“සියලු නගරවල සංචාරයක්”
යේසුස්වහන්සේ මිහිපිට ජීවත්වූ කාලයේදී “ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද . . . සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.” (මතෙව් 9:35) උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීමට කැමැත්තක් දැක්වූ අයවද ලෝකයේ විවිධ නගරවල දේශනා කිරීමට කැඳවනු ලැබීය. එසේ කිරීමේදී නගරයකට පොදු වූ ගැටලුවලට ඔවුන් මුහුණ දෙනු ඇති අතර ඒවා සමඟ කටයුතු කිරීමට ඔවුන්ට බලපෑම් කරනු ලැබේ.
නගරවල් සම්බන්ධයෙන් ඉතිහාසමය සංචාරයක යෙදීම මිනිස් පැවැත්මේ වසර දහස් ගණන්වල යහපත් හා අයහපත් කාල සම්බන්ධයෙන් අපට දසුනක් ලබා දෙයි, එමෙන්ම සන්තෝෂය අත්කර ගැනීම සඳහා වූ මිනිසාගේ වෑයම්වලින් ලැබූ ප්‍රීතිය මෙන්ම කනගාටුව ගැනද එය අපට කියාපායි. මුළු මිනිස් වර්ගයාම එකිනෙකාට පොදු වූ ගැටලුවලට මුහුණ දෙන එකම පවුලක් වන බවට වූ සත්‍යය අපගේ මනසට කාවදින්නට නගර දෙස ඍජු බැල්මක් හෙලීමෙන් අපට උපකාරවත් වේ. දේශානුරාගී උඩඟුකම හෝ ජාතිවාදී අගතිය සඳහා අදදින කිසිම හේතුවක් නොතිබිය යුතුය.
බොහෝ දෙනෙකුට නගර පිළිබඳව වැඩි දැනුමක් නොමැති වීම, ඒවායේ පිහිටීම පවා නොදැනුවත්ව සිටීම කනගාටුවට කරුණකි. එක්දහස් නවසිය අසූ ගණන්වල මැද භාගයේදී ඇතැම් නගරවල පිහිටීම දැක්වීමට එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන්ගෙන් අසනු ලැබූ කල, ඔවුන්ගෙන් ඇතමෙක් ඩබ්ලින් (අයර්ලන්තය) එක්සත් ජනපදයේද ලීමා (පේරු) ඉතාලියේද ලකුණු කළහ.
ඊට වසර ස්වල්පයකට පෙර වෙනත් විශ්වවිද්‍යාලයක පවත්වනු ලැබූ පරීක්ෂණයකදී ලෝක සිතියමක ලන්ඩන් නගරය දැක්වීමට ශිෂ්‍යයන්ගෙන් අඩකට පමණ නොහැකි වූ බව හෙලි විය. ඇතැමෙක් එය අයිස්ලන්තයේ සටහන් කළ අතර, තවත් සමහරු එය මහාද්වීපික යුරෝපයේ සටහන් කළෝය. ශිෂ්‍යයන්ගෙන් සියයට 42කට ලන්ඩන් සටහන් කිරීමට නොහැකි වීම ගැන පරීක්ෂණය පැවැත්වූ මහාචාර්යවරයා කනගාටුව පළ කළේය. සියයට 8දෙනෙකුට පරීක්ෂණය පවත්වනු ලැබූ නගරය පවා සටහන් කිරීමට නොහැකි වීම ඊටත් වඩා ලැජ්ජාවක් විය!
එහෙත් පෙනෙනාකාරයට භූගෝලීය දැනුම සම්බන්ධයෙන් දුර්වලව සිටින්නේ අමෙරිකානුවන් පමණක්ම නොවෙයි. එක්දහස් නවසිය අසූ ගණන්වල අග භාගයේදී රටවල් දහයක සිටින ශිෂ්‍යයන් සම්බන්ධයෙන් පවත්වනු ලැබූ පරීක්ෂණයකදී, හෙළි වූයේ ස්වීඩන ජාතිකයන් ඉතා දක්ෂ බවත් අමෙරිකානුවන් හයවන තැන ගන්නා බවත්ය. සෝවියට් දේශයේ පර්යේෂණයට යටත්වූ ශිෂ්‍යයන්ගෙන් සියයෙන් 13කට ලෝක සිතියමක් මත තමන්ගේම රට පවා සටහන් කිරීමට නොහැකි වූ බව පෙර සෝවියට් දේශයේ විද්‍යා ශාස්ත්‍රාලය මගින් සොයා ගන්නා ලදි. ශාස්ත්රාලයේ සාමාජිකයෙකු වූ ව්ලඩිමිර් ඇන්ඩ්රියෙන්කොෆ් ලැජ්ජාවෙන් මෙසේ පැවසුවේය: “ප්‍රතිඵල විශ්වාස කළ නොහැකි ඒවාය.”
