මිෂනාරිවරු ආලෝකයේ නියෝජිතයෝද අන්ධකාරයේ නියෝජිතයෝද?—5වන කොටස
නව ලෝකයකට නව පණිවුඩයක්
වර්ෂ 1516දී ප්‍රථමයෙන්ම බටහිර අර්ධගෝලය හැඳින්වූයේ නව ලෝකය වශයෙනි. වර්ෂ 1492දී කොලම්බස් එය “සොයාගත්” විට, එහි ඒ වන විටත් ජනයා ජීවත්වෙමින් සිටි බවත්, වර්ෂ ගණනාවක් පුරා එසේ සිට ඇති බවත් සොයාගත්තේය. එහෙත් එවිට පළමු වතාවට, අමෙරිකානු ඉන්දියන් ජාතිකයෝ නාමික ක්‍රිස්තියානි ධර්මය අත්හදාබැලූහ. නව ලෝකය සඳහා මින් අදහස් කළේ කුමක්ද?
ශතවර්ෂ ගණනාවක් පුරා කතෝලික පල්ලිය යුරෝපීය ජීවිත කෙරෙහි සම්පූර්ණයෙන්ම වාගේ පාලනය පවත්වා තිබිණ. එය ආණ්ඩුව ඇතුළත්ව, මිනිස් වෑයම්වල සෑම ක්ෂේත්‍රයකටම පාහේ ප්‍රමිති හා නීති පැනෙව්වේය. පල්ලිය සහ රජය අතර එවැනි එකඟතාවක්, එනම් කුරුස යුද්ධ දියත් කිරීමට මඟ පෑදූ මිත්‍රත්වය, නව ලෝකය තදින් පාලනය කිරීමටද පටන්ගත්තේය.
පහළොස්වන ශතවර්ෂයේ අගභාගය වන විට, “ස්පාඤ්ඤ රාජතන්ත්‍රය නව ලෝකයෙහි ගැළවීම සඳහා දිව්‍යමය ලෙස තෝරාගන්නා ලද මෙවලම බව” ස්පාඤ්ඤ රජවරුන් ඒත්තුගත් බවට බ්වානස් අයිරිස්හි එඩ්‍යූකාසියෝන් ටෙඕලෝහිකාහි සිඩ්නි එච්. රූයි ලියයි. අත්ලාන්තික් සාගරයේ සොයාගැනීමේ හිමිකම් ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර බෙදීමේදී, පාප් බලතලය මගින් මනඃකල්පිත උතුරු-දකුණු සීමාවක් ඇති කරන ලදි. වර්ෂ 1494දී ආණ්ඩු දෙක විසින් සීමාව තවත් බටහිරට ගෙනයෑමට ගිවිසුමක් අත්සන් කරන ලදි. මෙබැවින්, ස්පාඤ්ඤය මධ්‍යම හා දකුණු අමෙරිකාවේ වැඩි කොටසක් දක්වා යෑමට පටන්ගත් අතර, පෘතුගාලය බ්‍රසීලය තුළට ගියේය. එහි නැගෙනහිර වෙරළ තීරය දැන් මායිම වෙන් කිරීමේ සීමාවට නැගෙනහිරින් පිහිටා තිබිණ. රූයි පවසන පරිදි, රටවල් දෙකම පාප් නියෝගය අර්ථකථනය කළේ “රටවලට තිබූ හිමිකමට දේශීය ජනයා වෙත ක්‍රිස්තු ධර්මය පැතිරවීමේ වැඩයත් ඇතුළත්ව තිබුණේ යයි” අදහස් කළ බවය.
නව ලෝකය යටත් කරගැනීම
වර්ෂ 1493දී කොලොම්බස්ගේ දෙවන නාවික ගමනට, ස්වදේශිකයන්ව හැරවීමට විශේෂයෙන්ම තෝරාගත් කතෝලික පූජක කණ්ඩායමක්ද එකතු වූහ. එතැන් පටන්, නව ලෝකය ජයගනු වස් යුරෝපීය ජයග්‍රාහක නායකයෝ සහ මිෂනාරි පූජකයෝ හරි හරියට වැඩ කළහ.
