ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 3/8 30 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජල අර්බුදයක්
  • අභාවයට පත්වන ජපන් සම්ප්‍රදායක්
  • එළිමහන් ව්‍යායාම් සම්බන්ධයෙන් අවදිව සිටීම
  • චීනයේ මෝටර් රථ ස්වල්පයක් පමණක් තිබීමට හේතුව
  • කැමරාවල් වෙනසක් සිදු කරයි
  • 1914 පරම්පරාව
  • කෘමීන් බේරාගන්න
  • අභාවයට යන භාෂා
  • සර්පයාගේ බෙදුණු දිව
  • රෝගීන්ගෙන් ලිංගික හිරිහැර
  • දැවීයන කනීනිකා
  • පාසැල්-මිදුලේ අපරාධ
  • ලිංගික හිරිහැර—සමස්ත ලෝක ගැටලුවක්
    1996 පිබිදෙව්!
  • ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ?
    2000 පිබිදෙව්!
  • ලිංගික හිරිහැර—ඔබව ආරක්ෂා කරගන්නා අයුරු
    1996 පිබිදෙව්!
  • හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?
    2005 පිබිදෙව්!
1995 පිබිදෙව්!
g95 3/8 30 පි.

ලෝකය දෙස බැලීම

ජල අර්බුදයක්

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් පළ කරන ලද අලුත්ම වාර්තාව පවසන්නේ වර්ෂ 2000 වන විට පෘථිවිය වටා රටවල් 30ක් පමණ දරුණු ජල හිඟයකට මුහුණ දෙනු ඇති බවය. FAO පවසන පරිදි, සීමාසහිත ජල සම්පත් සඳහා නිරතුරු-වැඩිවන තරඟකාරිත්වය සමඟින්, මිලියන සිය ගණනක ජනයාට තමන්ගේ ජීවිත බේරාගැනීම සඳහා අවශ්‍ය වන අවම ජල ප්‍රමාණය නොලැබෙනු ඇත. ඉමහත්ම අනතුරක සිටින්නේ අප්‍රිකාවේ සහරාවට උතුරින් හා දකුණින් මෙන්ම මැදපෙරදිගේ සහ හංගේරියාවේ සිටින ජනගහනයන්ය. පැරිසියේ ල මොන්ඩ් පුවත්පතේ පළ වූ වාර්තාව පවසන්නේ කෘෂිකර්මය වාරිමාර්ග සඳහා භූමියේ නැවුම් ජල සැපයුම් සියයට 70ක් (සංවර්ධනය වෙමින් පවතින රටවල සියයට 90ක්) පමණ භාවිත කරන බවය. නිරර්ථක වාරිමාර්ග ක්‍රම හේතුවෙන් මෙම ජලයෙන් සියයට 60ක් දක්වා අපතේ යන බවට FAO තක්සේරු කරයි.

අභාවයට පත්වන ජපන් සම්ප්‍රදායක්

ජපන් ජනයා සම්ප්‍රදායානුකූල ලෙස තම වැඩිමහල්ලන්ට පෙන්වා ඇති ගැඹුරු ගෞරවය පිරිහෙමින් පවතින බව පෙනෙන්ට තිබේ. මහලු අයගේ ශාරීරික සහ මනෝවිද්‍යාත්මක පීඩාව වැඩිවෙමින් පවතී. එක් ප්‍රවීණයෙකු පවසන පරිදි, බොහෝ නවීන පවුල්වලට තම මහලු නෑදෑයන්ව අකමැත්තෙන් රැකබලාගැනීමට සිදුවන අතර අධික වෙහෙසට මුහුණ දීමට නොහැකිව සිටින බව මයිනිචි ඩේලි නියූස් පැහැදිලි කරයි. ඔවුහු බොහෝ විට ප්‍රචණ්ඩකාරි වීමට හෝ නොසලකා හැර කටයුතු කිරීමට නැඹුරුවෙති. මයිනිචි ඩේලි නියූස් පුවත්පතට අනුව, එක් අවස්ථාවකදී මිනිසෙකු “ඔහුගේ 75 හැවිරිදි පියා සිය විශ්‍රාම වැටුප තමාට දීමට ප්‍රතික්ෂේප කළ ඕනෑම වෙලාවක ඔහු දරුණු ලෙස තුවාල ලබන තෙක්ම ඔහුට පහර දීමේ පුරුද්දට” වැටුණි. එවැනිම තවත් උදාහරණවලට වයෝවෘද්ධ දෙමව්පියෙකුගේ අත්, පා බැඳීම සහ ඉන්පසු ඔහුව කාමරයක දමා අගුළු ලෑම මෙන්ම මහලු ස්ත්‍රියකගේ මුඛය තුළට රෙදි කෑලි එබීම වැනි දෑ ඇතුළත් වේ.

