ඔබ කවදා හෝ මෙසේ කල්පනා කර තිබෙන්නෙහිද?
ශරීරය මියයන විට බේරී ජීවත්වන අමරණීය ආත්මයක් මිනිසා සතුව ඇතැයි ඔබ විශ්වාස කරන්නෙහිද? මිලියන ගණන්, සමහර විට බිලියන ගණනක් විශ්වාස කරන්නේ පවතින වෙනත් ලෝකයකට හෝ ස්ථානයකට යන නැතහොත් වෙනත් සත්ත්වයෙකු වශයෙන් නැවත උපදින ආත්මයකින් මිනිසා දායාද ලැබ සිටින බවයි. ආත්මය ගැන බයිබලය පවසන්නේ කුමක්ද? පහත දැක්වෙන ප්රශ්න කුතුහලය දනවන, ආත්මික ආලෝකය ගෙන දෙන්නක් බව ඔබ විසින් සොයා ගනු ඇත. පිළිතුරු සඳහා, සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි සෝදිසි කිරීමට හෝ 21වන පිටුව බැලීමට අපි යෝජනා කරන්නෙමු.
1. ආදම්ව මවනු ලැබුවේ ස්වර්ගයෙහිද, නැතහොත් පොළොවෙහිද?—උත්පත්ති 1:26-28.
2. ආදම්ව මවනු ලැබුවේ මරණීයවද නැතහොත් අමරණීයවද?—උත්පත්ති 2:15-17.
3. ආදම් අකීකරු වී, පව් කළේ නැත්නම්, ඔහු මරණයට පත්වනු ඇත්ද?—රෝම 6:23.
4. ආදම්ගේ ක්රියා මාර්ගයෙන් ඔප්පු කළේ ඔහු මරණීය බවද නැතහොත් අමරණීය බවද?—උත්පත්ති 3:19; 5:5.
5. ආදම්ගේ පාපය හේතුවෙන්, ඔහුට අහිමි වූයේ භූමික නිවසක්ද නැතහොත් ස්වර්ගික එකක්ද?—උත්පත්ති 1:26-28.
6. යේසුස්වහන්සේ පැමිණියේ ආදම්ගේ පහත වැටීමෙන් අහිමි වූ දේ ප්රතිසංස්කරණය කිරීමට නම්, ප්රතිසංස්කරණය කරනු ලබන්නේ කුමක්ද?—ගීතාවලිය 37:29; රෝම 5:18, 19; එළිදරව් 21:1-4.
7. ආදම්ව සාදා තිබුණේ ආත්මය සහ ශරීරය යන එකිනෙකට වෙනස් කොටස් දෙකකින් යුක්තවද?—උත්පත්ති 2:7; 1 කොරින්ති 15:45.
8. ආදම් ආත්මයක්ව හා ශරීරයක්ව සිටි බව ඔබ විශ්වාස කරන්නෙහි නම්, පව් කළේ කුමන කොටසද, ආත්මයද නැතහොත් ශරීරයද?—ගීතාවලිය 51:1-4.
9. ඔබ “ආත්මය,” කියා පිළිතුරු දෙන්නෙහි නම්, ශරීරය වේදනා විඳිය යුත්තේ මන්ද?
10. ඔබ “ශරීරය,” කියා පිළිතුරු දෙන්නෙහි නම්, ආත්මයට ගැලවීම ලබාදිය යුත්තේ මන්ද?
11. මිනිසා මරණයෙදී ස්වර්ගයට යනවා නම්, පාපය සහ මරණය ශාපයක් යයි බයිබලය පවසන දෙයට වඩා එය ආශීර්වාදයක් වන බව ඔප්පු නොකරන්නේද?—රෝම 5:12; 6:21-23.
12. ආදම්ට ඔහුගේ පාපය වෙනුවෙන් පනවා තිබුණේ කුමන දඬුවමද—මරණයද නැතහොත් වෙනත් තැනක දිගටම ජීවත්වීමද?—උත්පත්ති 2:16, 17; 3:19.
13. ශරීරයට එක දඬුවමකුත්, ආත්මයට වෙනත් දඬුවමකුත් තිබුණාද?—දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4.
14. නිරයෙහි සදහටම වද කරනු ලැබීමක් දෙවියන්වහන්සේගේ සිතෙහිවත් තිබුණාද?—යෙරෙමියා 7:31.
15. පාවුල් පැවසූ දෙයට අනුව පාපයේ කුළී මොනවාද?—රෝම 6:23.
16. පාවුල් සඳහන් කරන්නේ නිරයෙහි සදාකාල වද කරනු ලැබීමක් ගැනද?—රෝම 6:7.
17. සැබවින්ම නිරය පවතිනවා නම්, කෙටි ජීවිත කාලයකදී පුද්ගලයෙකු කරන ලද පාප සඳහා ඔහු සදාකාලයටම දුක් විඳිනු ලබන්නේ මන්ද? දෙවියන්වහන්සේගේ යුක්තිය මිනිසාගේ යුක්තියට වඩා අඩු එකක්ද?—රෝම 9:14.
18. පැරණි ඇදහිලිවන්ත මිනිස්සු ස්වර්ගයට හෝ ගිනිමය නිරයකට ගියා වූ ආත්මයක් තමන්ට තිබුණු බව විශ්වාස කළෝද?—උත්පත්ති 37:35; ගීතාවලිය 89:48; ක්රියා 2:34.
19. මළ අය සඳහා සැබෑ බලාපොරොත්තුව කුමක්ද?—යොහන් 5:28, 29; 11:23-26; ක්රියා 24:15.
20. අමරණීය ආත්මයක් නැත්නම්, ස්වර්ගවල ක්රිස්තුස්වහන්සේ සමඟ ඇතැමෙක් (1,44,000ක්) පාලනය කරන්නට යන්නේ කෙසේද?—1 කොරින්ති 15:42-49, 53, 54; එළිදරව් 14:1, 4; 20:4.a
[පාදසටහන්වල]
a “අමරණීය ආත්මය” යන ප්රකාශනය බයිබලයේ කොතැනකවත් දක්නට නැත. “අමරණීයත්වය” (ග්රීක්, ඇ-ත-නේ-සි’ආ) යන වචනය බයිබලයේ දක්නට ලැබෙන්නේ තුන් වතාවක් පමණක් වන අතර කිසිවිටකත් ආත්මයට සම්බන්ධව නොවේ. (1 කොරින්ති 15:53, 54; 1 තිමෝති 6:16) මරණයේදී සිදුවන දේ සහ මළවුන්ට ඇති සැබෑ බලාපොරොත්තුව ගැන වැඩි විස්තරාත්මකව සලකා බැලීම සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්රැක්ට් සොසයටි ඔෆ් නිව් යොර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිත රීසනිං ෆ්රොම් ද ස්ක්රිප්චර්ස් යන ප්රකාශනයේ පිටු 168-75 (Hell), 333-40 (Resurrection), 375-84 (Soul, Spirit) බලන්න. g94 1/8