඔබ පාරාවෝගේ රථවල බැඳලා ඉන්න අශ්වධේනුවක් වගෙයි.+
11 අපි ඔබට රිදී පබළු අල්ලපු
රන් ආභරණ හදලා දෙන්නම්.”
15 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!
ඔබ කොතරම් රූමත්ද! ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.”+
16 “මගේ හිත දිනාගත්ත පෙම්වත, ඔබත් මොන තරම් කඩවසම්ද! ඔබ කොච්චර ප්‍රසන්නද!+
අපේ යහන අපි හදාගත්තේ කොළ අතු අතරේ.
17 අපේ නිවසේ බාල්ක දේවදාර ගස්.
පරාල ජුනිපර් ගස්.
2 “යුවතියන් අතරේ ඉද්දී
මගේ පෙම්වතිය කටු ගස් අතරේ තියෙන ලිලී මලක් වගෙයි.”
3 “තරුණයන් අතරේ ඉන්න මගේ පෙම්වතා
වනයේ ගස් අතරේ තියෙන ඇපල් ගහක් වගෙයි.
ඔහුගේ සෙවණේ පහස ලබන කල් මට ඉවසිල්ලක් නැහැ.
මගේ පෙම්වතා මට රසවත් පලතුරක් වගේ මිහිරියි.
4 ඔහු මාව භෝජන සංග්‍රහයකට එක්කගෙන ගියා.
ඔහුට මං ගැන තියෙන ආදරේ එහෙදී හැමෝටම පෙනුණා.
5 වියළි මිදිවලින් මාව ප්‍රාණවත් කරන්න.+
ඇපල්වලින් මාව ශක්තිමත් කරන්න.
මොකද ආදරේ නිසා මගේ සවිය නැති වෙලා ගිහින්.
7 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.
නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+
ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන්+ ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.
8 මගේ පෙම්වතා එන හඬ මට ඇහෙනවා.
බලන්න! ඔහු එනවා.
කඳු නැඟගෙන, හෙල් අතරින් පැනපැන වේගයෙන් ඔහු එනවා.
9 මගේ පෙම්වතා නාඹර මුවෙක් වගෙයි.+
අන්න, ඔහු අපේ නිවසේ බිත්තිය ළඟට ඇවිත්.
ඔහු කවුළුවලින් එබිකම් කරනවා.
කවුළුවේ හීනි පටි අතරින් එබිලා බලනවා.
10 මගේ පෙම්වතා මට කතා කරලා මෙහෙම කියනවා.
‘මගේ ආදරිය, එන්න.
මගේ රුවැත්තිය, මාත් එක්ක එන්න.
වැහි කාලේ දැන් නිමා වෙලා.
12 දැන් උදා වෙලා තියෙන්නේ මල් පීදෙන කාලයයි.+
මිදිවැල් කප්පාදු කරන කාලයයි.+
කොබෙයියන්ගේ ගී හඬ දේශය පුරා ඇහෙන කාලයයි.+
මගේ ආදරිය, එන්න.
මගේ රුවැත්තිය, මාත් එක්ක එන්න.
14 කඳු විවරවලත් පර්වත කුහරවලත් ලැගුම් ගන්න+
මගේ පුංචි කොබෙයියා, පිටතට එන්න.
ඔබේ ලස්සන දකින්න මට ඉඩ දෙන්න.+
ඔබේ මිහිරි හඬ අහන්න මට ඉඩ දෙන්න.’”+
15 “ගිහින් හිවලුන්ව අල්ලගන්න.
අපේ මිදිවතු විනාශ කරන හිවල් පැටවුන්ව අල්ලගන්න.
මොකද අපේ මිදිවැල්වල මල් පීදිලා.”
16 “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකරු ඔහුයි.+
ලිලී මල් පිපුණු තණබිමක+ ඔහු බැටළුවන්ව බලාගන්නවා.+
17 හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්
මගේ පෙම්වත, නාඹර මුවෙක්+ වගේ අපිව වෙන් කරන මේ කඳුවල* ඉඳන්
මං ළඟට දුවගෙන එන්න.
ඔහුව දකින්න ආසාවෙන් හිටියත් මට ඔහුව දැකගන්න ලැබුණේ නැහැ.+
2 ඉතින් දැන් මම නැඟිටලා නගරය වටේ ගිහින් බලන්න ඕනේ.
පාරවල් දිගෙත් මංසන්ධිවලටත් ගිහින් බලන්න ඕනේ.
