ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 8/8 14-16 පි.
  • නුග ගහ ගහක් කැලෑවක් වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නුග ගහ ගහක් කැලෑවක් වෙයි
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආගම සහ නුග ගහ
  • අපි නුග ගහට නඟිමු
  • එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවාගේ වෘක්ෂයෝ තෘප්තියට පැමිණෙති’
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 පිබිදෙව්!
g96 8/8 14-16 පි.

නුග ගහ ගහක් කැලෑවක් වෙයි

ඉන්දියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

කැලෑවක් සාමාන්‍යයෙන්ම බොහෝ ගස්වලින් සමන්විතයි. එහෙත් එක ගහකින් විතරක් හැදුණු කැලෑවක් තිබෙනවා. හෙක්ටාර දෙකකටත් වඩා ප්‍රදේශයක් ආවරණය කරන තුරුම විහිදී යා හැකි ඉතා අසාමාන්‍ය ගහක්, නුග ගහ! එය වැඩෙන්ට පටන්ගන්නේ කොහොමද? ඇත්තටම කැලෑවක් හැටියට හඳුන්වන්න පුළුවන් වන තුරුම එය විශාල වෙන්නේ කොහොමද?

අර්ටිකල්ස් සහ මොරාසී කුලය, නැතහොත් අත්තික්කා ශාක විශේෂ 800ක් පමණ ඇතුළත් මල්බෙරි කුලය වශයෙන් හැඳින්වෙන, මල් එන ශාක ගණයට නුග ගහ අයිතියි. නුග ගහේ නැතහොත් බෙන්ගාලයේ අත්තික්කාවල දීර්ඝ ජීවිතය ඇරඹෙන්නේ නුග ගෙඩිය කෑ වඳුරන්ගේ, කුරුල්ලන්ගේ හෝ වවුලන්ගේ අසූචිවල තිබෙන බීජයක් මගින්.

ධාරක ගහක අතුවල මෙම බීජ පැළ වෙන අතර, එහි හිදැස්වල එකතු වී තිබෙන ඓන්ද්‍රීය ද්‍රව්‍යවල මුල් සරුවට වැඩෙනවා. අලුත් ගහේ මුල්වලට ශීඝ්‍රයෙන් වැඩීමට තෙතමන තත්වයන් උපකාර කරනවා; ඒවා “ගොදුරු වූ” ගහේ කඳ වටේට ඝනව වැඩෙන අතර, පොළොව දක්වා පහළට වැඩෙනවා. ශක්තියෙන් හා ප්‍රමාණයෙන් වැඩෙන විට, ඒවා ධාරක ගහ හිර කරගන්නවා, මෙයාකාරයට බෙල්ල මිරිකන අත්තික්කා යන නම ගහට දෙනු ලබනවා.

දැන් නුග ගහ විශාල වීමට සූදානම්. මව් කඳේ අඩියෙන් මුල් විහිදී යනවා විතරක් නොවෙයි, නමුත් අතු දික් වෙමින් හරස් අතට වැඩෙද්දී, එයින් හටගන්නා මුල්ද පොළොව දක්වා වැඩී, පසේ පැළ වෙනවා. කැලෑව සෑදීමට පටන්ගෙන තිබෙනවා.

නිවර්තන අප්‍රිකාවේ හා ඉන්දියාවේ දකින්ට තිබෙන විශාල, පැතලි කොළ සහිත නුග ගහ, මිනිසුන්ට හා සත්වයන්ට කුඩයකින් වගේ සෙවණ සපයනවා. ඉන්දියාවේ එක ගහක් කොතරම් විශාලද කියනවා නම්, එයට 20,000කට වැඩි ජනතාවකට සෙවණ සපයන්න පුළුවන් බව පැවසෙනවා. ගෙඩිය මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු නෑ, නුග ලීය මෘදුයි, එවගේම සිදුරු සහිතයි; කොහොම වුණත්, මැලියම් නමින් හැඳින්වෙන, ලීයෙන් වෑස්සෙන, සුදු, ඇලෙන ද්‍රව්‍යයක් කුරුල්ලන්ව අල්ලන්න යොදාගන්නවා.

නුග ගහ කොයි තරම් කාලයක් පවතිනවාද? අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තිබෙන ගහක් අවුරුදු 600කට වඩා පැරණි බවට ගණන් බලා තිබෙනවා; ආරක්ෂා කළ හොඳින් වැඩුණු වෙනත් ගස් අවුරුදු 250කට වඩා පැරණියි. ඒ වගේම නුග ගහේ වැඩීම හා විහිදීයෑම නොනවත්වා සිදු වන දෙයක්.

