ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 5/8 20 පි.
  • ස්වර්ගයට යන්නෝ කවරහුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්වර්ගයට යන්නෝ කවරහුද?
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ස්වර්ගයේ නොසිටින අය
  • යේසුස්වහන්සේ මාර්ගය විවෘත කළසේක
  • ස්වර්ගීක රාජ්‍යයක්
  • තෝරාගත් පාලක මණ්ඩලයක්
  • සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 5/8 20 පි.

බයිබලයේ දෘෂ්ටි කෝණය

ස්වර්ගයට යන්නෝ කවරහුද?

ත්‍රස්තවාදී බෝම්බයක්, පියාසර කරමින් සිටි ගුවන් යානාවක් දෙකඩ කරමින් එහි සිටි සියල්ලන්ම මරුමුවට පත් කරයි. ගොදුරුවූවන්ගේ අකාලීන මෙන්ම, දරුණු මරණයට හරියට වන්දිගෙවීමට මෙන්, ඔවුන්ගේ ප්‍රේමනීයයන් දැන් ස්වර්ගයේ සිටින බව නෑදෑයන්ටත්, මිත්‍රයන්ටත් කියනු ලැබේ.

ජනප්‍රිය සංගීතඥයෙක් මියයයි, ඔහු ‘ස්වර්ගයේ දේවදූතයන් සමඟ හොරණෑව පිඹිමින් සිටින’ බව කියවේ.

රෝග, සාගත හෝ අනතුරු නිසා ළදරුවන්ගෙන් පූර්ණ ජීවිතයක් සොරාගනු ලැබේ, පූජක පක්ෂය කියා සිටින්නේ, ඔවුන් දැන්, ඇතැම්විට දේවදූතයන් ලෙස පවා, දිව්‍යසැප භුක්තිවිඳින බවයි!

දෙවියන්වහන්සේ තමන්වහන්සේ වෙතට බාල මෙන්ම මහලු අය ස්වර්ගීක සාමය භුක්තිවිඳීම සඳහා ගැනීමෙන් අයුක්තිය හරිගස්වනසේක්ද? ස්වර්ගයට පිවිසීමට ඉඩහැරීම වනාහි මිනිස්වර්ගයා අතර යහපත් මෙන්ම, ප්‍රශංසාකටයුතු සියල්ල ආරක්ෂා කිරීම සඳහා වූ දෙවියන්වහන්සේගේ ක්‍රමයද? බයිබලයේ දෘෂ්ටි කෝණය කුමක්ද?

ස්වර්ගයේ නොසිටින අය

බයිබලයේ ප්‍රකාශය පැහැදිලිය: “අධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුමකරගන්නේ නැති බව නුඹලා දන්නේ නැද්ද?” (1 කොරින්ති 6:9) කෙසේවෙතත්, ස්වර්ගය උරුමකර නොගන්නා ධර්මිෂ්ඨයන් හා අයුක්තීන්ට ගොදුරුවූවන් බොහෝදෙනෙකු පිළිබඳවද බයිබලය සඳහන් කරයි.

ඉක්මනින්ම ප්‍රාණ පරිත්‍යාග කිරීමට සිටි යොහන් බව්තීස්ත සම්බන්ධයෙන් යේසුස්වහන්සේම මෙසේ පැවසූසේක: “සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.” (මතෙව් 11:11) දුෂ්ට හෙරොද් රජු විසින් කුඩා යේසුස්වහන්සේව විනාශ කිරීමට තැත් කරන ලද අවස්ථාවේදී, බෙත්ලෙහෙම්හිද එහි දිස්ත්‍රික්කවලද සිටි වයස අවුරුදු දෙක හා ඊට අඩු බාලයන් අනුකම්පා විරහිතව ඝාතනය කරනු ලැබීය. (මතෙව් 2:16) එසේවුවත් යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ස්වර්ගයෙන් ​බැස්සාවූ, ස්වර්ගයෙහි සිටින්නාවූ මනුෂ්‍ය පුත්‍රයා [යේසුස්වහන්සේ] මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැංගේය.” (යොහන් 3:13) අයුක්තියට ගොදුරු වූ මොව්හු ස්වර්ගයේ සිටීම ගැන යේසුස්වහන්සේ කතා නොකළේ මන්ද?

