ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 4/8 7-8 පි.
  • සන්තෝෂය සහතික කර තිබේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සන්තෝෂය සහතික කර තිබේ!
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අමනාපයේ සිට විවාහය තුළ සන්තෝෂය දක්වා
  • ඈ ජීවිතයේ අරමුණක් සොයාගත්තාය
  • සන්තෝෂය ඔබ ඉදිරියෙහිය
  • සන්තෝෂය අත් කරගත හැකි අයුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ දී ලැබෙන සැබෑ සන්තෝෂය
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සන්තෝෂය සොයාගත හැක්කේ කොතැනින්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුට සොයා
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 4/8 7-8 පි.

සන්තෝෂය සහතික කර තිබේ!

“තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂ ලද්දෝය,” යනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 5:3, NW) පිළිගත් ප්‍රඥාවට පටහැනිව, සන්තෝෂය සොයා යෑමේදී සාර්ථකත්වය අත්කරගැනීම සඳහා වූ එකම අත්‍යවශ්‍ය අංගය ලෙසට යේසුස්වහන්සේ යොමු දැක්වූයේ ද්‍රව්‍යමය ආශාවන් තෘප්තිමත් කිරීමට වඩා, තමාගේ ආත්මික අවශ්‍යතා තෘප්තිමත් කිරීම වෙතටය. යේසුස්වහන්සේගේ එම වදන් පිළිපදිනු ලැබේ නම්, එය සන්තෝෂයට සහතිකයක් හා සමාන වේ.

කෙසේවෙතත්, තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව සිටීම, එබඳු අවශ්‍යතාවක් තිබීම ගැන දැනුවත්ව සිටීමට වඩා වැඩි යමක් අදහස් කරයි. බොහෝවිට, තෘප්තිමත් නොකරන ලද අවශ්‍යතාවක් සතුටට හේතුවක් වීමට වඩා, කාන්සාවට සහ කෝපයට හේතුවක් වෙයි. බයිබල් හිතෝපදේශය එය මෙලෙස දැක්වීය: “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත [හෘදය, NW] කලකිරෙන්නේය.” (හිතෝපදේශ 13:12) එමනිසා, සන්තෝෂය හටගන්නේ කෙනෙකු තමාගේ ආත්මික අවශ්‍යතා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීමට පියවර ගන්න විටයි. මෙය කළ හැක්කේ කෙසේද?

බයිබලය සම්බන්ධ වන්නේ මෙතැනදීය. ඒ මන්ද? මන්දයත් බොහෝදෙනෙකු දිගු කලක් තිස්සේ කල්පනා කර තිබෙන නමුත්, තෘප්තිමත් උත්තර සොයාගැනීමට නොහැකි වී තිබෙන ප්‍රශ්නවලට උත්තර සැපයිය හැක්කේ එයට පමණි. නිදසුනක් වශයෙන්, ඔබ කවදාහරි මෙසේ කල්පනා කර තිබෙනවාද, ‘ජීවිතයේ අරමුණ කුමක්ද? මිනිසා පොළොව මත සිටින්නේ මන්ද? අනාගතය සඳහා තිබෙන්නේ කුමක්ද?’ මෙම ප්‍රශ්නවලටත් වෙනත් ප්‍රශ්න රැසකටත් තෘප්තිමත් කරවන උත්තර සැපයීමට අමතරව, අප සියලුදෙනාටම මුහුණ දීමට තිබෙන, එමෙන්ම බොහෝවිට සන්තෝෂය සඳහා වූ අපගේ ගවේෂණයට බාධා පමුණුවන සංකීර්ණ ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට මිලියන සංඛ්‍යාතයන්ට උපකාරවත් වී තිබෙන ජීවත්වීමේ මාර්ගෝපදේශද බයිබලය සපයයි. “[දෙවියන්වහන්සේගේ] වචන[ය] මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය,” යනුවෙන් ගීතිකාකරු පවසයි. (ගීතාවලිය 119:105) එසේය, සන්තෝෂය සෙවීමේදී සාර්ථක වීමට ඔබට උපකාර කළ හැකි නිසැක මාර්ගෝපදේශයක් නම් බයිබලයයි. මෙම සැබෑ-ජීවිත අද්දැකීම් දෙක සලකා බලන්න.

අමනාපයේ සිට විවාහය තුළ සන්තෝෂය දක්වා

විවාහය සන්තෝෂයට හෝ දුකට හේතුවක් විය හැක. බොහෝදෙනෙකුට එය දුකට හේතුවක් වීම කනගාටුවට කරුණකි. කෙසේවෙතත්, බයිබලයේ උපදෙස් අදාළ කිරීමෙන්, කලක අසන්තෝෂවත්ව තිබූ විවාහයක් තුළ සන්තෝෂය සොයාගැනීමට බොහෝදෙනෙකුට උපකාරවත් වී ඇත.

