ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 8/8 31 පි.
  • පරිණාමය සත්‍යයක් නොවෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරිණාමය සත්‍යයක් නොවෙයි
  • 1998 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පරිණාමවාදය බයිබලයට එකඟද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරිණාමවාදය නඩු විභාගයකට ලක්වේ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරිණාමයේ අත්තිවාරම නැති වෙලාද?
    1997 පිබිදෙව්!
  • යොවුන් සිතේ ගැටලු - නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 8/8 31 පි.

පරිණාමය සත්‍යයක් නොවෙයි

දෙවි විසින් මුල් මනුෂ්‍යයන්ව කෙළින්ම මැවූ අතර, ආදියේ ප්‍රාණීන්ගෙන් පරිණාමය වීමේ ක්‍රියාවලියකින් ඔවුන් නොපැමිණි බව බොහෝ අමෙරිකානුවන් විශ්වාස කරන බව සමීක්ෂණයක් මගින් පෙන්නුම් කරනවා. නමුත් අමෙරිකාවේ විද්‍යා ගුරුවරුන් බොහෝදෙනෙක් බුද්ධියකින් තොර, අහඹු පරිණාමය සත්‍යයක් ලෙස සලකා එයට අනුබල දෙන්නේ මන්ද? “ඩාවින්ගේ සංකල්පය දරන මූලධර්මවාදීන් . . . බොහෝ විශ්වවිද්‍යාලවල විද්‍යා අංශ පාලනය කිරීම” එක හේතුවක් බව බ’ක්ලිවල පිහිටි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නීතිවේදී මහාචාර්ය ෆිලිප් ඊ. ජොන්සන් පවසයි.

ජොන්සන් කාරණය ඉස්මතු කොට දක්වනවා: “බුද්ධියෙන් තොර ද්‍රව්‍යමය ක්‍රියාවලීන්ට ජීවවිද්‍යාවේ ආශ්චර්යයන් බිහි කිරීමට හැකි වුණා පමණක් නොව, එසේ කළා කියා කීම සැක කරන්න යම් හේතු ඇති බව තම ශිෂ්‍යයන්ට කියන්න ජීවවිද්‍යා මහාචාර්යවරුන්ට ඇතැම් අවස්ථාවලදී තහනම් කර තිබෙනවා.”

විද්‍යාඥ හා ඉන්ජිනේරු ම’ෆි ඕ’ඩීන් මෙසේ නිරීක්ෂණය කරයි: “සත්‍ය තත්වයකට පත්ව නැති සිද්ධාන්තයක් ඉවතලනවා වෙනුවට, ‘පරිණාමය ඇත්තක් විය යුතුයි’ යන ස්ථාවරය ගනිමින්, ‘පරිණාමවාදි විද්‍යාව’ ඇදහීමක් බවට පත්ව තිබෙනවා.” අඩු සාක්ෂි හා ගැටෙන සාක්ෂි නොසලකා හරිනවා; එහෙමත් නැත්නම් එහි වැදගත්කම අඩු කර දක්වනවා.

මන්ද? අණුක ජීවවිද්‍යාඥ මයිකල් බීහි ඩාවින්ගේ කළු පෙට්ටියෙහි (ඉංග්‍රීසියෙන්) මෙසේ පවසයි: “ඉතා වැදගත් කොට සලකන හා ගෞරවයට පාත්‍ර විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනෙක්, ස්වභාවධර්මයාට එහායින් කිසිවක් පිළිගැනීමට කැමති නැහැ. අධිස්වාභාවික දෙයක් ස්වභාවධර්මයාට බලපානවාට ඔවුන් කැමති නැහැ.” නමුත් ප්‍රිය කරන අදහස් වැඩිදියුණු කිරීම සඳහා, ගැටෙන සාක්ෂි නොසලකා හැරීමට සැබෑ විද්‍යාව නැඹුරු වන්නේ නැහැ. සියලුම විද්‍යාඥයන් පරිණාමය විශ්වාස කරන්නෙත් නැහැ.

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභී කාලෝ රූබිආගෙන් බ්‍රසීලියානු සඟරාවක් වන වේෂා මෙසේ ඇසුවා; “ඔබ දෙවි කෙරෙහි විශ්වාස කරනවාද?” පුද්ගල දෙවිකෙනෙකු නොපිළිගත්තත් ඔහු මෙසේ පිළිගත්තා: “ඔබ ස්වභාවධර්මය වැඩියෙන් නිරීක්ෂණය කරන විට, සියලු දේවලදී අතිවිශාල සංවිධානය වීමක් තිබෙන බව ඔබට වඩාත් ඒත්තුගැන්වෙයි. එය කොයිතරම් අතිමහත් බුද්ධියක්ද කිවහොත්, ස්වාභාවික සංසිද්ධීන් නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම මැවුම්කරුවෙකු සිටින බවට වූ නිගමනයට මම එළඹෙනවා.”

ඔහුගේ නිරීක්ෂණයන් දෙවි සම්බන්ධ ප්‍රේරිත පාවුල්ගේ වචන අපට සිහිගන්වනවා: “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.”—රෝම 1:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න