මං ආදරේ කරන කෙනාව හොයන්න ඕනේ.
මං ඔහුව හෙව්වත් මට ඔහුව හොයාගන්න බැරි වුණා.
3 නගරය වටේ ඇවිදින මුරකරුවන් මාව දැක්කා.+
එතකොට මම ඇහුවා ‘මගේ පෙම්වතාව දැක්කාද’ කියලා.
4 ඔවුන්ව පහු කරගෙන යනවාත් එක්කම
මං ආදරය කරන කෙනාව මට හම්බ වුණා.
මම ඔහුව තදින් අල්ලගත්තා.
මගේ මවගේ නිවසට, මාව කුසේ දරපු තැනැත්තියගේ නිවසට*+
ඔහුව එක්කගෙන යන කල් මම ඔහුව අතහැරියේ නැහැ.
5 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.
නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+
ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන් ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.”
6 “පාළුකරයේ ඉඳන් දුම් වලාවන් වගේ එන මේ දේ මොකක්ද?
සුවඳ ලාටු සහ කට්ටකුමංජල්වල සුවඳත්
වෙළඳුන් විකුණන විලවුන් වර්ගවල සුවඳත් විහිදෙන මේ දේ මොකක්ද?”+
7 “ඒ සලමොන් රජගේ දෝලාවයි.
ශක්තිමත් පුරුෂයන් 60දෙනෙක් ඒ වටේ ඉන්නවා.
ඊශ්‍රායෙල්වල යුධ දක්ෂයන් ඒක පිරිවරාගෙන ඉන්නවා.+
8 ඒ හැමෝම ළඟ කඩු තියෙනවා.
ඔවුන් සටන් කරන්න හොඳින් පුහුණු වුණ අයයි.
රාත්‍රියේ වෙන අනතුරුවලට මුහුණ දෙන්න
ඒ හැමෝම තමන්ගේ කඩු ඉණේ බැඳගෙනයි ඉන්නේ.”
10 ඒකේ කණු ඔහු හැදුවේ රිදීවලින්.
ආධාරක හැදුවේ රන්වලින්.
ආසනයට අල්ලලා තියෙන්නේ දම් පාට ලොම්.
යෙරුසලමේ ළඳුන් ඒකේ ඇතුළත
හරිම ආදරෙන් සැරසුවා.”
11 “සියොන්වල දූවරුනි, ඇවිත් බලන්න.
ඇවිත් සලමොන් රජව බලන්න.
ඔහුගේ හිත සතුටින් පිරිලා ගිය ඔහුගේ විවාහ දිනේදී
ඔහුගේ මව+ හදලා දීපු මංගල කිරුළ පැලඳගෙන ඉන්න රජව බලන්න.”
4 “මගේ ආදරියේ, ඔබ මොන තරම් ලස්සනද!
ඔබ කොයි තරම් රූමත්ද!
මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෑස් කොබෙයියෙකුගේ දෙනෙත් වගෙයි.
ඔබේ වරලස ගිලියද් කඳුකරයෙන්+
බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.
2 ඔබේ දත් හරියට අලුත ලොම් කපලා
නාවපු බැටළු රැළක් වගෙයි.
ඒවා එකකට එකක් ගැළපෙන විදිහට
එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.
3 ඔබේ දෙතොල් රතු නූල් පොටක් වගෙයි.
ඔබේ වදන් හරිම මිහිරියි.
මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*
හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.
4 ඔබේ ගෙල+ හරියට ගල් පිළිවෙළට තියලා හදපු
පලිස් දාහක් එල්ලලා තියෙන
දාවිත් රජගේ කොත වගෙයි.+
යුධ දක්ෂයන්ගේ පලිස් එල්ලලා තියෙන කොත වගෙයි.+
5 ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් වගෙයි.
ලිලී මල් පිපිලා තියෙන තණබිමක
තණ කන නිවුන් මුව පැටවුන් වගෙයි.”+
6 “හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්
සුවඳ ලාටු තියෙන කඳුකරයට,
කට්ටකුමංජල් සුවඳින් පිරුණු කන්දට මම යනවා.”+
අමානා කඳු* මුදුනෙන් බැහැගෙන එන්න.
සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුන්වලින්+ බැහැගෙන එන්න.
සිංහයන් සහ දිවියන් ලගින කඳුවලින් බැහැලා එන්න.