දේවගැතියෙකු සහ වෙනත් පූජකයන් සමඟ එර්නාන් කෝර්ටේස් 1519දී දැන් මෙක්සිකෝව යයි හඳුන්වන රටට පැමිණියේය. වර්ෂ 50ක් තුළදී, මිෂනාරිවරුන්ගේ ගණන 800 දක්වා වැඩි විය. වර්ෂ 1531දී ෆ්‍රාන්සිස්කෝ පිසාරෝ පේරූවලට පැමිණි විට, එහි තවත් 350දෙනෙක් සිටියහ.
1493දී නිකුත් කළ පාප්ගේ නියෝග, බාහිර බලධාරීන්ට, තම ජයග්‍රහණයේ ව්‍යාපාරය සඳහා වුවමනා වූ සදාචාර යුක්තිසහගතභාවය ලබා දුණි. දෙවියන්වහන්සේගේ කැමැත්ත අධිරාජ්‍යවාදයයි කියා ඔවුන්ට හැඟුණු බැවින්, තමන්ට උන්වහන්සේගේ උපකාරය ලබාගත හැකි වේයයි ඔවුහු සිතූහ. ප්‍රසන්න කිරීමට ඉතා උනන්දුවෙන්, පල්ලි නිලධාරීහු, අධිරාජ්‍යවාදී ක්‍රමයට නීත්‍යනුකූලභාවය පිරිනැමීමට ඉදිරිපත් වූහ. පෘතුගාලයේ ඉපදුණ නමුත් බ්‍රසීලයේ හැදී වැඩුණු ආන්ටෝන්යෝ වියේඉර නමැති 17වන ශතවර්ෂයේ ජේසු නිකායකයෙක්, අධිරාජ්‍යවාදය නොමැතිව ධර්මදූත පණිවිඩය පැතිරවීමට නොහැකි වනු ඇතැයි පවසමින්, ඇත්තෙන්ම අධිරාජ්‍යවාදය ප්‍රශංසාවට ලක් කළේය.
මිෂනාරිවරු සිය ආගම පැතිරවීම සඳහා අධිරාජ්‍යවාදය මෙවලමක් වශයෙන් යොදාගැනීමේ කිසි වරදක් නැති බව දුටුවෝය. කෙසේවුවත්, මෙය යේසුස්වහන්සේ සිය අනුගාමිකයන් කොටසක් නොවිය යුතු යයි පැවසූ ලෝකයෙහි මුළුමනින්ම කොටසක් වීමට ඔවුන්හට සැලැස්වීය—යොහන් 17:16
ආගමට හැරවීම
රූයි පවසන පරිදි, “ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු පැරණි ආගමික වත්පිළිවෙත් සහ ඉන්දියානු ආගමේ බාහිර අංග ලක්ෂණවලින් වැඩි කොටසක් මුලිනුපුටා දැමීමට” ප්‍රථමයෙන්ම පටන්ගත්හ. ඔහු මෙසේද පැවසීය: “අවශ්‍ය විට තවමත් බලය යොදාගැනුණත්, බොහෝ ඉන්දියානුවන්ව හරවනු ලැබුවේ, පූජකයන්ගේ ඍජු එළඹීම මගින් සාමකාමී ආකාරවලිනි.”
සැබවින්ම, සමහර මිෂනාරිවරුන් විශ්වාස කළේ බලය යෙදීම කිසිදා යුක්තිසහගත වූයේ නැති බවය. උදාහරණයක් වශයෙන්, ස්පාඤ්ඤ ඩොමිනිකන් මිෂනාරිවරයෙකු හා පූජකයෙකු වන බාර්ටොලොමෙ ඩේ ලාස් කාසාස්, භාවිතයේ තිබූ නපුරු ක්‍රම අනුමත කළේ නැත. ඉන්දියානුවන් වෙනුවෙන් ඔහු යළි යළිත් ස්පාඤ්ඤයෙන් අයැද සිටි අතර, එම හේතුව නිසා ආණ්ඩුව ඔහුට “ඉන්දියානුවන්ගේ ආරක්ෂකයා” යන පදවි නාමය දුණි. කෙසේවෙතත්, ඔහුගේ වෑයම්වලට මිශ්‍රිත ප්‍රතික්‍රියා තිබිණ. සමහරු ඔහුව කුරුසය වෙනුවෙන් සටන්කරුවෙකු, ප්‍රොපේතවරයෙකු, දෙවියන්වහන්සේගේ සේවකයෙකු සහ දර්ශකයෙකු යයි හැඳින්වූහ; වෙනත් අය ඔහුව ද්‍රෝහියෙකු, සිහිවිකල් වූවෙකු, රාජ විරෝධී විප්ලවකාරයෙකු සහ පූර්ව-මාක්ස්වාදියෙකු ලෙස නම් කළහ.