එළිමහන් ව්‍යායාම් සම්බන්ධයෙන් අවදිව සිටීම

“වුවමනාවට වඩා ඉහළ පැනීම ඇතුළු අධි-වේග එළිමහන් ව්‍යායාමයේ යෙදීමෙන්” මැද කනේ හානි ඇතිවීම ප්‍රතිඵලය විය හැකි යයි ලන්ඩන්හි ද ටයිම්ස් වාර්තා කරයි. පෙනෙනාකාරයට බලවත් ලෙස උඩ පැනීමේ බොහෝ සැසිවාරයන් පැවැත්වීමෙන් මැද කනේ සියුම් කණිකාවලට ස්ථිර ලෙසම හානි සිදුවිය හැක. පොදු රෝග ලක්ෂණ සමහරක් නම් කරකැවිල්ල, තමන්ව සමතුලිතව තබාගැනීමට නොහැකි වීම, රථ වාහනවල ගමන් කරද්දී ඇතිවන ඔක්කාරය සහ කන් තුළ තියුණු ශබ්දයක් ඇති වීමය. අධි-වේග එළමහන් ව්‍යායාම් පංතිවල දවසකට දෙවරක් ඉගැන්වූ ස්ත්‍රීන් පිළිබඳ මෑත සමීක්ෂණයක් හෙළි කළේ අධි-සංඛ්‍යාත ශබ්ද සවන් දීමේදී සියයට 83කට ගැටලු තිබූ බවය. සැලකිලිමත් වීමට තවත් හේතුවක් වනාහි ඇතැම් ස්ත්‍රීන් අධික සේ බලවත් ව්‍යායාමයට ඇබ්බැහි වීමක්, එනම් “දිගු වේලාවක් බලවත් ව්‍යායාමයේ යෙදීම” වර්ධනය කරගන්නා බවක් පෙනෙන්ට තිබීමය. එයට ගොදුරු වූවන්ට ලැබෙන ප්‍රතිඵල වන්නේ “මාංස පේශි පෙරළීම, අධික කායික විඩාවෙන් අස්ථි බිඳීම, එමෙන්ම ඉහළ පැනීම ඇතුළු අධික ව්‍යායාම් පංතිවලට සහභාගි වීමෙන්, සමතුලිතභාවය රැකගැනීමේ ගැටලු ඇතිවීම,” බව ද ටයිම්ස් පුවත්පත සටහන් කරයි.

චීනයේ මෝටර් රථ ස්වල්පයක් පමණක් තිබීමට හේතුව

බිලියන එකකට වැඩි ජනගහනයක් සිටින චීනයට, පුද්ගලයන්ට අයිති වාහන තිබෙන්නේ 50,000ක් පමණි. තවදුරටත්, චයිනා ටුඩේ පවසන පරිදි, මෙම සංඛ්‍යාව “ඉතා විශාල වැඩිවීමක්” නියෝජනය කරයි. එම රට තුළ 1983දී තිබුණේ පෞද්ගලික මෝටර් රථ 60ක් පමණි! නුදුරු අනාගතයේදී මෝටර් රථ අයිතිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වේ යයි අපේක්ෂා කෙරේ. කෙසේවුවද, මිල දී ගැනීමට අපේක්ෂා කරන්නෙකු වියදම ගණන් බැලිය යුතුය. චීනයේ වාහනයක මිල ඉහළ නංවන විවිධ බදු වර්ග 40කට වඩා තිබේ. උදාහරණයක් වශයෙන්, “චීනයේ මෝටර් රථයක් යුවන් 3,00,000කට (එ.ජ. $37,000කට පමණ) මිල දී ගත හැක, එහෙත් වෙනත් රටවල එය එ.ජ. $10,000කට වඩා වැඩි වන්නේ නැත.” රිය පැදවීමට ඉගෙනීම සඳහා යන වියදම ගැන කුමක් කිව හැකිද? එක රියැදුරු පාසැලක් “සාමාන්‍ය වේතනයක් උපයන්නෙකුගේ වාර්ෂික ආදායම මෙන් දෙගුණයක්,” අය කරන බව චයිනා ටුඩේ සඟරාව සඳහන් කරයි.

