පිබිදෙව්! විභාගයකට පදනමක්
දකුණු අමෙරිකානු රටක් වන සුරිනාම්හි ශිෂ්‍යයන්, 1993, ජූලි මාසයේදී තම උසස් පාසැල් ප්‍රවේශ පරීක්ෂණ පොත් පිංච විවෘත කළ විට සොයාගත්තේ, පිබිදෙව්! සඟරා නිතිපතාම කියවන්නන්හට වාසියක් තිබුණු බවයි. මෙයට හේතුව වූයේ, අධ්‍යාපන විභාග කාර්යාංශ අමාත්‍යංශය විසින් සූදානම් කර තිබුණු පිටු 36කින් යුත් පොත් පිංචය තුළ ප්‍රශ්න අඩක් පමණ, පිබිදෙව්! සඟරාවේ ලිපි දෙකක් මත පදනම් වූ නිසාය.
“ෂැන්ටිටවුන්ස්—හාර්ඩ් ටයිම්ස් ඉන් දි අර්බර්න් ජන්ගල්,” නම් 1992 ඔක්තෝබර් 8, එවේක්! කලාපයේ පළවූ ලිපිය, එම පිංචය තුළ පිටු 1 සිට 9 දක්වා, හුවා දක්වන ලදි. එම තොරතුරු සම්බන්ධයෙන් අවබෝධය මැනීම සඳහා ප්‍රශ්න 21ක්, ඇතුළත් කරන ලදි. එම විභාග පොත් පිංචයේ පිටු 10 සිට 16 දක්වා, “කැපිබරා—මිස්ටේක් ඕර් මාර්වල් ඔෆ් ක්‍රිඒෂන්?,” නම් 1992 සැප්තැම්බර් 22, එවේක්! කලාපයේ පළවූ ලිපිය පිළිබඳ ප්‍රශ්න 14ක්, ඇතුළත් කරන ලදි.
“රට පුරා ශිෂ්‍යයන්ගේ තේරුම්ගැනීමේ හැකියාව මැනීමට මෙම ලිපි උපයෝගි කිරීමෙන්, පිබිදෙව්! නිවැරදි ව්‍යාකරණ සහ කරුණු කෙළින්ම, සංක්ෂිප්තව ඉදිරිපත් කරන සඟරාවක් ලෙස පාසැල් අධිකාරීන් දකින බව”, බටහිර සුරිනාම්හි, එක් විදුහල්පතිවරයෙක් ප්‍රකාශ කළේය.
පිබිදෙව්! සඟරාවේ පිටපතක් ලබාගැනීමට හෝ මෙම කාරණය ගැන ඔබ සමඟ සාකච්ඡා කිරීමට යමෙකු ඔබගේ නිවසට පැමිණෙනවාට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.