පැරණි වත්පිළිවෙත් සහමුලින් උපුටාදැමීමේ ඉලක්කය පසුකලකදී නතර විය. නාමික ක්‍රිස්තියානීන් වීම සඳහා ස්වදේශිකයන්ට බල කරනු ලැබීමෙන් පසු, ඔවුන්ට සිය මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් සහ ඇදහිලි ක්‍රම අත්නෑර තබාගැනීමට ඉඩහරිනු ලැබීය. මෙබැවින්, මෑන්, මිත් ඇන්ඩ් මැජික් පවසන්නේ, “පේරූවල සියෙරා ඉන්දියානුවන් අතර බොහෝ ක්‍රිස්තියානි මංගල්‍යවල, අමතක වී ගොස් තිබුණු ඉන්කා විශ්වාසයන්ගෙන් ඉතිරිව තිබෙන ඇදහිලි ක්‍රම අඩංගු වන බවය.” මෙක්සිකානු ඉන්දියානුවන් “තමන්ගේම ආත්මික හා වත්පිළිවෙත් අවශ්‍යතාවලට ගැළපෙන මූලධාතූන්” ක්‍රිස්තියානි ධර්මයෙන් රැගෙන, ඒවා තම මුතුන්මිත්තන්ගේ ඇදහිලි ක්‍රමවල මූලධාතූන් සමඟ මිශ්‍ර කළ බව,” ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ලැටින් අමෙරිකා පැහැදිලි කරයි.
ස්වදේශීය අමෙරිකානුවන් සිය දහස් ගණනක් බව්තීස්ම වූ බව සැබෑය. එහෙත් “ක්‍රිස්තු ධර්මය” ඔවුන් මත ඇති කළ බලපෑම, මතුපිටින් තිබෙන්නකට වඩා වැඩි දෙයක් නොවීය. ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීම සඳහා ඔවුන්ට ක්‍රිස්තු ධර්මයේ මූලධර්ම ඉගැන්වීමට ගත කළේ කෙටි කාලයකි. ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ලැටින් අමෙරිකා මෙසේ සටහන් කරයි: “පෙනෙන්ට තිබෙන උද්‍යෝගය සමඟින් නව ඇදහිලි ක්‍රමය අනුගමනය කළ ඉන්දියානුවෝ, තවදුරටත් සිය පැරණි රූපවලට රහසින් ගෞරවාදරයක් දැක්වූ බවට බොහෝ ලකුණු තිබිණ.” ඇත්තෙන්ම, වාර්තාවට අනුව, හදිසියෙන්වත් “ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ” ප්‍රතිචාරය දැක්වීමට අසමත් වුවහොත් යයි සිතා සමහර ඉන්දියානුවෝ, “ක්‍රිස්තියානි” අල්තාර පිටුපස මිථ්‍යා රූප තැබුවෝය. බහුභාර්ය සේවනය වැනි දිගුකලක සිට පිහිටුවාගෙන තිබූ හැසිරීම් රටාවන් අත්හැරීමටද ඔවුහු ප්‍රමාද වූහ.
රෝමානු කතෝලික පූජක නිකායවල අය, “ක්‍රිස්තියානි” මිෂනාරිවරුන් ක්‍රියා කළ යුතු යයි කෙනෙකු අපේක්ෂා කළ ආකාරයෙන් සෑමවිටම ක්‍රියා නොකළහ. විවිධ නිකාය අතර නිතර ඝට්ටන ඇති විය. විශේෂයෙන්ම ජේසු නිකායකයෝ, සිය ප්‍රතිපත්ති හා ක්‍රියාවන් සඳහා බොහෝවිට විවේචනයට භාජන වූහ. ඇත්තෙන්ම, 1759දී ඔවුන්ව බ්‍රසීලයෙන් නෙරපන ලදි.