කැමරාවල් වෙනසක් සිදු කරයි

එංගලන්තයේ ලන්ඩන්හි ප්‍රවාහන දෙපාර්තමේන්තුව, වේගයෙන් ධාවනය වන වාහනවල අංක තහඩු ඡායාරූපගත කිරීම සඳහා, කැමරා සවි කර තිබෙන ප්‍රදේශවල වේගයෙන් ධාවනය කිරීම පිළිබඳ නීති කඩ කරන සංඛ්‍යාවේ පුදුමාකාර අඩුවීමක් වාර්තා කරයි. මෙම කැමරාවල් මගින්, වේගයෙන් රිය පදවන රියැදුරන්ට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා යොදාගැනෙන ඡායාරූප බලධාරීන්ට සපයනු ලැබේ. රතු සංඥා එළිය පසු කර යන්නන්ට විරුද්ධව චෝදනාවට ලක් කරන සාක්ෂි ඉදිරිපත් කිරීමටද ඒවාට හැක. කැමරා සවි කර තිබෙන බැවින්, “ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන මාර්ගවල දරුණු ලෙස තුවාල ලබන ජනයාගේ සංඛ්‍යාව තුන් ගුණයකින් අඩුවී තිබේ,” යයි නිව් සයන්ටිස්ට් සඟරාව වාර්තා කරයි. කැමරා ක්‍රියාත්මක වීමට පටන්ගත් විට, උපරිම නීත්‍යනුකූල වේග සීමාව වන පැයට සැතපුම් 20 ඉක්මවන වාහනවල සාමාන්‍ය සංඛ්‍යාව, දිනකට මෝටර් රථ 1,000 සිට 30ක් දක්වා අඩුවිය. “සංඥා එළි තකන්නේ නැතිව රිය පදවන රියැදුරන්ගේ සංඛ්‍යාවේ සියයට 40ක අඩුවීමක් තිබී ඇති අතර මංසන්ධිවල සිදුවන අනතුරුවල සංඛ්‍යාවේ සියයට 60ක අඩුවීමක් තිබී ඇතැයි,” නිව් සයන්ටිස්ට් සඳහන් කරයි.

1914 පරම්පරාව

පළමුවන ලෝක යුද්ධයේදී සහභාගි වූ එ.ජ. පුරුෂයන් සහ ස්ත්‍රීන් 47,43,826දෙනාගෙන් 1984දී ජීවත්ව සිටියේ 2,72,000ක් පමණි. (එවේක්!, 1988 අප්‍රියෙල් 8) වයෝවෘද්ධයන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන දෙපාර්තමේන්තුවට අනුව, අදදින එම සංඛ්‍යාව, තක්සේරු කර තිබෙන පරිදි 30,000කට අඩුවී තිබෙන බවය, එමෙන්ම ඔවුන්ගේ සාමාන්‍ය වයස 95කි. කෙසේවුවත්, 1914 හෝ ඊට පෙර උපන් ජනගහනයෙන් පුද්ගලයෝ 6,14,86,000ක් තවදුරටත් 1992දී, ලොව පුරා ජීවත්වෙමින් සිටියහ.