යුංකූන්ටත් මේෂෝටත් එබඳු අද්දැකීමක් තිබිණ. “අපගේ විවාහ ජීවිතයේ පළමු වසර හත සන්තෝෂවත් ඒවා වුණේ නැහැ,” යනුවෙන් යුංකූන් පිළිගනී. “මගේ බිරිඳ හා දියණියන් දෙදෙනා සමඟ මා ගත කළේ ඉතා ස්වල්ප වේලාවක්. ඇත්තවශයෙන්ම මම නිතරම වගේ රාත්‍රි නිදාගත්තේ මගේ රැකියා ස්ථානයේදී.” ද්‍රව්‍යමය වශයෙන් අවශ්‍ය සියල්ල ඔවුන්ට තිබුණත්, ඔවුන් සන්තෝෂයෙන් සිටියේද නැත. ඔහුගේ භාර්යාව තවදුරටත් මෙසේ පවසයි: “අපට ද්‍රව්‍යමය වශයෙන් සැපයීම හැර, අන් සියලුම පවුල් කාරණා මගේ පුරුෂයා මගේ භාරයේ තැබුවා. මම ඇත්තටම ඒ ගැන අමනාප වුණා.” ඔවුහු වෙන්වීම ගැන පවා කල්පනා කළහ.

යුංකූන්ට වෙනත් පවුල් ගැටලුද තිබිණ. කලින් ඇති වූ පවුල් දුෂ්කරතා නිසා ඔහුගේ සහෝදරිය සමඟ වසර හතකට ඔහු කතා නොකර තිබුණේය. ඇරත් ඔවුන් ජීවත්වූයේ එකිනෙකාට යාර සියයකටත් වඩා අඩු දුරක වුවත්, මෙවන් තත්වයක් තිබිණ. කෙසේවෙතත්, දැන් ඔහු සන්තෝෂවත් විවාහ ජීවිතයක්ද ඔහුගේ සහෝදරිය සමඟ හොඳ සම්බන්ධයක්ද භුක්තිවිඳිමින් සිටියි. මෙම විශාල වෙනස සිදුවූයේ මන්ද?

“මගේ භාර්යාවත් මාත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමටත්, ඔවුන්ගේ සතිපතා රැස්වීම්වලට යෑමටත් පටන්ගත්තා,” යනුවෙන් යුංකූන් පැහැදිලි කරයි. ඔහුගේ සහෝදරියත් එම දේම කළාය. ඔවුහු ඉගෙනගනිමින් සිටි දේවල් අදාළ කිරීමට පටන්ගත් අතර, එහි ප්‍රතිඵල ගැන පුදුමයට පත්වූහ. පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතාවලට පමණක් නොව, නමුත් ඔවුන්ගේ ආත්මික හා චිත්තවේගීය අවශ්‍යතාවලටත් සැලකිල්ල දැක්වීමට ඉඩ දුන් රැකියාවක් යුංකූන් ලබාගත්තේය. ඔවුහු දැන් සන්තෝෂවත්, එකමුතු පවුල් ජීවිතයක් භුක්තිවිඳිමින් සිටිති.

ඈ ජීවිතයේ අරමුණක් සොයාගත්තාය

සන්තෝෂවීමට නම් ජීවත්වීමට හේතුවක්, එනම් ජීවිතයේ අරමුණක් අපට අවශ්‍ය බව මිනිස් ස්වභාවය අධ්‍යයනය කරන අය විසින් පවසා තිබේ. ද්‍රව්‍යමය දේවල් සෙවීමේ ආත්මාර්ථකාමී මඟක කේන්ද්‍රගත වූ ජීවිතයක් මෙම අවශ්‍යතාව පිරිමසන්නේ නැත. මෙය සැබෑවක් වූ බව අවුරුදු 26ක් වූ ලීනී සොයාගත්තාය.

“සතියකට දවස් හතක්, දිනකට පැය 12ක් මා වැඩ කළා,” යනුවෙන් ඈ කියයි. “රූ හැඩගැන්වීම සඳහා විශාල සාප්පුවක් විවෘත කිරීම මගේ ඉලක්කය වුණා.” ඇගේ සිහිනය සැබෑවක් කරගැනීම ආසන්නයට ඇය පැමිණ සිටියත්, ඇගේ ජීවිතයේ යමක් අඩුව තිබුණ බව ඇයට හැඟිණ. “ජීවිතයේ අරමුණ ගැන මා නිතර කල්පනා කළා. එය නිකම්ම වැඩ කර මුදල් උපයාගැනීම සඳහා පමණක්ද?”