යේසුස්වහන්සේ මාර්ගය විවෘත කළසේක

යේසුස්වහන්සේ තමන්වහන්සේ “මාර්ගයද සැබෑවද ජීවනයද” යනුවෙන් හැඳින්වූ අතර, ප්‍රේරිත පාවුල් විසින් “සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලය” යනුවෙන්ද යොමු දක්වනු ලැබූසේක. (යොහන් 14:6; 1 කොරින්ති 15:20) එහෙයින් උන්වහන්සේට පෙර ස්වර්ගයට ඇතුල්වීමට කිසිවෙකුට නොහැකිවන්ට ඇත. එනමුත් ස්වකීය නැවත නැගිටීමෙන් දින 40කට පමණ පසුව යේසුස්වහන්සේ ස්වර්ගයට නැගීගිය විට, ඒ වන විටත් මරණයට පත්වූ සුදුසු ඇදහිලිවන්ත මනුෂ්‍යයන් උන්වහන්සේව අනුගමනය කළාද? දවස් දහයකට පමණ පසුව, ප්‍රේරිත පාවුල් දාවිත් රජ සම්බන්ධයෙන් කීවේ, ඔහු “මැරී තැන්පත්කරනු ලැබූ[වේය], . . . ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ. . . . මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත” යනුවෙනි.—ක්‍රියා 2:29, 34.

එහෙයින්, ස්වර්ගයට ඇතුල්වීමට හැකිවීමට නම්, වින්ද අයුක්තීන් හෝ පෞද්ගලික විශ්වාසකම සඳහා විපාක ලැබීමට වඩා වැඩි දේ ඇතුළත් වෙයි. ඒ වෙනුවට, ස්වර්ගයේ සිටින්ට යන පාලක කණ්ඩායමකගේ සකස්වීමකට එය ඉඩ සලසයි, එනම් ක්‍රිස්තුස්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සකස් කරන ලද ශුද්ධාත්මයෙන් අභිෂේක ලත් නියෝජිත මනුෂ්‍ය සංඛ්‍යාවකින් ඔවුහු සමන්විත වෙත්.—රෝම 8:15-17; එළිදරව් 14:1-3.

ස්වර්ගීක රාජ්‍යයක්

යේසුස්වහන්සේ මෙම පාලනයට නැතහොත් ආණ්ඩුවට යොමු දැක්වූයේ “ස්වර්ගරාජ්‍යය” නැතහොත් “දෙවියන්වහන්සේගේ රාජ්‍ය[ය]” යනුවෙනි. (මතෙව් 5:3, 20; ලූක් 7:28) මෙම පරිපාලක මණ්ඩලයට විශාල මිනිස් සමූහයන් ඇතුළත් වීම අදහස් නොකරන ලදි. එබැවින්, යේසුස්වහන්සේ ඊට “කුඩා රැළ” යනුවෙන් යොමු දැක්වූසේක. (ලූක් 12:32) බයිබලයේ මෙම කොටසේ මූල්‍ය භාෂාවේ භාවිත කරන ලද “කුඩා” (මයික්‍රෝස්) යන වදන, විශාල (මෙʹගාස්) යන වදනේ විරුද්ධ වචනය වේ, එමෙන්ම ලූක් 12:32හි එය භාවිත කර තිබෙන ආකාරය, ප්‍රමාණය නැතහොත් සංඛ්‍යාවේ ස්වල්පයකට යොමු දක්වයි. එබැවින්, “ස්වර්ගරාජ්‍ය[යේ]” සාමාජිකත්වය සීමාරහිත සංඛ්‍යාවකට ඉඩහරින්නේ නැත. නිදසුනක් වශයෙන්: වීදුරුවකට වතුර ටිකක් වත් කිරීමට ඔබගෙන් ඉල්ලනු ලැබුවා නම්, එය පිරී ඉතිරෙන්නේ නැති හැටියට ඔබ වගබලාගනු ඇත. එමෙන්ම, පිරී ඉතිරෙන ජන සංඛ්‍යාවලින් “කුඩා රැළ” සකස්වීමට නොහැක. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් පාලකයන් නියමිත (“කුඩා”) සංඛ්‍යාවක් සිටී.

මෙම පාලකයන්ගේ නියම සංඛ්‍යාව වන 1,44,000, ශ්‍රාවක යොහන්ට හෙළි කරන ලදි. (එළිදරව් 14:1, 4) ඊට කලින් එළිදරව් පොත තුළ මෙම අයම ‘සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද’ වන්ට යන බවත්, ඔවුන් ස්වර්ගයේ සිට රජුන් වශයෙන් පොළොව පාලනය කරන්ට යන බවත්, කියවේ. (එළිදරව් 5:9, 10) යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුලේ පාලනය කරන්ට යන මෙම පරිපාලක මණ්ඩලය, ස්වකීය අනුගාමිකයන්ට යාච්ඤාවෙන් ඉල්ලන්ට කියා උන්වහන්සේ ඉගැන්වූ රාජ්‍යය වෙයි. තවද මෙම පොළොව අනිසි ලෙස පාලනය කිරීම නවත්වා, මිනිසාගේ නිවස, එනම් පොළොවට යුක්තියත්, සාමයත් එමෙන්ම එහි වැසියන්ට සදාකාලීන ජීවන ශක්තියද ලබා දෙන්ට යන, මාර්ගයද එය වේ.—ගීතාවලිය 37:29; මතෙව් 6:9, 10.