පැවසෙන අන්දමට ලොකුම ගහ තිබෙන්නේ ශ්‍රී ලංකාවෙයි. එක මව් ගහකට සම්බන්ධව විශාල කඳන් 350කුත්, කුඩා කඳන් 3,000කට වැඩියෙනුත් තිබෙනවා. ආධාරක මුල් 1,100කට වඩා වැඩි හා හෙක්ටාර දෙකකට වඩා වියනක් විදිහට ආවරණය කරන ඉන්දියාවේ ගහක ප්‍රමාණය මැන බැලූ විට, එම රටේ විශාලතම ගහ එය බවට සොයාගෙන තිබෙනවා. එය හානිවලින් ආරක්ෂා කරගැනීමට අවි සන්නද්ධ මිනිස්සු හතරදෙනෙක් එය නිතරම ආරක්ෂා කරනවා. බැංගලෝර් අසල තිබෙන හෙක්ටාර 1.2ක් පුරා විහිදෙන ගහ ඇතුළු වෙනත් ප්‍රසිද්ධ නුග ගස් ඉන්දියාවේ තිබෙන අතර, එම ගස නගරයේ වැසියන්ට විනෝද ගමනක් සඳහා ප්‍රියතම ස්ථානයක්. රන්තම්බෝර් වන සත්ව උද්‍යානයෙහි තේජාන්විත ගහක් තිබෙනවා. වර්ෂ 500කට පෙර මෝගල් අධිරාජ්‍යයෙකුගේ ලියවිලිවල සඳහන් වූ මෙම ගහ, කුරුල්ලන්ට, වවුලන්ට, සර්පයන්ට, ලේන්නුන්ට සහ කුඩා සත්වයන් හා කෘමීන් රාශියකට සෙවණ සපයනවා. ඊට අමතරව උද්‍යානයෙහි සිටින ව්‍යාඝ්‍රයන්ට හා ගොදුරු අල්ලා කන වෙනත් සත්වයන්ට සෙල්ලම් හා දඩයම් පිටියක්ද වී තිබෙනවා.

නමුත්, සමහරවිට ඉන්දියාවේ හොඳින්ම ප්‍රසිද්ධ නුග ගහ, කල්කටාවේ ජාතික උද්භිද විද්‍යා උද්‍යානයේ තිබෙන අවුරුදු 240ක් පැරණි ගහයි. මීටර් 24.5කට වඩා උස එය, හෙක්ටාර 1.2ක ප්‍රදේශයක් වසා ගන්නවා පමණක් නොවෙයි, එහි අතුවලින් මුල් 1,800කට වඩා පහතට වැටී තිබෙන අතර, විශාල මුදුන මීටර් 420ක වටප්‍රමාණයකින් යුක්තයි. ඇත්තටම කැලෑවකි.

ආගම සහ නුග ගහ

පුරාණයේ සිටම ජනයා ගස්වලට නමස්කාර කර තිබෙනවා. නුග ගහ ගැනද කියන්න තියෙන්නේ ඒ ටිකමයි; අද පවා ඉන්දියාවේ එය සලකන්නේ ශුද්ධ දෙයක් හැටියටයි. ශුද්ධ ගස් විශේෂිත දෙවිවරුන් නියෝජනය කරන බව පැවසෙනවා—නුග ගහ, විෂ්ණු දෙවියාව. ගහ සිටුවා, වතුර දමා, රැකබලා ගත්තාම, ගසේ සිටින දෙවියාට නමස්කාර කරනවා කියායි සලකන්නේ.

පැරණි පොලිනෙසියන් සමාජවල පවා, නුග ගහ ශුද්ධ ගහක් ලෙසයි සැලකුවේ. එළිමහන් චතුරස්‍රයක, නොහොත් ටෝහුඅ කියන ස්ථානයේ ආගමික උත්සව පැවැත්වූවා. ඒ වටා ගෙවල් සාදා තිබුණා. චතුරස්‍රයේ එක කොනක සාමාන්‍යයෙන්ම දේවාලයක් එක්කම ශුද්ධ නුග ගහක් දකින්ට තිබුණා. ගෝත්‍රයේ මියගිය ප්‍රමුඛ පෙළේ සාමාජිකයන්ගේ ඇටකටු අහුරා එහි අතුවල එල්ලා තිබුණා.

මෙම දැවැන්ත ගහට මුලින්ම බැන්යන් යන නම තැබුවේ යුරෝපීයයන්. පර්සියන් බොක්කේ සහ ඉන්දියාවේ, අව්වේ පිච්චීමෙන් ආරක්ෂා වීමට වෙළෙඳුන් ඔවුන්ගේ බඩු මුට්ටු, ගහේ තිබුණු විශාල, කුඩයක් බඳු වියනෙන් සැපයූ සෙවණෙහි අතුරාගෙන සිටිනවා මුල් යුරෝපීය සංචාරකයන් දැක්කා. හින්දු ගෝත්‍ර ක්‍රමයට අනුව, වෙළෙඳුන් වස්‍ය නමින් හැඳින්වෙන ප්‍රධාන කොටසකින් පැමිණි අතර, උප ගෝත්‍රයක් වන බැන්යන් ගෝත්‍රිකයන් ධාන්‍ය සහ වෙනත් සිල්ලර බඩු විකිණීමට ප්‍රසිද්ධ වී සිටියා. සෙවණැති ගහ යට බැන්යන් ගෝත්‍රිකයෙක් ඔහුගේ බඩු විකුණනවා දකින මෙම විදේශීන්ට, එම ගහට බැන්යන් කියා ඉංග්‍රීසියෙන් නම් කිරීමට මෙයින් මඟ පෑදුණා.