ඔබ සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? සාමාන්‍යයෙන් භූගෝලය පිළිබඳවත් විශේෂයෙන් නගරවල් පිළිබඳවත් ඔබගේ දැනුම කොතරම් හොඳද? දහවන පිටුවේ ඇති ප්‍රහේලිකාව මාර්ගයෙන් ඔබවම පරීක්ෂා කර නොබලන්නේ මන්ද? “නගර දෙස වඩා සමීප බැල්මක් හෙළීම” මගින් ඇතැම් සිත්ගන්නා සාධක ඉගෙනගැනීමට ඔබට හැකි වේ.
පිබිදෙව්!හි ඊළඟ කලාපයේ, අප නගර පහක් සම්බන්ධයෙන් වඩා සමීප බැල්මක් හෙළන්නට යනවා. ඒවා වසර දහස් ගණනකට සම්පූර්ණයෙන්ම සැඟවී තිබුණා වූ විශේෂිත ආකාරයක නගරවල්ය. එහෙත් ශතවර්ෂයේ අවසානය වන විට, එබඳු නගරවල් 20ක් පමණ තිබෙනු ඇති බව තක්සේරු කර තිබේ. ඒවායින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ආසියාවේ තිබෙනු ඇත. එය කෙබඳු නගරයක් වනු ඇත්ද? g94 1/8
[10 පිටුවෙහි ඇති කොටුව]
ඔබට නගරය හඳුනාගත හැකිද?
නිවැරදි නගරය සමඟ පහත සඳහන් විස්තර ගළපා ගන්න.
1. ලෝකයේ ඉහළතම මට්ටමක පිහිටි අගනුවර.
2. ලෝකයේ අධිකතම ජනගහණයක් ඇති රටේ විශාලතම නගරය.
3. කලාතුරකින් භාවිතා කරනු ලබන නමුත් එහි නිලමය නාමයට වචන 27ක් අඩංගු වේ, එහි මුල් කොටස ලොස් ඇන්ජලීස්හි අර්ථයට යම් පමණ දුරකට සමාන වේ; එය වී වගා කරනු ලබන ප්‍රදේශයක් මැද පිහිටා තිබේ. එයට බෞද්ධ පන්සල් 400කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබේ.
4. වෙනත් නගර හතරක් හැර—ලෝකයේ වෙනත් ඕනෑම නගරයකට වඩා දෙගුණයක ජනගහණ ඝනත්වයක් මෙම නගරයට ඇත.
5. වර්ෂ 1976දී සිදුවූ විපත්තියකදී පුරවැසියන් මිලියන කාලක් පමණ මෙම නගරයට අහිමි විය.
6. මෙම නගරය රටේ රෙදිපිළි නිෂ්පාදනය කරන ප්‍රාන්තයේ මධ්‍යස්ථානය වේ, එය කාර්මික විප්ලවයේ ප්‍රධාන කාර්යභාරයක් දැරීය.
7. එක් කලක යුරෝපයේ ඉතාමත්ම අපවිත්‍ර ස්ථානයක් ලෙසට සලකනු ලැබූ මෙම නගරය, අදදින එහි නාමය දරන සුවඳ ද්‍රාවණයක් සඳහා ලෝක ප්‍රසිද්ධියක් දරයි.
8. වරායක් සහිත මෙම ආසියාතික නගරයේ භාෂා 60ක් පමණ ව්‍යවහාර වේ. එය 1833 සිට 1912 දක්වා එම රටේ අගනුවර විය.
9. විශේෂයෙන්ම මෙය, අගනුවරක් වශයෙන් පැවතීමට සාදනු ලැබූ නගරයකි, එය සැලසුම් කිරීමට දීර්ඝ කාලයක් ගත වූ අතර, 1960දී එය යථාර්ථයක් බවට පත්විය.