9 මගේ සොහොයුරිය, ඔබ මගේ හිත දිනාගත්තා.+
මගේ මනාලිය, ඔබේ එක බැල්මකින්
ඔබේ ගෙලේ ඇති එක පබළුවකින් ඔබ මගේ හද සොරාගත්තා.
10 මගේ සොහොයුරිය, ඔබ පෙන්නන ආදරේ මට මොන තරම් මිහිරිද!+
11 මගේ මනාලිය, ඔබේ දෙතොල්වලින් මීපැණි බේරෙනවා.+
කිරි සහ පැණි ඔබේ දිව අග තියෙනවා.+
ඔබේ වස්ත්‍රවල සුවඳ හරියට ලෙබනොන්වල සුවඳ වගෙයි.
12 මගේ සොහොයුරිය, ඔබ හරියට අගුලු දාලා තියෙන උයනක් වගෙයි.
මගේ මනාලිය, ඔබ ඒ උයනේ තියෙන මට විතරක් විවෘත වුණ දිය උල්පතක්.
13 ඒ උයනේ* ගස්වල අතු* දෙළුම්වලින් පිරිලා.
හොඳම පලතුරුවලින්, සුවඳවත් හෙනාවලින් සහ මිහිරි සුවඳ හමන ගස්වලින් පිරිලා.
14 සුවඳ පැළෑටිවලින්,+ සැෆ්රන්වලින්, කුරුඳුවලින්,+
කට්ටකුමංජල්වලට ගන්න එක එක වර්ගයේ ගස්වලින්, සුවඳ ලාටු සහ අගිල්වලින්+
වගේම ඉස්තරම්ම සුවඳ පැළෑටිවලින් පිරිලා.+
15 ඔබ උයනක තියෙන දිය උල්පතක් වගෙයි. නැවුම් ජලය පිරුණු ළිඳක් වගෙයි.
ලෙබනොන් ඉඳන් ගලා බහින දිය දහරාවන් වගෙයි.+
16 උතුරු හුළඟ, අවදි වෙන්න.
දකුණු හුළඟ, හමාගෙන එන්න.
මගේ උයනට ඉහළින් හෙමිහිට හමාගෙන යන්න.
ඒකේ සුවඳ දසත විහිදුවන්න.”
“මගේ පෙම්වතා ඔහුට අයිති උයනට ඇවිත්
හොඳම පලතුරු කන කල් මං බලාගෙන ඉන්නවා.”
මට අයිති සුවඳ ලාටු සහ සුවඳ පැළෑටි මං නෙළාගත්තා.+
මට අයිති මීපැණි සහ මීවදය මං කෑවා.
මට අයිති වයින් සහ කිරි මම බිව්වා.”+
“හිතවත් යාළුවෙනි, කන්න! බොන්න!
බීලා ආදරෙන් මත් වෙන්න.”+
2 “මම නිදාගෙන හිටියත් මගේ හදවත අවදියෙන්.+
අන්න! මගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇහෙනවා.”
‘මගේ සොහොයුරිය, මගේ ආදරිය, මගේ පුංචි කොබෙයියා,
නිකැළැල් තැනැත්තිය, දොර අරින්න.
මගේ හිස පින්නෙන් තෙමිලා.
මගේ කොණ්ඩෙන් පිනි බිඳු බේරෙනවා.’+
3 උඩින් දාන ඇඳුම මම ගලවලා තිබ්බා.
ඒක මං ආයෙත් ඇඳගන්නද?
මං මගේ කකුල් හෝදගත්තා.
ඒවා ආයෙත් කිලිටි කරගන්නද?
5 මගේ පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටා.
මගේ දෑතින් සුවඳ ලාටුත්
ඇඟිලිවලින් සුවඳ ලාටු තෛලයත්
බේරිලා දොරගුලු මතට වැටුණා.
6 මං මගේ පෙම්වතාට දොර විවෘත කළා.
ඒත් මගේ පෙම්වතා එතනින් ගිහින්. ඔහු ආපහු හැරිලා ගිහින්.
ඔහු ගියාම මට ලොකු දුකක් දැනුණා.*
මම ඔහුව හෙව්වා. ඒත් ඔහුව හම්බ වුණේ නැහැ.+
මම ඔහුට අඬගැහුවා. ඒත් ඔහු උත්තර දුන්නේ නැහැ.
7 නගරය වටේ ඇවිදින මුරකරුවන් මාව දැක්කා.
ඔවුන් මට පහර දුන්නා. මට තුවාල කළා.