තෝරාගත් පාලක මණ්ඩලයක්

මෙම රාජ්‍යය වෙනුවට අද තිබෙන පාලන ක්‍රම දූෂණයෙන් එතරම් අධික සේ පිරී තිබෙන හෙයින්, එම ස්වර්ගීය ආණ්ඩුවට ඇතුළත් වන අය දෙවියන්වහන්සේ විසින් පරෙස්සමින් තෝරාගනු ලැබ, පරීක්ෂා කළ යුතු වීමට හේතුව අපට පැහැදිලි නැද්ද? මිනිස්වර්ගයාගේ තත්කාලීන තත්වය අයහපත් කාලගුණයට අසුවූ පලුදු වූ ජෙට් යානාවක ගමන් කරමින් සිටින මගීන් සියගණනකගේ තත්වයට සමාන කළ හැකිය. එබඳු අවධානාත්මක තත්වයකදී, තරුණ, අද්දැකීම් නොලත් අයගෙන් සමන්විත ගුවන් නියමුවන් පිරිසකට ඔබ කැමති වන්නෙහිද? කොහෙත්ම නැත! එම තත්වයේදී අවශ්‍යවන්ට යන්නේ සීමිත සුදුසුකම්වලට අනුව පරෙස්සමින් තෝරාගනු ලැබූ පිරිසකි.

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සමඟ ස්වර්ගයේ සේවය කරන්ට යන අය සම්බන්ධයෙන්, “දෙවියන්වහන්සේ තමන්ගේ කැමැත්ත ලෙස ඒ සියලු අවයවයන් වෙන වෙනම ශරීරයේ තැබූසේක” යන්න දැනගැනීමට තිබීම අපට සහනයකි. (1 කොරින්ති 12:18) රාජ්‍යයේ තනතුරක් ලබාගැනීම සඳහා පෞද්ගලික ආශාව හෝ අභිලාෂයක් තිබීම තීරණය කරන සාධකය නොවෙයි. (මතෙව් 20:20-23) නුසුදුසු අයට ඇතුල්වීමට නොහැකි වන පරිදි, විශ්වාසයේ හා හැසිරීමේ විශේෂ ප්‍රමිති දෙවියන්වහන්සේ විසින් පිහිටුවා තිබේ. (යොහන් 6:44; එපීස 5:5) ක්‍රිස්තුස්වහන්සේ සමඟ පාලනය කරන්ට යන හවුල් පාලකයෝ ආත්මික-මනසක් ඇති, මෘදු-ගුණයෙන් යුත්, ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන, කරුණාවන්ත, නිර්මල හදක් ඇති මෙන්ම සාමකාමී අය විය යුතු බව යේසුස්වහන්සේගේ කන්ද උඩ දේශනාවේ මුල් වදන්වලින් පෙන්වයි.—මතෙව් 5:3-9; එළිදරව් 2:10ද බලන්න.

මිනිස්වර්ගයාගේ විශාල බහුතරය, මෙම නියෝජිත ස්වර්ගීක පාලක මණ්ඩලයේ සිටීමට දෙවියන්වහන්සේ විසින් තෝරාගනු නොලැබුවත්, ඔවුන් බලාපොරොත්තු රහිත තත්වයක නොසිටීම සතුටට කරුණකි. ඔවුන් මෙම ලස්සන පොළොවේ වසන්ට යන අතර, උන්වහන්සේගේ දිව්‍ය පාලනයේ ප්‍රයෝජන භුක්තිවිඳිනු ඇත. දෙවියන්වහන්සේගේ රාජ්‍යය සම්පූර්ණ අර්ථයෙන්ම ‘පැමිණෙනවා’ දකින්ට බේරි ජීවත්වන්නන් සමඟ ජීවත්වීම සඳහා බොහෝ කලකට පෙර සිදුවූ අයුක්තීන් නිසා, මියගිය අය නැවත ජීවත් කරනු ලබනවා ඇත. එවිට මෙම පොරොන්දුව ඉටු කරනු ලබයි: “අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය.”—මතෙව් 6:9, 10; හිතෝපදේශ 2:21; ක්‍රියා 24:15. g95 1⁄8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න