10. සැතපුම් 60ක් දිග තොටක කෙළවර පිහිටි මෙම නගරය, භූමි ප්‍රමාණය සම්බන්ධයෙන් ගත් කල ලෝකයේ විශාලතම නගර අතරින් එකකි.
11. වර්ෂ 1755දී භූමිකම්පාවකින් සම්පූර්ණයෙන්ම වාගේ විනාශයට පත්වූ මෙම නගරයට, යුරෝපියානු සමාජයේ ඕනෑම අගනුවරකට තිබෙන ජීවන වියදමට වඩා පහත් ජීවන වියදමක් ඇත.
12. ඩැනියුබ් ගංඟාවේ දෙපැත්තේ ජීවත්වූ සමාජයන් නම්ද අත්වැල්ද බැඳගත් අවස්ථාවේදී, එනම් 1873දී මෙම නගරය නිලමය වශයෙන් සකස් විය.
13. මෙම නගරයේ මුහුදු බොක්කේ විවරය ගංගාවක මෝය යයි වරදවා තේරුම්ගත් පෘතුගීසි ගවේෂකයෝ ඊට දැන් තිබෙන නාමය දුන්හ.
14. වර්ෂ 1788දී සිරකරුවන්ගේ ජනපදයක් වශයෙන් පිහිටුවනු ලැබූ මෙම නගරය, එහි ප්‍රමාණයෙන් යුක්තව වඩාත් දකුණු දිගින් පිහිටා ඇති නගරය වේ.
15. ශක්තිමත් ආගමික මූලාරම්භයන් තිබූ මෙම නගරය, අසාමාන්‍ය දේශපාලනමය කැලඹීමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.
16. වර්ෂ 1850දී, IIIවන කමෙහාමේහා රජ මෙම නගරය ඔහුගේ රාජ්‍යයේ අගනුවර ලෙස ප්‍රකාශ කළේය; එහි නමෙහි අර්ථය “ආරක්ෂා කරන ලද බොක්ක” වන අතර, මුළු වර්ෂය පුරාම එහි පවතින සෞම්‍ය දේශගුණය නිසා එය සංචාරකයන්ට අති ප්රසන්නනීය ස්ථානයකි.
17. අධික සුළං හමන නගරය වශයෙන් හඳුන්වනු ලබන මෙම නගරය, වරක් ගින්නෙන් විනාශවෙන්ට තිබියදී බේරුණි; අදදින ලෝකයේ තිබෙන උසම ගොඩනැගිලි එහි ඇත.
18. වර්ෂ 1966ට පෙර, මෙම නගරය ලියෝපොල්ඩ්විල් යනුවෙන් හැඳින්විය.
19. ග්‍රීසියේ වඩාත්ම කීර්තිමත් පාලකයන්ගෙන් කෙනෙකු තරම් පැරණි වූ මෙම නගරය, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ප්‍රසිද්ධ ග්‍රීක් පරිවර්තනයක් කරනු ලැබූ ස්ථානයක් ලෙස බයිබල් ශිෂ්‍යයන්ට මෙය සිහිවෙයි.
20. මෙම නගරයේ සීඝ්‍ර වර්ධනයට හේතු වූයේ අසළ රත්රන් තිබූ බව සොයා ගනු ලැබීමය, තවද එය අද්විතීය වනුයේ මන්දයත් වෙරළක හෝ විලක ඉවුරක හෝ ගංගාවක පිහිටුවා නොතිබෙන ඒ ප්‍රමාණයෙන් යුත් එකම නගරය එය වීම හේතුවෙනි.
අලෙක්සැන්ඩ්‍රියා, ඊජිප්තුව
බැංකොක්, තායිලන්තය
බොස්ටන්, අ.එ.ජ.
බ්‍රසීලියා, බ්‍රසීලය
බුඩාපෙස්ට්, හංගේරියාව
කල්කටා, ඉන්දියාව
චිකාගෝ, අ.එ.ජ.
කොලෝන්, ජර්මනිය
හොංකොං
හොනලුලු, හවායි, අ.එ.ජ.