කෘමීන් බේරාගන්න

කෘමීන් සහ වෙනත් අපෘෂ්ඨවංශීන් නොමැතිව “සමස්ත ලෝක පරිසර පද්ධතිය බිඳවැටෙන අතර, මිනිසුන්ට හා වෙනත් පෘෂ්ඨවංශීන්ට සමහරවිට ජීවත්වීමට පුළුවන් වන්නේ මාස ස්වල්පයක් පමණක් විය හැක, එමෙන්ම ග්‍රහයා වඩාත්ම ඇල්ගීවලින් සහ දිලීරවලින් සමන්විත වනු ඇත,” යයි ද නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කරයි. මෑත අධ්‍යයනයක් මත පදනම්ව, ටයිම්ස් ලිපිය අනතුරු අඟවන්නේ තල්මසුන්, කොටීන් සහ අනතුරට පත් වෙනත් විශේෂවලට දක්වන ජන සම්මත සැලකිලිවලට අපෘෂ්ඨවංශීන් ඇතුළත් කළ යුතු බවය. මෙම කුඩා සත්තු, දිරාපත් වන දෑ කා දැමීම, ශාක පරාගණය කිරීම හා බීජ විසුරුවා හැරීම මෙන්ම, අපද්‍රව්‍ය ඉවත් කිරීම ඇතුළත් වන වැදගත් පාරිසරික ක්‍රියාවලීන් ගණනාවකට වගකීම දරති. එක්සත් ජනපදයේ පමණක්, සෑම වසරකම මිනිසුන් විසින් අසූචි ටොන් මිලියන 130 පමණ නිපදවන අතර සත්ත්ව පාලනයෙන් තවත් බිලියන 12 නිපදවනු ලැබේ. එක් ප්‍රවීණයෙකු පවසන පරිදි, මෙම අපද්‍රව්‍යයෙන් සියයට 99 “අපෘෂ්ඨවංශීන් විසින් වියෝජනය කරනු ලබන බවට කල්පනා කෙරේ.”

අභාවයට යන භාෂා

විවිධාකාර භාෂා පවතින රටක් වන පැපුවා නිව් ගිනියාහි භාෂා කීපයක් අතුරුදහන් වීමේ අවදානමට ලක්වී තිබේ. දැනටමත් ඉකුත් වර්ෂ 40 තුළ භාෂා පහක් අභාවයට ගොස් තිබේ. පැපුවා නිව් ගිනියාවල පෝස්ට්-කරියර් පුවත්පතට අනුව එය “රටට ඉතිරි කරන්නේ භාෂා 867ක් පමණි.” රටේ “භාෂා අතින් විවිධත්වය ඇතිවී තිබෙන්නේ රට මැද කැලෑ සහිත, කඳුකර ප්‍රදේශවල බොහෝ ගෝත්‍ර භූගෝලීය වශයෙන් හුදකලා වීමකට ලක්වී සිටින,” බැවින් යයි පෝස්ට්-කරියර් පැහැදිලි කරයි. “100දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් කථා කරන භාෂා 22ක්, 20දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් කථා කරන භාෂා හතක් සහ 10දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් කථා කරන භාෂා 10ක් තිබෙන” බව තවදුරටත් පුවත්පත සඳහන් කරයි. අනතුරට ලක්වී තිබෙන එක භාෂාවක් නම් පස්දෙනෙකු විසින් කථා කරන ඌරූආව භාෂාවය. බින සහ යෝබ යන භාෂා දෙක කථා කරන්නේ දෙදෙනෙකු බැගින් පමණි.

සර්පයාගේ බෙදුණු දිව

සර්පයෙකුට බෙදුණු දිවක් මොන ප්‍රයෝජනයකටද? ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන් පුවත්පතට අනුව, අපේ කන් දෙක ශබ්දයක් එන දිශාව දැනගැනීමට ක්‍රියා කරන්නාක් මෙන්ම සුවඳ පසුපස ඉව ඇල්ලීමට සර්පයාට දිව උපකාර වේ. සර්පයා උගේ ගොදුර හෝ කලත්‍රයෙකු සොයන විට, හැකි තරම් දුරට උගේ දිවේ කෙළවරවල් ඈත් කරමින් යළි යළිත් දිව ඉවත දමමින් සිටී. මෙයාකාරයෙන්, සර්පයා තැන් දෙකක ආඝ්‍රාණ ශක්තිය පරීක්ෂා කරන අතර ඌ සොයන සතා සිටින දිශාව දැනගැනීමට ඌට හැකි වේ.