පවුර උඩ හිටපු මුරකරුවන් මගේ සළුව මගෙන් ගත්තා.
8 යෙරුසලමේ දූවරුනි, ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්
ආදරය නිසා මගේ සවිය නැති වෙලා කියලා ඔහුට කියන්න.
එහෙම කියනවා කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”
9 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය,
අනිත් පෙම්වතුන්ට වඩා ඔබේ පෙම්වතාගේ ඇති විශේෂත්වය මොකක්ද?
අපෙන් ඒ වගේ පොරොන්දුවක් ගන්න තරම්
ඔහුගේ ඇති විශේෂත්වය මොකක්ද?”
11 ඔහුගේ හිස රත්තරන් වගෙයි. පවිත්‍ර රන් වගෙයි.
ඔහුගේ හිසකෙස් හරියට තාල ගස්වල හුළඟට වැනෙන අතු වගෙයි.*
ඒවා කපුටු පිහාටු වගේ කලුයි.
12 ඔහුගේ දෙනෙත් දිය පහරවල් ළඟ ඉන්න කොබෙයියන් වගෙයි.
උන් වතුර පිරුණු පොකුණක්* ළඟ ඉඳගෙන
කිරිවලින් නානවා.
ඔහුගේ තොල් ලිලී මල් වගෙයි. ඒවායින් සුවඳ ලාටු තෛලය බේරෙනවා.+
14 ඔහුගේ අත්වල ඇඟිලි රත්තරන් වගෙයි. ඒවාට ක්‍රිසොලයිට් ගල් ඔබ්බවලා තියෙනවා.
ඔහුගේ උදරය නිල් මැණික් අල්ලලා ඇත්දළවලින් හදපු දෙයක් වගෙයි.
15 ඔහුගේ දෙපා හොඳම රන් ආධාරක මත හිටවපු කිරිගරුඬ කණු දෙකක් වගෙයි.
ඔහු ලෙබනොන් දේශය වගේ ලස්සනයි. එහේ තියෙන දේවදාර ගස් වගේ ඔහුවත් කාටවත් සම කරන්න බැහැ.+
ඔහු තමයි මගේ ආදරවන්තයා. යෙරුසලමේ දූවරුනි, ඔහු තමයි මගේ හද දිනූ පෙම්වතා.”
6 “ළඳුන් අතරේ ඉන්න ලස්සනම තරුණිය,
ඔබේ පෙම්වතා කොහෙද?
ඔහු ගියේ කොහෙටද?
ඔහුව හොයන්න අපිත් ඔබ එක්ක එන්නම්.”
2 “මගේ පෙම්වතා සුවඳ පැළෑටි පිරුණු පාත්ති තියෙන
ඔහුගේ උයනට ගිහින්.
උයන් අතරේ ඉන්න බැටළුවන්ව රැකබලා ගන්න ගිහින්.
ලිලී මල් කඩාගන්න ගිහින්.+
ලිලී මල් පිපුණු තණබිමක ඔහු බැටළුවන්ව බලාගන්නවා.”+
4 “මගේ සොඳුරිය,+ ඔබ තිර්ෂා*+ වගේ ලස්සනයි.
යෙරුසලම තරම්ම අලංකාරයි.+
කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ ඔබ තේජාන්විතයි.+
ඔබේ වරලස හරියට ගිලියද් කඳු බෑවුම් දිගේ
බැහැගෙන එන එළු රංචුවක් වගෙයි.+
6 ඔබේ දත් හරියට බැටළු රැළක් වගෙයි.
නාවපු බැටළු රැළක් වගෙයි.
ඒවා එකකට එකක් ගැළපෙන විදිහට
එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.
8 මට බිසෝවරු 60දෙනෙකුත්
උපභාර්යාවෝ 80දෙනෙකුත් ඉන්නවා.
තවත් තරුණියන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවකුත් ඉන්නවා.+
9 ඒත් මට ඉන්න එකම එක නිකැළැල් පුංචි කොබෙයියා ඔබයි.+
ඇය ඇගේ මවට විශේෂ දියණියක්.
ඇයව බිහි කළ තැනැත්තියගේ ප්‍රියතම* දියණිය ඇයයි.
තරුණියන් ඇයව දැකලා ඇගේ ගුණ වර්ණනා කරනවා.
බිසෝවරු සහ උපභාර්යාවන් ඇයට ප්‍රශංසා කරනවා.