ජොහැනිස්බර්ග්, දකුණු අප්‍රිකාව
කින්ෂාසා, ෂයරෙ
ලාපාස්, බොලිවියා
ලිස්බන්, පෘතුගාලය
මැන්චෙස්ටර්, එංගලන්තය
ඔස්ලෝ, නෝර්වේ
රියෝ ඩි ජැනීරෝ, බ්‍රසීලය
ෂැංහයි, චීනය
සිඩ්නි, ඕස්ට්‍රේලියාව
ටාංෂාන්, චීනය
[11 පිටුවෙහි ඇති කොටුව]
පිළිතුරු:
1. ලාපාස්, මුහුදු මට්ටමට වඩා අඩි 10,650 සහ 13,250 අතර උසකින් පිහිටි මෙම නරගය, ස්පාඤ්ඤවරුන් විසින් 1548දී පිහිටුවන ලදි.
2. “ෂැංහයි”හි අර්ථය වනුයේ “මුහුද මත” යන්නයි, තවද ලෝකයේ විශාලතම මූදු තොටවලින් එකක් අතර වීමත් සමඟම, එය වනාහි චීනයේ උසස් අධ්‍යාපනයේ හා විද්‍යාත්මක පර්යේෂණයේ මධ්‍යස්ථානය වේ.
3. බැංකොක්හි නිල නාමයේ මුල් කොටස වනුයේ කෘං තෙප්ය, එහි අර්ථය වනුයේ “සුරදූතයන්ගේ නගරයයි”; ස්පාඤ්ඤ භාෂාවෙන්, “ලොස් ඇන්ජලිස්” අදහස් කරන්නේ “දේව දූතයන්ය.” බැංකොක් ඊට අයත් ජලමාර්ග ගොඩනගාගෙන තිබෙන නමුත්, එහි ප්‍රසිද්ධ ඇළවල් බොහොමයක් පිරවීමෙන් වීදි සාදා තිබේ.
4. හොංකොං, එහි සෑම වර්ග සැතපුමකම 2,48,000දෙනෙක් වෙසෙන අතර, ඒ සංඛ්‍යාවට ආසන්න සංඛ්‍යාවක ජනගහණයක් ඇති නගර නයිජීරියාවේ ලාගොස් (1,43,000); බංග්ලාදේශයේ ඩැකා (1,38,000); ඉන්දුනීසියාවේ ජකර්තා (1,30,000); සහ ඉන්දියාවේ බොම්බාය (1,27,000) වේ.
5. වර්ෂ 1976දී, නවීන ඉතිහාසයේ ඇති වූ දරුණුතම භූමිකම්පාවලින් එකක් චීනයට පහර දුණි, රික්ටර් මිනුම් ඒකකයේ එය 7.8ක් විය. ටාංෂාන් සම්පූර්ණයෙන්ම වාගේ සමතලා කරනු ලැබීය; අඩුම තරමින් 2,40,000දෙනෙක් පමණ මරුමුවට පත් වූහ.
6. ලන්ඩනයට සැතපුම් 150ක් පමණ දකුණින් පිහිටි මැන්චෙස්ටර්, කොතරම් වේගයෙන් කාර්මික මධ්‍යස්ථානයක් බවට පත්වුණාද කිවහොත්, 1821 සහ 1831 අතර කාලය තුළදී එහි ජනගහණය සියයට 45කින් වැඩි විය.
7. දහනවවන ශතවර්ෂයේ ආරම්භයේදී, ලෝකයේ වඩාත්ම අපිරිසිදු නගරවල් අතරින් එකක් වශයෙන් කොලෝන් ප්‍රසිද්ධ විය—එනම් කල්කටා, කොන්ස්ටන්ටිනෝපලය සහ කොලෝන්—මෙම හේතුව නිසා එහි නවතා තබන ලද ප්‍රංශ ජාතික සොල්දාදුවෝ “නගරය හාත්පසින් පැතිරී ගිය මුත්‍රා ගඳ මැඩපැවැත්වීම සඳහා ඕ ඩී කොලෝන්වලින් පොඟවන ලද ලේන්සුවලින් තමුන්ගේ මුහුණු වසා ගත්හ.”—කල්නර් ශ්ටට්ටන්ට්සයිගර්.
