බයිබලය නැවත කියවන්න ඔහුට එය දිරිගැන්නුවා
සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව මෙක්සිකෝවේ සිටි මනුෂ්‍යයෙකු තුළ ඇති කළේ එයයි. විවරණිකාව සම්බන්ධයෙන් ඔහු මෙහෙම ලිව්වා.
“විෂයන් සාධාරණ වගේම අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කර තිබෙන නිසා, පාඨකයාට බයිබලය කියවීමට ආශාවක් ඇති කරනවා. . . . එහි හැඳින්වීමට, විවිධ යොමු දැක්වීම්වලට, ඒ වගේම ඒකෙ තියෙන මාතෘකාවලට එනම්, ‘ජීවමාන භාෂාවලින් “කතා කරන” පොතක්,’ ‘මේ පොත විශ්වාස කළ හැකිද?’ සහ ‘මේ පොත විද්‍යාවට එකඟද?’ ආදියට මම පෞද්ගලිකව කැමතියි. ඒ හැම එකක්ම හරිම සරලයි, හොඳ තර්කානුකූල ආකාරයකට ඉදිරිපත් කර තියෙනවා, ඒ වගේම රූප සටහන් ආධාරයෙන් විස්තර කරලා තියෙනවා. . . .
“පෞද්ගලිකව මම, මේ තොරතුරුවලින් හුඟාක් දිරිගැන්වෙලා තියෙනවා. මුළු බයිබලයම කියවීමේ සතුට මම අද්දැකලා තිබුණත්, මේ විවරණිකාව කියෙව්වාට පස්සේ මම කරපු පළවෙනි දේ තමයි ලොකු අකුරු තිබෙන බයිබලයක් ලබාගත්ත එක. එදා ඉඳලා සතියකට පස්සේ මම දැන් ලොකු උනන්දුවකින් සහ වැඩිදුර දැනගැනීමේ ආශාවකින් බයිබලය කියවනවා.”
සියලුම ජනයා සඳහා පොතක් නමැති මෙම පිටු 32කින් යුත් විවරණිකාව කියවීමෙන් ඔබත් බොහෝ ප්‍රයෝජන ලබාගනී කියා අපට විශ්වාසයි. කූපනයේ සඳහන් කර තිබෙන හෝ සඟරාවේ පස්වන පිටුවේ ලැයිස්තුගත කර තිබෙන යෝග්‍ය ලිපිනයකට, කූපනය පුරවා තැපැල් කිරීමෙන් මෙයින් පිටපතක් ඔබටත් ලබාගත හැකියි.
□ සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාවෙන් පිටපතක් මට එවන්න.
□ කරුණාකර, නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවීමට කෙනෙක්ව එවන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Trustees of the Chester Beatty Library, Dublin