10 ‘අලුයම් ආලෝකය වගේ බැබළෙන,
පුරහඳ වගේ ලස්සන ඇය කවුද?
හිරු කිරණ වගේ පවිත්‍ර,
කොඩි අරගෙන රැස් වෙලා ඉන්න හමුදාවන් වගේ තේජාන්විත ඇය කවුද?’”+
11 “මම පලතුරු ගස් පිරුණු උයනට ගියා.+
නිම්නයේ දලු දාලා තියෙන ගස් වැල් බලන්න ගියා.
මිදිවැලේ දලු ලියලලා* තියෙනවාද කියලත්
දෙළුම් ගස්වල මල් පීදිලා තියෙනවාද කියලත් බලන්න මම ගියා.
13 “ෂූලම්මීය ළඳේ, ආපහු එන්න.
හැරිලා එන්න.
අපිට ඔබව ආයෙත් දැක බලා ගන්න ආපහු එන්න.”
“ෂූලම්මීය ළඳක් දිහා ඔබ බලන්නේ මොකටද?”+
“ඇය හරියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන නැටුමක්* වගෙයි.”
7 “ගෞරවය දිනාගත්ත දියණිය,
පාවහන් පැලඳගෙන ඉන්න ඔබේ දෙපා කොයි තරම් අලංකාරද!
ඔබේ උකුළ ලස්සන ආභරණ වගෙයි.
දක්ෂ ශිල්පියෙක්ගේ අතින් නිමැවුණු ආභරණ වගෙයි.
2 ඔබේ නාභිය වටකුරු බඳුනක් වගෙයි.
ඒක හැමදාම වයින්වලින් පිරිලා තිබේවා!
ඔබේ උදරය ලිලී මල්වලින් වට වුණ
තිරිඟු ගොඩක් වගෙයි.
4 ඔබේ ගෙල+ ඇත්දළවලින් නිමැවුණු කොතක් වගෙයි.+
ඔබේ නහය දමස්කයට මුහුණ ලා තියෙන
ලෙබනොන්වල කොත වගෙයි.
ඔබේ ලස්සන දිගු වරලසට රජගේ හිත ඇදිලා යනවා.
6 මගේ සොඳුරිය, ඔබ මොන තරම් ලස්සනද! මොන තරම් ප්‍රියමනාපද!
ලස්සන හැම දේකටම වඩා ඔබ සුන්දරයි.
8 ‘මම ඒ ගහට නැඟලා
ඒකේ පල නෙළාගන්නවා’ කියලා මං කිව්වා.
“මගේ සතුට ඒ වයින් මගේ පෙම්වතාගේ උගුර දිගේ හෙමිහිට ගලාගෙන යනවා දකින එකයි.
ඒ වයින් තොල් අතරින් හෙමිහිට ගලාගෙන ගිහින් කෙනෙක්ව සුව නින්දකට වට්ටන වයින් වගේ වේවා!
12 අපි හිමිදිරි උදෑසන අවදි වෙලා මිදිවතුවලට යමු.
මිදිවැලේ දලු දාලාද කියලත්
මල් පිපිලාද කියලත් බලන්න යමු.+
දෙළුම් ගස්වල මල් පීදිලාද කියලා බලන්න යමු.+
එහෙදී මගේ ආදරේ මම ඔබට පෙන්නන්නම්.+
මගේ පෙම්වත, අලුත කඩපු පලතුරු වගේම කල් තියාගන්න පලතුරු
මම ඔබ වෙනුවෙන්ම රැස් කරලා තියෙනවා.
8 “ඔබ මගේම සහෝදරයෙක් වුණා නම්,
මගේ මවගෙන් කිරි බිව්ව මගේම සහෝදරයෙක් වුණා නම්,
එළිමහනේදී මට ඔබව හමු වුණාම මට ඔබව සිපගන්න තිබුණා.+
එහෙම වුණා නම් කවුරුත් මට නින්දා කරන එකක් නැහැ.
මම ඔබට රස ගැන්වූ වයිනුත්
නැවුම් දෙළුම් යුෂත් බොන්න දෙනවා.
4 “යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.
නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+ ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.”
5 “පෙම්වතාට තුරුල් වෙලා
පාළුකරයේ ඉඳන් එන මේ තැනැත්තිය කවුද?”
“ඇපල් ගහ යට ඉද්දී මම ඔබව අවදි කළා.
ඔබේ මව ඔබව බිහි කළේ එතනදියි.