8. ඉන්දියාවේ තුන්වන විශාලතම නගරය වනුයේ කල්කටාය, ඒ වෙනුවට නවදිල්ලිය අගනුවර බවට පත් කරනු ලැබීය.
9. බ්‍රසීලය අභ්‍යන්තරයේ අගනුවරක් පිහිටුවා ගැනීමේ අදහස වර්ෂ 1789දී යෝජනා කරනු ලැබ 1891 ආණ්ඩුමය ව්‍යවස්ථාවේ ඇතුළත් කරනු ලැබීය, 1960දී බ්‍රසීලියා එම යථාර්ථය බවට පත්විය. ආරම්භයේ සිටම එය ගොඩනගාගැනීමට අවශ්‍යවීම නිසා, “භෞතික සැලැස්ම, නිර්මාණ ශිල්පය සහ මානව වාසස්ථානයක් යන කාරණා උඩ, පිළිවෙළක් ඇති සම්පූර්ණ නගරයක නිර්මාණයක්” සම්පූර්ණ කිරීමට විරල අවස්ථාවක් ඉදිරිපත් කෙරිණ.—එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා.
10. නෝර්වේහි අගනුවර වන ඔස්ලෝ වර්ග සැතපුම් 175ක භූමි ප්‍රමාණයක් දරයි, එහි වැඩිහරියක වනාන්තර සහිත කඳුද විල්ද අඩංගු වේ.
11. සියලු සාන්තුවරුන්ගේ දිනය සැමරීම සඳහා 1755 නොවැම්බර් 1වනදා උදෑසන පල්ලි පිරී තිබූ අවස්ථාවේදී, මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම භූමිකම්පාවලින් එකක් මගින් ලිස්බන් විනාශයට පත්විය, මෙමගින් 30,000ක් පමණ ජනයා මරුමුවට පත්වූහ.
12. වර්ෂ 1873දී, ඩැනියූබ් ගංගාවට නැගෙනහිරින් පිහිටි පෙස්ට් නම් නගරය බටහිර පැත්තේ බුඩා මෙන්ම ඕබුඩා සහ මාගරට් දූපත බුඩාපෙස්ට් බවට පත්වීම සඳහා නිලමය වශයෙන් ඒකාබද්ධ විය. මෙය වනාහි යුරෝපයේ වඩාත් ආකර්ෂණීය නගරවලින් එකකි, මෙය කලක ඩැනියූබ්හි රැජින ලෙසද හැඳින්විය.
13. “රිවර්” (ගංගාව) සහ “ජැනුවරි” (ජනවාරි)—එනම් ගවේෂකයන් පැමිණියේ 1502 ජනවාරි 1වන දාය— යන්න සඳහා වූ පෘතුගීසි වදන් රියෝ ඩි ජැනීරෝ යන නාමය සකස් කිරීම සඳහා සම්බන්ධ කරනු ලැබීය.
14. සිරකරුවන්ගේ ජනාවාසයක් පිහිටුවාගැනීම සඳහා 1788 ජනවාරි මාසයේදී සිරකරුවන් 750ක් මෙම පෙදෙසට පැමිණියහ; අදදින ඕස්ට්‍රේලියාවේ පැරණිතම මෙන්ම විශාලතම නගරය සිඩ්නි වේ.
15. ශතවර්ෂ තුනකට පමණ, බොස්ටන් නගරය ජීවිතවලට බලපෑ ප්‍රමාණයටම එක්සත් ජනපදයේ ජීවිතවලට බලපෑවේ නගර ස්වල්පයක් පමණි, ආගමික වද හිංසා නිසා යුරෝපයෙන් පලා ගිය පියුරිටන්වරුන් විසින් මෙම නගරය පිහිටුවන ලදි. වර්ෂ 1773දී එහි වැසියන් (අමෙරිකානු) ඉන්දියානුවන් ලෙස වෙස්මාරු කරගෙන, බ්‍රිතාන්‍යයට ආණ්ඩුක්රමයේ නියෝජිතයන් නොසිටියදී අයබදු ගෙවීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළකිරීම සඳහා නෞකා තුනක තේකොළ බොස්ටොන්හි වරාය තුළට හැලීමෙන් අමෙරිකානු විප්ලවය ඇවිස්සීමට උපකාර කළහ.
