ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 7/8 28 පි.
  • ඔබේ ශෝකයට උපකාරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ ශෝකයට උපකාරය
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්වහන්සේගේ දැනගැන්ම හා බලය සමබරය
  • මිනිසුන් මැරෙන්නේ මන්ද කියා දේව වචනය පැහැදිලි කරයි
  • සුවවීමට මාර්ගය
  • “හඬන අයත් සමඟ හඬන්න”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වියෝ දුක දරාගැනීම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • රුදුරු මරණය
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 7/8 28 පි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබේ ශෝකයට උපකාරය

“දුක අප සියල්ලන්වම නැවතත් දරුවන් කරයි—බුද්ධියේ සියලු විෂමතා විනාශ කරයි. නුවණැත්තා කිසිවක් නොදනියි.”—දහනවවන-ශතවර්ෂයේ අමෙරිකානු කවියෙකු හා රචකයෙකු වන රැල්ෆ් වොල්ඩෝ එමර්සන්.

මරණයේ කටුව වේදනාවක් පමණක් නොව නමුත් ජීවත්වී සිටින වැඩි දෙනෙකුව—එනම් ස්වාමිපුරුෂයාව, භාර්යාවව, පියාව, මවව, පුතාව, දුවව හෝ මිතුරන්ව—කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් කරයි. නැණවතා ප්‍රශ්න ඇසිය හැකි නමුත් සැනසිලිදායක පිළිතුරු අසන්නට නොලැබේ, ශක්තිවන්තයා බලවත් ශෝකයෙන් හඬා වැළපෙන නමුත් කිසි අස්වැසිල්ලක් නොලැබේ. ද්‍රෝහිකාර අබ්සලොම්ව මරණයට පත් කිරීමේදී දාවිත්ගේ මොරගෑමේ වචන, බයිබල් පාඨකයන්ට මෙසේ සිහිගැන්විය හැක: “මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය.” (2 සාමුවෙල් 18:33) මෙය රාජද්‍රෝහියෙකු සම්බන්ධයෙන් රජෙකුගේ හඬා වැළපීමක් නොවීය; එය පියෙකු තම පුතා වෙනුවෙන් හඬා වැළපීමක් විය. වියෝවන විට ඔබටත් එවැනිම හැඟීමක් තිබුණා විය හැක.

බලවත් ශෝකයේ කාල පරිච්ඡේදයකදී, මනසට වදදෙන ප්‍රශ්න පැන නැඟිය හැක. ‘එසේ සිදුවන්නට තිබුණේ මන්ද? මෙය සිදුවන බව දෙවියන්වහන්සේ දැන සිටිසේක්ද? උන්වහන්සේ දැන සිටියා නම්, උන්වහන්සේ එය නොවැළැක්වූයේ මන්ද?’ බයිබලය ගැන පුද්ගලයෙකු හොඳින් දැන සිටිය හැකි වුවත්, මළවුන් නැවත නැගිටුවනු ඇති බව දැන සිටියත්, කරදරකාරි ප්‍රශ්නවලදී අස්වැසිල්ල හා සැනසීම සඳහා ගැඹුරු මෙනෙහි කිරීමක් අවශ්‍ය විය හැක.

වැරදි පිළිතුරුවලින් සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැත, ලැබෙන්නේ බොරු සැනසීමක් පමණි. ‘දෙවියන්වහන්සේට ඔබේ ප්‍රේමනීය තැනැත්තා අවශ්‍ය වුණා’ යයි පැවසීම මගින් බොහෝ විට තික්ත ආත්මයකින් යුතුව දෙවියන්වහන්සේගෙන් ඈත්වීමට සලස්වයි. බයිබලයේ අඩංගු පරිදි සත්‍යය මගින්, කෙනෙකු යෙහෝවඃ දෙවියන්වහන්සේ වෙතින් ඉවත්කර දමනවා වෙනුවට, ශෝකය සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සපයා, එම තැනැත්තාව උන්වහන්සේ වෙත සමීප කරයි. උන්වහන්සේ දයාබර කරුණාවල පියාණන්ද සෑම සැනසිල්ලේ දෙවිඳාණන්ද බව අපට 2 කොරින්ති 1:​3, 4හි සහතික කර ඇත.

