ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගන්න
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරෝලිනාහි රෝගියෙක්, පවුල් ජීවිතය භුක්තිවිඳින්න නමැති පත්‍රිකාව ඇගේ හෙදියන්ගෙන් එක්කෙනෙකුට යැවූ විට, එයට ස්තුති කිරීම සඳහා හෙදිය ඈට දුරකථනයෙන් ඇමතුවා. හෙදිය ඇගේ ස්වාමිපුරුෂයා සමඟ එම පත්‍රිකාව ඉතා අගය කිරීමකින් යුක්තව කියවූ බව කීවා. ඇත්ත වශයෙන්, පවුල්වලට උපකාර කිරීම සඳහා එතරම් ඒකාන්ත වූ යමක් ලබාගත හැකිව තිබූ බව ඔවුන්ට විශ්වාස කිරීමට අපහසු වූ බව හෙදිය පැවසුවා.
රෝගියා මෙසේ පැහැදිලි කළා: “පවුල තුළ තිබිය යුතු නියම මෙන්ම ඒකාන්ත දේවල් සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරමින් සිටි දේවල්ම එම පත්‍රිකාවේ තොරතුරුවල අඩංගු වූ බවත් එම විෂය සම්බන්ධයෙන් මුද්‍රණය කරන ලද කිසිවක් ලබාගත හැකිව තිබුණා කියා ඔවුන් දැන නොසිටි බවත් හෙදිය මට පැවසුවා. තමා යන සෑම තැනකටම එම කුඩා පත්‍රිකාව රැගෙන යන බවත් එය නැවත නැවත කියවන බවත් පවසමින් ඇය එම දුරකථන ඇමතුම අවසන් කළා. පවුල් ජීවිතය සම්බන්ධයෙන් වෙනත් තොරතුරු මා ළඟ තිබේ නම්, ඇයට එය ලැබෙන්ට සලස්වන මෙන් ඇය ඉල්ලා සිටියා.”
ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම නමැති පොත එම හෙදියට රෝගියා යැව්ව අතර, ඇය හමුවී සාකච්ඡා කිරීමටද සැලසුම් කළා. ඔබගේ පවුල් ජීවිතය වඩාත් සන්තෝෂවත් කරගැනීම සඳහා තොරතුරු ලබාගැනීමට ඇතැම්විට ඔබත් කැමති විය හැකිය. පවුල් ජීවිතය භුක්තිවිඳින්න හෝ ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම යන පත්‍රිකාව හෝ පොතේ පිටපතක් ලබාගැනීමට නැතහොත් නොමිලයේ නිවාස බයිබල් පාඩමක් ලබාගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ ලැයිස්තුගත කොට ඇති අදාළ ලිපිනයකට ලියන්න. g94 8⁄22