රෝගීන්ගෙන් ලිංගික හිරිහැර

බොහෝ වෛද්‍යවරියන්ට සේවයේ නියැලෙන විට ලිංගික හිරිහැරයට ලක්වීමට සිදුවීම බරපතළ ගැටලුවක් වන බව මෑත අධ්‍යයනයක් හෙළි කරයි. සමීක්ෂණයේදී, ප්‍රතිචාරය දැක්වූ අයගෙන් සියයට 77දෙනෙකු, “රෝගීන්ගෙන් යම් අයුරක ලිංගික හිරිහැරවලට ලක්වීමක් වාර්තා කළ” බව ද මෙඩිකල් පෝස්ට් පැහැදිලි කරයි. මෙම ගැටලුවට විසඳුම රඳා තිබෙන්නේ වෛද්‍යවරියන් මතම යයි බොහෝදෙනෙක් විශ්වාස කරති. රෝගීන්ට ප්‍රතිකාර කරන විට වෛද්‍ය නිල ඇඳුමෙන් සැරසී, මංගල මුද්දක් පැළඳ, රාජකාරිමය සහ වෘත්තිමය ආකාරයෙන් ක්‍රියා කිරීමට ඔවුන්ට දිරිගන්වා තිබේ. කෙසේවුවද, වෛද්‍යවරියන්ගේ ලිංගික හිරිහැර වැළැක්වීම සඳහා කළ හැකි යමක් නැතැයි අන් අයට හැඟේ. පෝස්ට් පුවත්පත “වෛද්‍යවරියන් ලිංගික හිරිහැර පවතින සමාජයක කොටසක් වන අතර, ඒ ගැන බියවීම ස්ත්‍රියකට උරුම වූ කොටසකි,” යන අදහස ප්‍රකාශ කරයි.

දැවීයන කනීනිකා

බොහෝ යෞවන ස්ත්‍රීන් තම කොණ්ඩා හැඩගැන්වීමේදී කැරළි කටු (උණුසුම් කළ) අත්වැරැද්දෙන් ගැස්සී යෑමෙන් තම කනීනිකා දවාගන්නේ යයි මෑතකදී වෛද්‍ය සඟරාවක වාර්තා කරනු ලැබීය. පෙන්සිල්වේනියාවේ ෂයිය අක්ෂි ආයතන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය. ඩීන් ඕවානෝ පවසන පරිදි, මෙය “කනීනිකාවට සිදුවන ඉතා පොදු තාප හානිය විය හැකිය.” බොහෝ අවස්ථාවලදී ඇසට දිගු-කාලීන හානියක් නොවන අතර, බොහෝ විට දවස් තුනක් ඇතුළතදී දැවුණු ඇස සුවවන බව එක් අධ්‍යයනයක් පෙන්නුම් කරයි. කෙසේවුවත්, ටොරොන්ටෝහි බොක්නර් අක්ෂි ආයතනයේ වෛද්‍ය. අල්බර්ට් චෙස්කස්, මෙයාකාර අනතුර “ඉතා අනතුරුදායක” විය හැකි එකක් බවට විස්තර කරයි. එය සිදුවන්නේ “කැරළි කටු වැඩි වැඩියෙන් භාවිතයට ගැනෙමින් තිබෙන නිසාත්, ස්ත්‍රීන් හදිස්සියකින් සිටින නිසාත්,” යයි ඔහු තවදුරටත් කියා සිටියි.

පාසැල්-මිදුලේ අපරාධ

“පාසැලේ ප්‍රචණ්ඩ ක්‍රියා අශෝභනය, පැතිර පවතී, එමෙන්ම අධ්‍යාපන නිලධාරීන් හා දේශපාලනඥයන් මුහුණ දෙන වඩාත්ම දැවෙන ප්‍රශ්නය බවට වේගයෙන් පත්වෙමින් පවතී.” කියා ද ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත පවසයි. ඉකුත්වන වසරක් වසරක් පාසා ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. වර්ෂ 1993දී, ටොරොන්ටෝ ප්‍රදේශයේ පාසැල්-මිදුලේ අපරාධවලට පහරදීම් 810ද, ලිංගික හිංසාවන් 131ද, වස දීම් 7ද, එමෙන්ම හානිදායක-අවි පාවිච්චියට චෝදනා 141ද ඇතුළත් විය. “තුවක්කු, පිහි, පොලු, මුගුරු සහ වෙනත් අවි සම්භාරයක් තමා සන්තක කරගැනීමට,” පොලිසියට හැකි වූ බවද ස්ටාර් පවසයි. භීතියට පත් දෙමව්පියන්ට පාසැල් පෙනෙන්නේ තම දරුවන්ව යැවීමට සිදුවන අනතුරුදායක ස්ථානයක් වශයෙන්ය. පාසැල්, ඉගෙනීම සඳහා තෝතැන්නක් වී තිබූ “නමුත් ඔබට දැන් එහි දැකගත හැක්කේ කල්ලි, කණ්ඩායම් තර්ජන සහ අවි,” බව ස්ටාර් වාර්තා කරයි. g94 11/8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න