දෙවියන්වහන්සේගේ දැනගැන්ම හා බලය සමබරය

සර්වබලධාරි යෙහෝවඃවහන්සේ, ස්වකීය විශාල මැවිල්ලෙහි සිදුවන සියල්ල දන්නා සේක. ගීතාවලිය 11:4 අපට මෙසේ සහතික කරයි: “ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW ] සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.” හෙබ්‍රෙව් 4:13හි ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත.” දෙවියන්වහන්සේ දන්නා සේක් පමණක් නොව නමුත් උන්වහන්සේ සැලකිලිමත්ද වන සේක! යේසුස්වහන්සේ මෙසේ පැවසූ සේක: “ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. . . . නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.”—මතෙව් 10:​29, 31.

ප්‍රේමනීයයෙකුගේ අකල් මරණය හා ඉන්පසු ඇතිවන ශෝකය වැළැක්වීමට දෙවියන්වහන්සේට නොහැකිව තිබුණේද? එසේය, උන්වහන්සේට හැකිව තිබුණි. “දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි,” යේසුස්වහන්සේ ප්‍රකාශ කළ සේක. (මාර්ක් 10:27) බොහෝ කලකට පෙර, මරණාසන්නව සිටි හෙසකියාගේ යාච්ඤාවට යෙහෝවඃවහන්සේ සවන් දුන් අතර ඔහුව සුවකර, ඔහුගේ ජීවිත කාලය දිගු කළ සේක. (යෙසායා 38:​2-5) යෙහෝවඃවහන්සේ කැමති සියල්ල කිරීමට උන්වහන්සේට හැකියාව තිබෙන බවට කිසි ප්‍රශ්නයක් නැත, නමුත් උන්වහන්සේගේ කැමැත්ත ගැන අප වැඩියෙන් තේරුම්ගත යුතුය. දරුණු ලෙස පීඩා හා රෝග වින්දත්, තවදුරටත් ජීවත්වූ අය ගැන වාර්තා අපි සියලු දෙනාම කියවා ඇත්තෙමු. ඔවුන් වෙනුවෙන් යෙහෝවඃවහන්සේ මැදිහත් වූ සේක්ද?

සමහරුන්ට විශේෂ සුවවීමේ බලයන් හා ජීවත්වීමට දැඩි කැමැත්තක් තිබේ. මෙමගින් ඔවුන්ගේ ප්‍රාතිහාර්යමය සුවවීමක් ගැන පැහැදිලි කිරීමක් කළ හැක. නැතහොත් යම් අලුත් ප්‍රතිකාරයක් සාර්ථක වූ බව ඔප්පු කළා විය හැක. මෙබැවින්, යෙහෝවඃවහන්සේ මැදිහත් වූවා යයි අප කල්පනා කිරීමකින් තොරව නිගමනය නොකළ යුතුය.—පිලිප්පි 4:13.

මිනිසුන් මැරෙන්නේ මන්ද කියා දේව වචනය පැහැදිලි කරයි

අපගේ මුල් පියාවන ආදම් ඔහුගේ මැවුම්කරුවාණන්ට විරුද්ධව කැරලිගැසූ අතර යුක්තිසහගත ලෙස මරණයට පත්කළ බව ප්‍රේරිත පාවුල් රෝම 5:12හි ඉතා සරලව පැහැදිලි කරයි. අප ඔහුගෙන් පැවතෙන්නන් බැවින්, අපි පව්කාරයන් වන අතර ඕනෑම වේලාවක මරණයට යටත් වී සිටින්නෙමු. නොනැවතී පවතින ජීවිතයක සහතිකයක් අපට නැත. එය මාරාන්තික අනතුරක් හෝ හදිසි මරණයෙන් කෙලවර වන රෝගයක් හෝ වේවා, ඕනෑම වේලාවකදී ඕනෑම කෙනෙකුට කාලය හා හදිසි සිදුවීම්ද ඇති විය හැකි බව පුරාණයේ ඥානවන්ත සාලමොන් රජ පැහැදිලි කරයි. එසේ නැතහොත් කෙනෙකු සිය ජීවිතය කෙටි කරන සහජ ආබාධයක් සහිතව ඉපදෙන්නට පුළුවනි. දෙවියන්වහන්සේට සෑම දෙයටම වේලාවක් හා කාලයක් තිබෙන බවද සාලමොන් පැහැදිලි කරයි. එක්කෙනෙකු හෝ කීපදෙනෙකු පමණක් නොව නමුත් විශ්වාස කරන සියලු මිනිස් වර්ගයාවම ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ පාලන සමයේදී සුව කිරීමට දෙවියන්වහන්සේ වේලාවක් නියම කර ඇත.—දේශනාකාරයා 3:1; 9:11; 1 කොරින්ති 15:​25, 26.