රෙපරමාදු මිෂනාරිවරුන්ගේ පැමිණීමෙන් දේවල සැලකිය යුතු වෙනසක් සිදු නොවීය. මිෂනාරි කණ්ඩායම් වැඩිවර්ධනය වනවාත් සමඟම, නාමික ක්‍රිස්තු ධර්මයට පොදු වූ අසමගියද වැඩිවිය. අධිරාජ්‍යවාදයට රුකුල් දීම සම්බන්ධයෙන් කතෝලික භක්තිකයෝ රෙපරමාදු භක්තිකයන්ට චෝදනා එල්ල කළහ; මිථ්‍යා විශ්වාසයන් පැතිරවීම ගැන සහ ජනයා දුගීභාවයෙහි තැබීම වෙනුවෙන් වගකිව යුතු වීම ගැන රෙපරමාදු භක්තිකයෝ කතෝලික භක්තිකයන්ට චෝදනා එල්ල කළහ. මේ සෑම චෝදනාවකටම සෑහෙන සත්‍යයක් අඩංගු විය. ක්‍රිස්තියානි ලෝකයේ කතෝලික හා රෙපරමාදු යන දෙපක්ෂයටම අයත් මිෂනාරිවරු යේසුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අසමත් වූහ.
දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් විශ්වකෝෂයට අනුව, නව ලෝකය පුරා, “ස්පාඤ්ඤ, ප්‍රංශ සහ ඉංග්‍රීසි ආණ්ඩුවල අධිරාජ්‍යවාදී පාලනයට රුකුලක් වශයෙන් ආගමික හැරවීම දිගටම කෙරීගෙන ගියේය.” ස්පාඤ්ඤය සහ පෘතුගාලය, ලතින් අමෙරිකාව වෙත යොමු වී සිටියදී, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය වඩාත් යොමු වී සිටියේ, පසුව එක්සත් ජනපදය සහ කැනඩාව බවට පත්වූ රටවල් වෙතය.a
ලතින් අමෙරිකාවේ එම මිෂනාරිවරුන් මෙන්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය මිෂනාරිවරු වැරදි දේට මුල් තැන දුන් අතර, දේශපාලන කටයුතුවලට හවුල් වූහ. මෙබැවින්, දි එන්සයික්ලොපීඩියා ඔෆ් රිලිජන් මෙසේ සටහන් කරයි, “කැනඩාවෙහි ප්‍රංශ යුගයේ අවසානය වන විට, ඉන්දියානුවන්ව හරවනවාට වඩා ඔවුන්ව ප්‍රංශයට පක්ෂපාත කරගැනීමට මිෂනාරිවරුන් වැඩි සාර්ථකත්වයක් ලබා තිබිණ.”
දෙවියන්වහන්සේටද නැතහොත් රන්වලටද?
මුල් ජයග්‍රාහක නායකයන්ගේ “ඉලක්කය වූයේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ව්‍යාප්ත කිරීම” යයි සමහරුන් කියා සිටිය හැක. එහෙත් ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ලැටින් අමෙරිකා පවසන මෙය වඩා යථාර්ථවාදීය: “සියල්ලටම වඩා ඔවුන්ට වුවමනා වූයේ රන්ය.” ඉන්දියානුවන්ව හරවාගත් විට, “ඔවුන් මොළොක්ගුණයෙන් යුතුව රන් විශාල ප්‍රමාණවලින් තැන්පත් කරනු ඇතැයි” සිතනු ලැබීය.
මෙබැවින් පහත් චේතනාවන් තිබූ අයගේ මෙවලම් බවට පත්වීමට ක්‍රිස්තියානි ලෝකයේ සමහර මිෂනාරිවරු තමන්ටම ඉඩසැලසූහ. මෙය තේරුම්ගත් ප්‍රථම යුරෝපියන් අතර වූයේ, මුලින් සඳහන් කළ බාර්ටොලොමෙ ඩෙ ලාස් කාසාස්ය. ඔහු 1542දී ලියන ලද්දක් වශයෙන් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ උපුටා දක්වයි: “ක්‍රිස්තියානීන් එතරම් ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් මරා දමා, විනාශ කිරීමට හේතු වූයේ මන්දයත්, ඔවුන් රන් ලබාගැනීමට කැමැත්ත දැක්වූ නිසාත්, ඉතා කෙටි කලකින් තමන්වම ධනවත් කරගැනීමට තිබූ ආශාව මගින් පොලඹවනු ලැබූ නිසාත්ය.”
