ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 10/8 25 පි.
  • වලාකුළුවලින් ජලය ඇදගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වලාකුළුවලින් ජලය ඇදගැනීම
  • 1997 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඉන්දියාවේ චීන මාළු දැල්
    2000 පිබිදෙව්!
  • ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?
    2001 පිබිදෙව්!
  • සදාකාල ජීවනය ලබා දෙන දිය උල්පත
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝකය ජල හිඟයකට මුහුණ පා ඇද්ද?
    2001 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 10/8 25 පි.

වලාකුළුවලින් ජලය ඇදගැනීම

දකුණු අමෙරිකාවේ පිබිදෙව්! වාර්තාකරු විසින්

චිලීහි වැඩ කරන පර්යේෂකයන් සාර්ථක ලෙස ඝන මීදුමෙන් ජලය ඇදගැනීමේ ඉපැරණි අරාබි ශිල්ප ක්‍රමයක් යෝග්‍ය පරිදි සකස් කරගෙන තිබෙනවා. “පත්‍රවල එකතු වී, ඔලීව ගස් පාමුල තනා තිබෙන කුඩා ටැංකිවලට වෑස්සෙන ජලයෙන් සියවස් ගණනාවක් පුරා ඕමානයේ කාන්තාර ප්‍රදේශවල ඔලීව ගස් පෝෂණය කර තිබෙනවා” කියා හෙල්ත් ඉන්ට’අමෙරිකා නමැති ප්‍රවෘත්ති හසුනක පැහැදිලි කෙරෙනවා. ඔලීව ගස් වෙනුවට, පර්යේෂකයන් සාගරයේ සිට හමා එන ඝන මීදුමෙන් නිරතුරුවම වැසී තිබෙන කඳු සහිත කාන්තාර ප්‍රදේශවල විශාල දැල් දමා තිබෙනවා. අතිවිශාල අත්පන්දු දැල් මෙන් දිස්වෙන දැල් ඝන මීදුමේ තිබෙන ජල බින්දු රඳවාගන්නවා. මේ ජල බින්දු ජල නළ පද්ධතියකට මුදාහැරෙන පීල්ලකට වෑස්සෙනවා; ඒ ජල නළවලින් ජලය ගබඩා කර තබන ටැංකියකට යැවෙනවා.

චිලීහි උතුරු වෙරළබඩ කාන්තාර ප්‍රදේශයේ පිහිටි චුන්ගුන්ගෝ කියන ඉතා කුඩා ගම්මානයේ ක්‍රියාත්මක වන මේ ක්‍රමයෙන් ඔප්පු වී තිබෙන්නේ මෙය ඵලදායක බවයි. අවුරුදු 14කට කලින් චුන්ගුන්ගෝ ගම්වාසීන්ට පිරිසිදු ජලය ලබාගැනීම සඳහා ප්‍රදේශයේ ජල ප්‍රභවයක් තිබුණේ නැහැ කියා අසපම වාර්තා නමින් කැනේඩියානු අන්තර්ජාතික සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරන සඟරාවක පැවසෙනවා. ට්‍රක් රථවලින් දවසකට වතුර ලීටර් 5,000ක් ගෙනෙන අතර, එක පවුලකට ලබාගන්න පුළුවන් වුණේ දවසකට ලීටර් 3-14 දක්වා ප්‍රමාණයක් විතරයි. ඒත් අද, ඝන මීදුමේ ජල බින්දු එකතු කිරීම සඳහා ගමට ඉහළින් පිහිටි කඳුවල සවි කර තිබෙන දැල් 75ට ස්තුතිවන්ත වෙන්න චුන්ගුන්ගෝ ගමට පුදුමාකාරයකට ජලය ලීටර් 11,000ක් ගලා එනවා; මෙයින් සෑම ගම්වැසියෙකුටම දවසකට වතුර ලීටර් 30ක් ලැබෙනවා. මීදුම් ජලය රඳවාගන්නා ක්‍රමය නිසා ගම්වැසියන්ගේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු වී තිබෙනවා කියා වලාකුළු පිළිබඳ භෞතික විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙකු වන ආචාර්ය රොබට් ෂෙමනෞ පවසනවා. “හැම කෙනෙක්ම තමන්ගේම එළවළු හා පලතුරු වතුවලින් ලබාගන්නා එළවළු හා පලතුරු කෑමට ගන්නවා.”

මීදුම් ජලයෙන් නිරෝගී සෞඛ්‍යයක් ලැබෙනවා විතරක් නෙවෙයි, එයට ඒ තරම් මුදලක් වැය වෙන්නෙත් නැහැ. වේල්ලක් සෑදීමට වැය වන රුපියල් මිලියන ගණන සමඟ සසඳද්දී, සාමාන්‍ය සවි කිරීමකට රුපියල් 45,00,000ක් විතර වියදම් වෙනවා කියා ආචාර්ය ෂෙමනෞ පවසනවා. ලෝකයේ අනිකුත් ශුෂ්ක ප්‍රදේශ බොහොමයකට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන අත් කරගත හැකි වුවත්, ජලය සැපයීමේ මේ විකල්ප එළඹීම පිළිගන්න අන්තර්ජාතික ආයතන මැළිකමක් දක්වනවා.

[25වන පිටුවේ පින්තූර]

වමේ: ඝන මීදුමෙන් ජලය එකතු කරගන්නා දැල් කඳු මුදුනේ

පහළ: දැලේ සමීප දසුනක්

[හිමිකම් විස්තර]

ඡායාරූප: IDRC

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න