දේශනා කිරීමට එය ඔවුන්ව පෙලඹුවා
රුසියාවේ 7,00,000ක් පමණ සිටින ඈත පෙරදිග නගරයක් වන කබාරස්ක්හි, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා බොහොමයක් තිබේ. ළඟපාත ගම්මානයක ජීවත් වන ස්ත්‍රීන් දෙදෙනෙකු පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක පොතේ පිටපතක් ලබාගත්තා. කෙසේවුවත්, කබාරස්ක්හි සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ ගමට ගොස් ඔවුන්ව බැහැදැකීමට නොහැකි වුණා.
එබැවින් ස්ත්‍රීන්, ඔවුන් දැනගෙන සිටි තරමින් හැකි උපරිමයෙන් බයිබලය යොදාගනිමින්, එක් වී පොත පාඩම් කරන්න පටන්ගත්තා. ඔවුන් එය අවසන් කළ පසු, මුල් ක්‍රිස්තියානීන් කළාක් මෙන්ම තමන්ද ඉගෙනගත් දේ ගැන අන්‍යයන්ට පැවසීම වැදගත් බව ඔවුන් තීරණය කළා.—මතෙව් 10:7; ක්‍රියා 20:20.
ස්ත්‍රීන් කතා කළ මුල් නිවසේදී, ඔවුන්ට මිනිසෙකු මුණගැසුණු අතර ඔවුන් ඔහු සමඟ බයිබල් පාඩමක් ඇරඹුවා. කල් යත්ම, මිනිසාගේ බිරිඳ සහ දියණියද නොකඩවාම බයිබල් සාකච්ඡාවලට සහභාගි වුණා. පසුව, වෙනත් සාක්ෂිකරුවන්ව මුණගැසීමට හැකි වූවායින් පසු, ඔවුන් පස්දෙනාම බව්තීස්ම වුණා. අන්‍යයන්ට කතා කිරීමට මුල පිරූ ස්ත්‍රීන් දැන් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියන්.
පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත කියවීමෙන්, අන්‍යයන් සමඟ බයිබල් ඉගැන්වීම් බෙදාගැනීමට ඔබත් පෙලඹිය හැකියි. පිටපතක් ලබාගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ නිවාස බයිබල් පාඩමක් පවත්වන්න යමෙක් එනවාට ඔබ කැමති නම් හෝ කරුණාකර වොච්ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300ට හෝ 5වන පිටුවේ සඳහන් ළඟම ලිපිනයට ලියන්න.