යුරෝපීය ජයග්‍රාහකයන් ආත්මික ඥානාලෝකයක් නොගෙනා තරම්ය. ජේම්ස් ඒ. මිෂ්නර්, මෙක්සිකෝ යන සිය පොතෙහි පවසන්නේ, කෝර්ටේස් මෙක්සිකෝව ආක්‍රමණය කළ විට, “ඔහුට එහි ම්ලේච්ඡයන් සොයාගන්ට ලැබුණු අතර, ඔහු ඔවුන්ට ශිෂ්ටාචාරය සහ ක්‍රිස්තු ධර්මය ගෙනා බව,” සමාවට කරුණු කියා සිටින ක්‍රිස්තියානීන් පවසන බවය. කෙසේවුවද, මිෂ්නර් පවසන පරිදි, පො.යු. 900දී පවා, මෙක්සිකානු ඉන්දියානුවන්, “ම්ලේච්ඡයන්ව නොසිටි නමුත්, ඔවුන් සිය පුදුමාකාර ශිෂ්ටාචාරය රැකගැනීමේදී කෙතරම් නොසැලකිලිමත් වූවාද කිවහොත් ඔවුහු තමන්ව අභිබවා යෑමට සැබෑ ම්ලේච්ඡයන්ට ඉඩහැරිය බවය.” මෙම “සැබෑ ම්ලේච්ඡයෝ” ක්‍රිස්තියානීන් යයි කියා සිටි අයගෙන් සමහරෙක්ව සිටියහ.
සූදානම් කිරීමේ වැඩක්
“ගෝලයන් කරපල්ලා, . . . සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා” යනුවෙන් යේසුස්වහන්සේ දුන් උපදෙස්වලට ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු කීකරු නොවූහ. (මතෙව් 28:19, 20) නව හැරෙන්නන්ට දෙවියන්වහන්සේගේ ආත්මයේ ඵලය විදහාපෑමට උගන්වනු ලැබුවේ නැත. ඔවුහු එක ඇදහිල්ල තුළ එක්සත්ව නොසිටියහ.
ක්‍රිස්තියානි ලෝකයේ අවංක මිෂනාරිවරුන්ට පවා ඇදහිල්ල අත්හැර යන ආකාරයක ක්‍රිස්තු ධර්මයක් පැතිරවීමට වඩා වැඩි දෙයක් කළ නොහැකි විය. නව ලෝකය වෙත හෙළන ලද “ආලෝකය” සැබවින්ම අඳුරුව තිබිණ. කෙසේවුවද, යම් දුරකට බයිබලය හඳුන්වා දීම මගින්, අවසාන කාලයේදී සිදුවනු ඇතැයි යේසුස්වහන්සේ කලින් පුරෝකථනය කළ වැදගත් මිෂනාරි වැඩය සඳහා ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු සූදානම් කිරීමේ වැඩක් සිදු කළහ. (මතෙව් 24:14) එය ක්‍රිස්තියානි ඉතිහාසයේ පැවැත්වූ සාර්ථකම, සියලුම ජනයන්ට ප්‍රයෝජන ගෙනෙන අද්විතීය වැඩක් වනු ඇත. ඊළඟ කලාපයේ “අදදින සැබෑ ගෝලයන් සෑදීම” යන ලිපියෙන් ඒ ගැන කියවා බලන්න. g94 12/8.
[පාදසටහන්වල]
a සැබවින්ම, ස්පාඤ්ඤ බලපෑම ෆ්ලොරිඩාහිද, දැන් එක්සත් ජනපදයේ, විශේෂයෙන්ම කැලිෆෝනියාවේ නිරිතදිග සහ ඈත බටහිරෙහිද විශේෂයෙන්ම දැනෙන්ට ලැබිණ.
[24වන පිටුවේ පින්තූරය]
යුරෝපීය ජයග්‍රාහී නායකයන් සමඟ මිෂනාරිවරු අමෙරිකාවලට පැමිණියහ
[හිමිකම් වගන්තිය]
From the book Die Helden der christlichen Kirche