ඔබ අතපසු නොකළ යුතු සිද්ධියක්
“මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා.” ලූක් 22:19වන පදයෙහි සඳහන් වන්නාවූ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ එම වචන උන්වහන්සේගේ මරණය සිහිකිරීම ස්ථාපිත කළ අවස්ථාවේදී උන්වහන්සේ පැවසූ සේක. පාරාදීස තත්ත්වයන් යටතෙහි සදාකාලික ජීවනය ලබාගැනීමේ ප්රස්තාව මිනිස් වර්ගයාට ආරම්භ කළේ යේසුස්වහන්සේගේ මරණය මගින්ය. එබැවින් උන්වහන්සේගේ මරණය වනාහි අප විසින් මතක තබාගත යුතු දෙයකි.
ඔබ මෙම වසරේදී එම සිහිකිරීම පවත්වන්නෙහිද?
මෙම වැදගත් සිද්ධිය සිහිපත් කිරීමෙහිලා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ හවුල්වීමට මෙම ඇරයුම කරුණාවෙන් පිළිගන්න. බයිබලයේ චන්ද්ර දින දර්ශනයට එකඟව මෙම සිද්ධිය නීසාන් 14වන දින හිරු බැස යාමෙන් පසුව පැවැත්වේ. මෙම වසරේදී එම දිනය වනුයේ මාර්තු 26වන සෙනසුරාදාය. ඔබේ ප්රජාවේ මෙම උත්සවය පැවැත්වෙන ස්ථානය හා නියමිත වේලාව ඔබට පැවසීමට ඔබ ප්රදේශයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට හැකියි.