“මම ඒවා කියවන තෙක් මින්පසු එක පිටපතක්වත් විසි නොකර[මි]”
පිබිදෙව්! ප්‍රකාශකයන්ට මිනිසෙක් මෙසේ පැහැදිලි කර ලීවේය: “මෑතකදී මට 1994 අප්‍රියෙල් 8, එවේක්! සඟරාවේ පිටපතක් මගේ දැල් දොරේ තිබී සම්බවුණා. ෂාහ්! සිදුවී තියෙන්නේ කුමක්ද? ඔබ තත්කාලීන තොරතුරු රැසක් අඩංගු, ‘90 දශකයට’ යෝග්‍ය ප්රකාශනයක් නිර්මාණය කර තිබෙනවා. මෙම වෙනස්වීම මා විස්මයට පත් කරන අතර, ඇත්තෙන්ම පළමු වරට මා මෙම ලිපි කියෙව්වා. (මා සාමාන්‍යයෙන් සිතන්නේ, ‘අපෝ, ඒගොල්ලෝ ආයෙත් ඇවිල්ලා,’ කියා එය ඉවත් කරනවා.) සෑම කෙනෙකුටම එහි කුමක් හෝ තිබුණා.”
අවසාන වශයෙන් ඔහු මෙසේ ලීවේය: “ඔබ සිටින්නේ නිවැරදි මාර්ගයේ. ඔබගේ සේවය දිගටම කරගෙන යන්න, මම ඒවා කියවන තෙක් මින්පසු එක පිටපතක්වත් විසි නොකරන බවට පොරොන්දු වෙනවා.”
පිබිදෙව්! සඟරාවේ පිටපතක් ඔබගේ නිවසට තැපෑලෙන් ලබාගැනීමට හෝ නොමිලේ නිවාස බයිබල් පාඩමක් ලබාගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල යන ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඉහළ: ROE/Anglo-Australian Observatory අනුග්‍රහයෙන්, ඡායාරූපය David Malin විසිනි