ඔබේ මව ඔබව බිහි කරන්න මහත් වේදනාවකින් හිටියේ එතනයි.
6 පපුව මත තියපු මුද්‍රාවක් වගේ ඔබේ හදවතේ මාව රඳවගන්න.
අතේ බැඳලා තියෙන මුද්‍රාවක් වගේ මාව ඔබ ළඟින්ම තියාගන්න.
ආදරය මරණය තරම්ම ප්‍රබලයි.+
තමන් ආදරේ කරන කෙනාට ළැදිව ඉන්න තියෙන කැමැත්ත මිනී වළ තරම්ම ප්‍රබලයි.
ඒ ආදරය ඇවිළෙන ගිනිදලු වගෙයි. ඒ ගිනිදැල්ල එන්නේ යාහ්ගෙන්.*+
මිනිසෙක් ආදරේ දිනාගන්න මුළු සේසතම වුණත් දෙන්න පුළුවන්.
ඒත් හැමෝම ඒ දේ* හෙළා දකියි.”
අනාගතයේදී ඇයට විවාහ යෝජනාවක් ආවොත්
අපි ඇය වෙනුවෙන් මොනවාද කරන්නේ?”
9 “ඇය පවුරක් වගේ හිටියොත්
අපි ඇය මත රිදී තාප්පයක් බඳිනවා.
ඒත් ඇය දොරක් වගේ වුණොත්
අපි දේවදාර ලී ගහලා ඇයව වහලා දානවා.”
10 “මම පවුරක්.
මගේ පියයුරු මුරකොටු වගෙයි.
ඔහු මාව දකින්නේ
සන්සුන් හිතක් ඇති කෙනෙක් විදිහටයි.
11 සලමොන්ට අයිති මිදිවත්තක්+ බාල්හාමොන්වල තිබුණා.
ඔහු ඒක රැකවලුන්ට භාර දුන්නා.
ඒකෙන් ලැබෙන පලදාව වෙනුවෙන් ඒ හැමෝම ඔහුට රිදී ෂෙකෙල් දාහ ගාණේ දුන්නා.
12 ඒත් මටත් මිදිවත්තක් තියෙනවා. ඒක අයිති මට විතරයි.
සලමොන් රජතුමනි, රිදී ෂෙකෙල් දාහ අයිති ඔබටයි.
ෂෙකෙල් දෙසීය අයිති වත්ත බලාගන්න රැකවලුන්ටයි.”
ඔබේ හඬ අහන්න මටත් ඉඩ දෙන්න.”+
14 “මගේ පෙම්වත, ඉක්මනින් එන්න.
සුවඳ පැළෑටි තියෙන කඳුවල ඉන්න මුවෙක් වගේ,+
නාඹර මුවෙක් වගේ,
වේගයෙන් දුවගෙන එන්න.”
ඒ කියන්නේ තරුණියන්.
හෝ, “ශෝකයට මූණ වහගෙන ඉන්න කෙනෙක් වගේ.”
හෝ සමහරවිට, “කොණ්ඩ කරල් අතරින් පේන.”
හෝ, “කාබේරිය නැත්නම් කුංකුම මලක්.”
හෝ, “වැහි කාලය.”
හෝ, “බෙතෙර් කඳුවල.” “බෙතෙර්” කියන වචනයේ තේරුම හරියටම දන්නේ නැහැ.
හෝ, “ඇතුල් කාමරයට.”
හෝ, “නළල් දෙකෙළවර.”
හෝ, “ලෙබනොන්වලට විරුද්ධ පැත්තේ තියෙන කඳු.”
හෝ, “පාරාදීසයේ.”
හෝ සමහරවිට, “හම.”
මූ.අ., “දොරේ සිදුරෙන්.”
හෝ සමහරවිට, “ඔහු කතා කළාම මට සිහි නැති වුණා.”
හෝ, “නිරෝගියි.”
හෝ සමහරවිට, “ඉඳිපොකුරු වගෙයි.”
හෝ සමහරවිට, “උල්පතක්.”
හෝ, “ප්‍රියකරු නගරය.”
හෝ, “නළල් දෙකෙළවර.”
මූ.අ., “නිර්මල.”
හෝ, “මල් පොහොට්ටු ඇවිල්ලා.”
හෝ, “වැඩ කරන්න කැමැත්තෙන් ඉන්න.”
හෝ, “මහනායිම්වල කරන නැටුමක්.”
“යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
හෝ සමහරවිට, “ඔහුව.”