ඒ දවස්වල බැන්යන් ගෝත්‍රිකයන් ඔවුන්ගේ මුදල් දැමීමට සැඟවුණු සාක්කු සහිත බැනියමක් සාමාන්‍යයෙන් ඇන්දා. සනීප මෙන්ම පහසුවෙන් සෝදා වියළා ගත හැකි මෙම බැනියම, බැන්යන් වෙළෙඳුන්ට කොතරම් පොදු වූවාද කිවහොත් එම ඇඳුම බැනියම කියා නම් කළා, පසුව ඕනෑම මිනිසෙකුගේ පපු කමිසයට හෝ යට කමිසයට බැනියම යන නම පාවිච්චි කළා. ඉන්දියාවේ මිනිසෙකුගේ යට කමිසයට මේ නම තවමත් භාවිත වන අතර, වැඩ කරන විට බැන්යන් ගෝත්‍රිකයන් මේ විදිහේ ඇඳුමක් ඇඳීමේ පුරුද්ද අදදින පවා තිබෙනවා.

අපි නුග ගහට නඟිමු

නුග ගහේ මුදුනට නඟින්න ඔබ කැමතිද? ඔබ දකුණු ඉන්දියාවේ හයිද්‍රබාද්වලට කවදාහරි ගියොත් ඔබට පුළුවන් වේවි. බෙගම්පට් ගුවන් තොටුපළ අසල මෙන්ම නගරයේ හරි මැදට ආසන්නව, නුග සහ එම ගණයටම අයිති අත්තික්කා ගහක ශක්තිමත් අතුවලට සම්බන්ධ කර, ගහ උඩ මෂාන් නම් අවන්හල තිබෙනවා. තැනින් තැන වේදිකා පසු කරමින් ශක්තිමත් ලණු ඉනිමඟ දිගේ නඟින්න. ඔබ ඉන්න ගොඩනැඟිල්ල සාදා තිබෙන්නේ උණ බට, පොල් කොළ සහ ලණුවලින්. වෙනස් මට්ටම්වල සාදා තිබෙන කෑම කාමර දෙකට ඔබ ඇතුල් වූ විට, පිරමිඩ හැඩැති උණ බට වහල ඔබව අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරනවා. ඔබ දැන් ඉන්නේ පොළොවට වඩා මීටර් 9කට උඩින්. අලංකාර වේවැල් භාණ්ඩ සහ ගෝත්‍රික බිත්ති සැරසිලි කැලෑ ස්වභාවය තවත් වැඩි කරවනවා.

ඔබ ඉඳගත් විට, ඔබට මෝග්ලි නම් ආහාර වට්ටෝරුවක් දෙයි. මේ නම රුඩ්‍යාර්ඩ් කිප්ලිංගේ කතන්දර අඩංගු ද ජන්ගල් බුක් කියවන අයට හුරු නමක්. මෙයත් කැලෑවේ ස්වභාවය තවත් වැඩි කරන්නක්. දැන් නුග ගහේ මැද සිටින ඔබ, ඉඳගෙන ආහාර වේලක් ගැනීමේ අද්විතීය අද්දැකීම අත්විඳින්න. හයිද්‍රබාද්හි නම් දරා තිබෙන රසගැන්වූ බුරියානි, කෙබාබ් හා විවිධ වර්ගයේ ආහාර වැනි ඉන්දියාවේ ප්‍රණීත ආහාර වර්ග භුක්තිවිඳින්න.

ඔබ ආහාර ගත් පසු, ලණු ඉණිමඟ දිගේ පරෙස්සමෙන් බැස, කුඩා දියඇල්ලත්, නෙළුම් පොකුණත් බලා, නුග ගහේ විශාල වියනේ පිහිටුවා තිබෙන මේ අද්විතීය ගහ උඩ අවන්හලෙන් බැහැලා යන්න—එක ගහක් කැලෑවක් බවට පත් වන තුරුම විහිදිලා, විහිදිලා, විහිදිලා යන්න මේ ගහට පුළුවන්.

[15වන පිටුවේ පින්තූර]

නුග ගහක් කැලෑවක් වන තෙක්ම වැඩී ඇත

ඉහළ: කල්කටාවේ ජාතික උද්භිද විද්‍යා උද්‍යානයේ තිබෙන නුග ගහක කිට්ටුවෙන් ගත් පින්තූරයක්

[16වන පිටුවේ පින්තූරය]

කල්කටාවේ ජාතික උද්භිද විද්‍යා උද්‍යානයේ නුග ගහ

[16වන පිටුවේ පින්තූරය]

මෂාන්, හයිද්‍රබාද්හි නුග ගහක් මත වූ අවන්හලක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න