ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 11/8 31 පි.
  • “සම ප්‍රස්තා ඛේදවාචකයකි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සම ප්‍රස්තා ඛේදවාචකයකි”
  • 1995 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
  • “අපි මෙන් ඔබටත් මිදිය හැකියි!”
    1998 පිබිදෙව්!
  • දුම්පානය නතර කළ යුත්තේ ඇයි?
    2000 පිබිදෙව්!
  • දුම්පානය එතරම්ම හානිකරද?
    2011 පිබිදෙව්!
1995 පිබිදෙව්!
g95 11/8 31 පි.

“සම ප්‍රස්තා ඛේදවාචකයකි”

“නහඹර ගැහැනු දරුවෝ කිසිසේත් පණිවුඩය ලබා නොගනිති” යනුවෙන් ද ටොරොන්ටො ස්ටාර් පත්‍රය වාර්තා කරයි. කුමන පණිවුඩයද? දුම්පානය මාරාන්තික පුරුද්දක් බවය. කැනඩාවේ අවුරුදු 15 සහ 19 අතර ගැහැනු ළමයින්ගෙන් සියයට 25ක්ම දුම්පානය කරන බවත්, සන්සන්දනාත්මකව බලන කල එම වයසේම සිටි පිරිමි ළමුන් අතර දුම්පානය සියයට 19ක් බව සමීක්ෂණය හෙළි කරයි. වැඩිහිටියන් අතර පවා දුම්පානය කරන්නෝ දුම්පානය කරන්නියන්ට වඩා ගණනින් අධිකය. “කාන්තාවන් අතර දුම්පානය සම ප්‍රස්තා ඛේදවාචකයක් බවට පත්ව තිබේ” යනුවෙන් ෆිසිෂන්ස් ෆෝර් ඒ ස්මෝක්-ෆ්‍රී කැනඩා (දුම්-රහිත කැනඩාවක් සඳහා වෛද්‍යවරුන්) යන සංවිධානය සඳහන් කරයි.

යෞවන ගැහැනු දරුවන් දුම්පානය කිරීමට ආරම්භ කරන්නේ මන්ද? කුතුහලය, තුල්‍ය පීඩනය සහ කැරලි ගැසීම ප්‍රධාන තැනක් ගනී. කෙසේවෙතත්, දුම්පානය කරන්නියන් හීන්දෑරි වන බව පෙන්වන ප්‍රචාරක කර්මාන්තය නොසලකා හැරිය නොයුතුය. ඔව්, දුම්පානය නවතා දැමුවහොත් අධික කෑමෙන් ඔවුන් මහත් වේය යන බිය නිසා බොහෝදෙනෙක් එය වැළැක්වීම පිණිස දිගටම දුම්පානය කරති. ඉතා දුක්ඛදායක ලෙස, මෙම කාන්තාවෝ පිළිකා තර්ජනයට වඩා බරින් වැඩිවීමේ තර්ජනය පිළිබඳ වඩාත් සැලකිලිමත් වනවා විය හැක. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් වන රොබට් කෝඇම්ස් ඔවුන්ගේ ආකල්පය මෙසේ සංක්ෂිප්ත කළේය: “පෙණහලු පිළිකාව වසර 20කින් වැළඳෙයි. මහත්වීම වහා සිදුවන්නකි.”

දුම්කොළ කර්මාන්තය තවදුරටත් කාන්තාවන් ඉලක්ක කරන්නේ නිදහස සමඟ දුම්පානය එකට සම්බන්ධ කිරීමෙනි. එහෙත්, කලින් සිටි එ.ජ. ශල්‍ය වෛද්‍ය ජනරාල් ජීන් කිල්බෝන් ඥානාන්විතව මෙසේ ප්‍රකාශ කළාය: “දුම්වැටි පානය විමුක්තියක් ලෙස සැලකිය හැක්කේ, මරණය අවසාන නිදහසයයි සලකන්නාවූ පුද්ගලයෙකුට පමණි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න