ඉන්පසුව එක දිනක් යමෙක් ඇගේ සාප්පුවට ඇවිත් ඇය කල්පනා කළාවූ එම ප්‍රශ්නයම ඇගෙන් ඇසුවේය. බයිබලයට එම ප්‍රශ්නයට උත්තරය සැපයිය හැකි බව ඇයට කියනු ලැබීය. මීට කලින් ඇය කවදාවත් බයිබලය කියවා නොතිබුණත්, එය පරීක්ෂා කිරීම සඳහා සෑම සතියකම පැයක් වෙන් කර තැබීමට ඈ එකඟ වූවාය.

ඇය දිනපතාම දුටු දේවල් බොහොමයක් බයිබලයේ පුරෝකථනය කර තිබූ බව, ඇගේ සතිපතා අධ්‍යයනය තුළින් ලීනී ඉගෙනගත්තාය. තමා අවට පැවති ආකල්ප බයිබලය කොතරම් නිවැරදිව විස්තර කළාද යන්න ගැන ඈ පුදුමයට පත්වූවාය, එනම් මනුෂ්‍යයන් “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,” සිටින්ට යන බව එහි පුරෝකථනය කර තිබිණ. ලොව වටා දකින්ට තිබෙන යුද්ධ, සාගත සහ ස්වාභාවික විපත්ති මගින් සිදුකරනු ලැබූ පෙර නොදුටුවිරූ දුක්විඳීමට යොමු දක්වන්නාවූ වෙනත් අනාවැකිද ඈ අධ්‍යයනය කළාය.—2 තිමෝති 3:1-5; මතෙව් 24:7, 12.

ඉන්පසුව ලීනී, ඇයව ඉතාමත්ම සන්තෝෂයට පත් කළ යමක් ඉගෙනගත්තාය—බොහෝවිට මනුෂ්‍යයන්ගේ සතුට සොරාගන්නාවූ මෙම ලෝක තත්වයන් මිනිස් ඉතිහාසයේ නව යුගයක් ආසන්න බවට ඇඟවීමක් වේ. (මතෙව් 24:3-14) තවද ලෝක ව්‍යාප්තව, අසම්පූර්ණ මිනිසා කිසි කලක නොදත් ද්‍රව්‍යමය සමෘද්ධිය තිබෙන්ට යන්නාවූ නව ලොවක් මිහිපිට පිහිටුවීමට මිනිස්වර්ගයාගේ මැවුම්කරුවාණන් අරමුණු කරන බවද ඈ බයිබලයෙන් කියෙව්වාය. (ගීතාවලිය 72:16; යෙසායා 65:17, 18, 21, 22) අනාගතයේ පවතින්ට යන මෙම සමෘද්ධිමත් සමාජය ගිජුකම, ආත්මාර්ථය සහ ද්‍රව්‍යවාදයේ පැවැත්ම මෙන්ම ඒවායේ නපුරු විපාක රැසෙන් දූෂිත නොකරනු ලබන්නේය. (ගීතාවලිය 37:9-11, 29; 1 කොරින්ති 6:9, 10) ඈ බයිබලයේ මෙම වදන් කියවූ විට, අතිශය ප්‍රීතියට පත්වූවාය: “එහෙත් ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අදහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු.”—2 පේතෘස් 3:13.

සන්තෝෂය ඔබ ඉදිරියෙහිය

ද්‍රව්‍යමය ඉලක්කයන් ලුහුබැඳීම සඳහා ඇගේ මුළු කාලයම ගත කිරීම වෙනුවට, ලීනී දැන් ඇගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ ඇය ඉගෙනගෙන තිබෙන දේවල් ගැන අන් අයට කියා දීමෙනි. මෙම පුදුමාකාර පොරොන්දු ගැන වැඩියෙන් දැනගැනීමට ඔබ කැමතිද? ලීනී, යුංකූන්, මේෂෝ සහ තවත් මිලියන සංඛ්‍යාතයන් විසින් සොයාගත් සන්තෝෂය සොයාගැනීමට, බයිබලය මගින් ඔබට උපකාර කළ හැකි අන්දම සෙවීමට ඔබ කැමතිද? ඔබට උපකාර කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඉතාමත්ම කැමැත්තෙන් සිටිනු ඇත. g94 12/8

[8, 9වන පිටුවේ පින්තූරය]

අපගේ මැවුම්කරු භූමික පාරාදීසයක් පිහිටුවීමට අරමුණු කරයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න