මෙම සන්සුන්කරවන සිතුවිල්ල මනසෙහි තබාගන්න: මිනිස් ජාතිය පීඩා විඳින විපත්තිවලින් හා මෙලෙස මිනිස්වර්ගයා ගොදුරුවන පොදු අද්දැකීම්වලින් ක්‍රිස්තියානිහු නිදහස් නොවෙති. “ඔබට දරාගැනීමට සිදුවී තිබෙන පරීක්ෂා ජනයාට සාමාන්‍යයෙන් තිබෙන ඒවාට වඩා වැඩි යමක් නොවේ.”—1 කොරින්ති 10:​13, ද ජෙරුසලම් බයිබල්.

සුවවීමට මාර්ගය

මරණය වනාහි කඳුළෙන් මුසුව, ඉමහත් අවංකකමකින් යාච්ඤා අසන තැනැත්තාණන්වන යෙහෝවඃවහන්සේගෙන් යැදීමේ අවස්ථාවකි. දැන් පෙර කිසිදාකට වඩා, දෙවියන්වහන්සේට සමීප වන්න. දැන් පෙර කිසිදාකට වඩා, යළි හැඩගැසීමට ශක්තිය හා තීක්ෂ්ණ බුද්ධිය ඉල්ලමින් ඔබේ හෘදය වගුරුවන්න. බයිබලය අපට දිරිගන්වන්නේ එයම කිරීමටය. පේතෘස් මෙසේ පවසයි: “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබාපල්ලා.” (1 පේතෘස් 5:7) යෙසායා 57:15හි දෙවියන්වහන්සේගේ මෙම වචන කෙතරම් සැනසිලිදායකද: “උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනැන්වහන්සේ මෙසේ කියනසේක: මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.” පොඩිවී සිටින්නා පියාණන් වෙත බැඳෙයි; වෙන කවදාටත් වඩා ඉමහත් කුලුපගතාවක් ඇත. “ඔබ දෙවියන්වහන්සේට ළංවන තරමටම, උන්වහන්සේ ඔබට ළංවන සේක,” යයි යාකොබ් ලියයි. (යාකොබ් 4:​8, JB) සුවවීම සඳහා අවශ්‍ය ප්‍රඥාව සහ ශක්තිය අපට දීමට දෙවියන්වහන්සේ කැමති බව යාකොබ් අපට සහතික කරයි.

ඊට අමතරව, අන්‍යයන්ගේ පීඩා සහ විපත්ති සම්බන්ධයෙන් ඔබ පෙරට වඩා වැඩි දයාබර කරුණාවක් දක්වන බවත්, වැඩි අනුකම්පාවකින් හෙබි පුද්ගලයෙකු බවට පත්වී ඇති බවත් ඔබ දැනගනියි. අන්‍යයන්ට හැඟෙන ආකාරය ගැන හා සැනසීමේ සහ බලාපොරොත්තුවේ වචන ඉදිරිපත් කරන ආකාරය ගැන ඔබ පෙරට වඩා දනියි. ශෝකවන තැනැත්තෙකුට සිය කනගාටුවෙන් මිදීමට උපකාර කිරීමට ඔබට පුළුවන් වනවා විය හැක. එසේය, අන්‍යයන්ගේ සිත්තැවුලේදී අන්‍යයන් සඳහා ඔබට පෙරට වඩා සංවේදනයක් තිබේ.—පිලිප්පි 2:1.

ප්‍රේමනීයයෙකු අහිමිවීම කලකට, සමහර විට දිගු කලකට ශෝකීය හා වේදනාකාරී විය හැක. එහෙත්, අවසානයේදී, එමගින් ඉදිරියේ ඇති බලාපොරොත්තුව, වේදනාකාරී අද්දැකීම්වලින් නිදහස්ව දෙවියන්වහන්සේට සේවය කිරීමේ බලාපොරොත්තුව ගැන වඩා පැහැදිලි දෘෂ්ටියක් උපදවා දිය හැක. අපගේ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වඩා ශක්තිමත් වීමට පවා අපට හැක.—1 පේතෘස් 1:​6, 7.

එබැවින් ශෝකයේ වේදනාව තිබුණත්, කිසිදා අත්නොහරින්න! යෙහෝවඃවහන්සේව මහිමයට හා ගෞරවයට පත්කිරීමටත්, ඔබේ සදා ගැළවීම සඳහාත්, දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව හා පක්ෂපාතව දිගටම සේවය කිරීම ඔබේ අධිෂ්ඨානය වීමට සලස්වන්න. g94 3/8

[හිමිකම් වඟන්තිය]

The Day Before Parting by Jozef Israels: Gift of Alice N. Lincoln, Courtesy, Museum of Fine Arts, Boston

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න