ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳින අයුරු
“අවුරුදු 40ක් තිස්සේ මම මුරටැඹ හා පිබිදෙව්! සඟරා කියවනවා” කියා දකුණු අමෙරිකාවේ, ආර්ජන්ටිනාවල ග්රාස්යෙලා ලියයි. “අවුරුදු ගණනාවකට පස්සේ අද මට ඇත්තෙන්ම කියන්න පුළුවන් ඒවා මගේ අවශ්‍යතා සපුරා තිබෙනවා කියලා. ළමා කාලයේදීත්, මගේ නහඹර වයසේදීත්, පූර්ව විවාහ ඇසුරේදී හා විවාහයේදී වගේම මගේ දරුවන් හයදෙනා ලොකු මහත් කරද්දීත් ඒවා මට උපකාර වෙලා තියෙනවා.
“තාමත් අපේ රැකවරණය යටතේ ඉන්න දරුවන් හතරදෙනාව ලොකු මහත් කරන්න මගේ සැමියාටයි මටයි මේ සඟරා උපකාරවත් වෙනවා. මගේ දරුවන් එක්ක හා ඔවුන්ගේ පාසැල් ගුරුවරුන් එක්ක කතා කරද්දී මම යොදාගන්නේ සඟරාවල කරුණුයි. සෞඛ්‍ය ගැටලු සම්බන්ධව වෛද්‍යවරුන් සමඟ කතා කරද්දී මම කෙළින්ම පිබිදෙව්! සඟරාවෙන්ම විස්තර කියවා තිබෙනවා. “ඉගෙනීමේ විකලතා ඇති දරුවන්ට උපකාර” (1997 මාර්තු 8) යන මාතෘකාව යටතේ පළ වුණු සඟරාවේ ලිපි මාලාවට ස්තුතිවන්ත වෙන්න අපේ දියණියකට ඉගෙනීමේ දුෂ්කරතාවක් තිබෙන බව අපිට වැටහුණා.”
තමන් මුහුණ පාන ගැටලු බොහොමයකට සාර්ථකව මුහුණ දෙන්නත්, එක්ව ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් පවුල්වලට උපකාර කිරීමට වොච් ටවර් සමිතියේ ප්රකාශනවලට හැකියි. උදාහරණයක් වශයෙන්, පිටු 192කින් යුත් පවුලේ සන්තෝෂයට රහස නමැති පොත ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට, දරුවන්ට, ආච්චිලා සීයලාට, ඔව්, පවුලේ සෑම සාමාජිකයෙකුටම ප්‍රයෝජන ගත හැකි පොතකි. එහි ප්‍රයෝජනවත් පරිච්ඡේද අතරින් සමහරක් මතු දැක්වෙයි: “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න,” “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” සහ “පවුලකට හානි කරන ගැටලු ජයගැනීමට ඔබට හැක.”
ඔබේ පිටපත වෙන් කරවාගැනීමට, කරුණාකර මෙම කූපනය පුරවා මෙහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ යෝග්‍ය ලිපිනයකට තැපෑලෙන් එවන්න. ගැටලු විසඳාගැනීමට ඔබට උපකාරවත් විය හැකි මෙන්ම මැවුම්කරු අදහස් කළ ආකාරයටම පවුල් ජීවිතය ප්‍රීතිමත් එකක් කරගැනීමට රුකුලක් විය හැකි විශේෂිත යෝජනා ඔබට ලැබෙනු ඇත.
□ පවුලේ සන්තෝෂයට රහස පොතේ පිටපතක් මට එවන්න.
□ කරුණාකර නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවීමට කෙනෙක්ව එවන්න.
[32වන පිටුවේ පින්තූරය]
ග්රාස්යෙලා සහ ඇගේ පවුල