16. සඳුන් වෙළෙන්දන් සහ තල්මසුන් මරන්නන් සඳහා මුලින් ප්‍රධාන ස්ථානයක් වූ හොනලුලු, පිළිවෙළින් රුසියානුවන්, බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් විසින් අල්ලාගනු ලැබ IIIවන කමෙහමේහා රජට නැවත භාර දෙන ලදි. වර්ෂ 1850දී එය තම රාජ්‍යයේ අගනුවර ලෙස ඔහු ප්‍රකාශ කළේය. හවායි 1900දී එක්සත් ජනපදයේ ක්ෂේත්රය වශයෙන් පිළිගනු ලැබ, 1959දී එය ජනපදයක් බවට පත් විය.
17. එහි හොඳම මෙන්ම නරකම අංගවලින් එක්සත් ජනපදය පිළිබිඹු කරන චිකාගෝ, එක්සත් ජනපදයේ නියම නගරය යයි ඇතැම්හු කියති. සමහරුන් කියන පරිදි වර්ෂ 1871දී ඕලියරේ මහත්මියගේ එළදෙන ගවමඩුවේ තිබූ දල්වන ලද ලාම්පුවකට පයින් ගසා එය පෙරළීමෙන් හටගත් ගින්නකින් නගරයේ මැද කොටස සහමුලින්ම යටපත් විය. දෙසියපනස් දෙනෙකු පමණ මියගිය අතර, 90,000කට නිවාස අහිමි විය. චිකාගෝහි පිහිටි අඩි 1,454ක් උස සීයස් ටවර් නමැති ගොඩනැගිල්ල ලෝකයේ ඇති උසම ගොඩනැගිල්ල වේ.
18. බෙල්ජියානු රජු වූ IIවන ලියෝපෝල්ඩ්ගේ නමින් නම් කරන ලද ලියෝපොල්ඩ්විල්, 1960දී බෙල්ජියානු කොංගෝහි වැටීමෙන් පසුව කොංගෝහි සමූහාණ්ඩුවේ අගනුවර බවට පත්විය. වර්ෂ 1971දී එම රටේ නාමය සයර් යනුවෙන් වෙනස් කරන ලදි; 1966දී අගනුවර කින්ශාසා යනුවෙන් නැවත නම් කරන ලදි.
19. ඇලෙක්සැන්ඩ්‍රියාවට එහි නාමය ලැබුණේ, පො.යු.පෙ. 332දී එය ගොඩනැගීමට අණ දුන් මහා ඇලෙක්සැන්ඩර්ගෙන්ය. වසර සියයකට වඩා අඩු කලකට පසුව, පදිංචිකාර යුදෙව්වෝ—ඇතැම්විට IIවන ටොලමි ෆිලඩෙල්ෆස්ගේ පාලනයේදී (පො.යු.පෙ. 285-246)—සෙප්ටුඅජින්ට් පරිවර්තනය නිකුත් කිරීම සඳහා හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමට පටන් ගත්හ.
20. ජොහැනිස්බර්ග්, මුහුදු වෙරළක, විලක හෝ ගංගාවක නොපිහිටි මෙම නගරයට, විශාල නගරයක කීර්තිය ලැබීමට හේතුව වනුයේ 1886දී එහි රත්රන් තිබෙන බවට සොයාගනු ලැබීම නිසාය. වර්ෂ 1887දී 2,000 සිට 1899දී 1,20,000ක් දක්වා එහි ජනගහණය වර්ධනය වූ අතර අදදින මිලියන 1.7කටත් වඩා වැඩි ජන සංඛ්‍යාවක් ඊට ඇත.
[8 පිටුවෙහි ඇති පින්තූර]
බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ
[9 පිටුවෙහි ඇති පින්තූර]
තායිලන්තයේ බැංකොක්
[හිමිකම් වඟන්තිය]
තායිලන්තයේ සංචාරක අධිකාරිය
[10 පිටුවෙහි ඇති පින්තූර]
වම: ඕස්ට්‍රේලියාවේ සිඩ්නි
පහත: බොලිවියාහි ලාපාස්
[11 පිටුවෙහි ඇති පින්තූර]
චීනයේ ෂැංහයි
[12 පිටුවෙහි ඇති පින්තූර]
වම: හවායිහි හොනලුලු
දකුණ: හොංකොං