ශාරීරික යෝග්‍යතාවේ අන්තයටම
“යෝග්‍යතා ව්‍යාපාරයේ අසාමාන්‍ය පරම්පරාව නම් පාලනයෙන් තොර අධිව්යායාම්කරුවන්ය” කියා ද ටොරොන්ටෝ ස්ටාර් කියනවා. ස්ටාර් වාර්තා කරන්නේ, ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම අධිව්යායාම් පහර දී ඇති බවයි. සමහර වෛද්‍යවරුන් සහ චිකිත්සකයන් කියන විදිහට, පිරිමින් අධිව්යායාම්වල යෙදෙන්නේ, අහිමි වූ තාරුණ්‍යය යළි ලබාගන්න වුණත්, ගැහැනුන් සඳහා ප්‍රධාන හේතූන් වී ඇත්තේ, සාමාන්‍යයෙන් ඔවුන්ගේ රූ සපුව ගැන ඇති විවිධ මත මෙන්ම ආහාර ගැනීම්වල අක්රමිකතාවයි.
බොහෝදෙනෙක් වඩා හොඳ පෙනුමක් සහ හොඳ හැඟීමක් සඳහා ව්‍යායාම් කරන්න පටන්ගෙන පසුකාලයේදී අවශ්‍යම නිසා අධිව්යායාම්වල යෙදෙනවා. ක්‍රීඩා මනෝ විද්‍යාඥයෙක් මෙන්ම ඔලිම්පික් කණ්ඩායම් කිහිපයක් සඳහා උපදේශකයෙක් වන රිචඩ් ස්වින් කියා සිටින ආකාරයට එම අධිව්යායාම්වල යෙදීම පෙනෙන විදිහට සිදු වන්නේ, එය “නිකම්ම යෝග්‍යතා පාලනය මත නොව, නමුත් චිත්තවේගීය බැඳීමක් මත පදනම්” වූ විටයි. මේ ගැටලුව සමඟ කටයුතු කිරීමේදී වෛද්‍යවරුන් සහ චිකිත්සකයින් රෝගියාගේ ජීවිතය කෙරෙහි ව්‍යායාමයේ ඇති බලපෑම නිශ්චය කරගන්න උත්සාහ කරනවා. රෝගියා නිවසක් සහ දරුවන් බලාකියා ගන්නා අතරම, අභියෝගාත්මක රැකියාවක් සමඟ හැප්පෙමින් සිටිනවා නම්, අධිව්යායාම්වල යෙදීම ඔහුගේ සුභසාධනයට නිෂේධාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. පවුල් ප්‍රතිකාර පිළිබඳ මහාචාර්යවරයෙක් වන වෛද්‍ය ටෝම්ස් ෂ්වෙක්ට අනුව, “ඔවුන් තවමත් හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටිනවා වෙන්න පුළුවන් වුණත් සමාජීය බිඳවැටීම්, රැකියා කඩාකප්පල් වීම්, පවුල් අසමගිය තවමත් තියෙන්න පුළුවන්.”
ව්‍යායාම්වලට ඇබ්බැහිවූවන් හා බැඳි අනතුරු සංඥා සමහරක්, ස්ටාර් ලැයිස්තුගත කරනවා: ‘බයිසිකල් පැදීම, පිහිනීම, දිවීම සහ බර ඉසිලීම වැනි තනියම කරන ව්‍යායාම් තෝරාගැනීම; ව්‍යායාම් වැඩසටහනේ නම්‍යසුලු වීමේ අඩුකම; ව්‍යායාම් අනිවාර්යයෙන්ම කළ යුතු බවත්, එසේ නොකිරීම දැරිය නොහැකි දෙයක් බවත් විශ්වාස කිරීම සහ පෞද්ගලික ජීවිතයේ වෙනත් අංගවල පහත වැටීම.’
යෝග්‍යතා ක්ෂේත්රයේ වැඩ කරන අය ප්‍රමාණවත් ව්‍යායාම්වල ඇති ප්‍රයෝජන පිළිගත්තත්, ප්‍රමාණය ඉක්මවූ ව්‍යායාම්වල ඇති හානිකර බලපෑම් ගැන ඔවුන් පවා අනතුරු අඟවනවා.—1 තිමෝති 4:8.