ආහාර රටාව සැලකිලිමත් විය යුතු දෙයක්
“ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කන්න” කියා බයිබලයේ දේශනාකාරයා 9:7 [NW] පවසනවා. කෑම ගැනීම, ඇත්තෙන්ම අත්‍යවශ්‍ය දෙයක් පමණක් නොව, නමුත් ජීවිතයේ සතුට ලැබෙන ශ්‍රේෂ්ඨතම දේවලින්ද එකක්.
තිස්හතර-හැවිරිදි තොමස්ව සලකා බලන්න. ඔහු මස් කන්න හරි කැමතියි. එනිසා ඔහු හැම දවසකම—බොහෝවිට දවසකට කීප සැරයක්ම මස් කනවා. ඔහුගේ නියම උදේ ආහාර වේලට කිරි, බිත්තර කීපයක්, පාන් හෝ බටර් තැවරූ, කර කළ පාන් සහ සොසේජස් හෝ බේකන් ඇතුළත් වෙනවා. කඩිනම්-ආහාර ගන්නා ස්ථානවලදී ඔහු ඉල්ලන්නේ චීස් සහ මස් පිරවූ පාන්, බැදපු අල සහ අයිස් ක්‍රීම් සහිත රස කළ කිරියි. අවන්හලකින් කෑම ගන්නා විට ඔහුගේ ප්‍රධාන දීසිය හැටියට තෝරන්නේ බීෆ්ස්ටේක් (බැදපු මස් පෙත්තක්). ඔහුගේ ප්‍රියතම ආපන ශාලාව, ඔහු කැමති විදිහටම ග්‍රෑම් 680ක බැදපු මස් පෙත්තක් සහ පුලුස්සන ලද අල වැහෙන තරමටම මෝරු දමා පිළිගන්වනවා. චොකලට් අයිස් ක්‍රීම් උඩට දැමූ චොකලට් කේක් ඔහුගේ ප්‍රියතම අතුරුපසයි.
තොමස් සෙන්ටිමීටර් 178ක් උස, කිලෝග්‍රෑම් 89ක් බර තැනැත්තෙක්; එක්සත් ජනපද රජයේ 1995 භෝජන මාර්ගදර්ශකවලට අනුව ඔහු කිලෝග්‍රෑම් 9ක් බරෙන් වැඩියි. “මගේ බර මට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මට කිසි ලෙඩක් නෑ. ගිය අවුරුදු 12 එක දවසක්වත් මම වැඩ නොකර හිටියේ නෑ. හුඟක් වෙලාවට මට හොඳ ශක්තියක් දැනෙනවා—හැබැයි, ග්‍රෑම් 680ක බැදපු මස් පෙත්තක් කාපු වෙලාවට ඇරෙන්න” කියා තොමස් පවසනවා.
ඒත්, තොමස්ගේ ආහාර රටාව, ඔහුව ක්‍රමක්‍රමයෙන් හෘදයාබාධයකට නැඹුරු කරමින් ඔහුට නරකට හිටිනවා වෙන්න පුළුවන්ද? වෛද්‍ය. ෂ’වින් නූලන්ඩ් හෞ වී ඩයි (අපි මැරෙන විදිහ) නමැති ඔහුගේ පොතේ ‘මාරාන්තික ජීවන රටා’ ගැන කතා කරන අතර, ඒවා අතරට ‘රතු මස්, ලොකු බේකන් පෙති සහ බටර්’ ඇතුළත් කරනවා.
සමහර ආහාර වර්ග බොහෝදෙනෙක්ට හෘද රෝග හටගන්වන්නේ කොහොමද? අනතුරු කරන්නේ ඒවාවල ඇති මොන දේවල්ද? මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න කලින් බර වැඩිවීමෙන් ඇති වන සෞඛ්‍ය ගැටලු ගැන අපි සලකා බලමු.
[3වන පිටුවේ පින්තූරය]
එවැනි ආහාර රටාවක් සැලකිලිමත් විය යුතු දෙයක් වන්නේ ඇයි?