ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g00 7/8 31 පි.
  • “මළ මිනියක්” නැඟිටියි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මළ මිනියක්” නැඟිටියි!
  • 2000 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • අලි මල
    2012 පිබිදෙව්!
  • ජලය ගලා බසින්නේ කොහේටද?
    2002 පිබිදෙව්!
2000 පිබිදෙව්!
g00 7/8 31 පි.

“මළ මිනියක්” නැඟිටියි!

ඉන්දුනීසියාවේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

වර්ෂ 1997 ජූලි 17වනදා ඉන්දුනීසියාවේ විකාශනය වූ රාත්‍රි ප්‍රවෘත්තිවලට සවන් දුන් අයට අසාමාන්‍ය පුවතක් අසන්න ලැබුණා. ඒ පුවතේ සඳහන් වුණේ ලෝකයේ විශාලතම මල්වලින් එකක් පිපී තිබීම ගැනයි. රාත්‍රි ප්‍රවෘත්තිවලට ඇතුළත් කරන්න තරම්ම මලක තිබෙන වැදගත්කම කුමක්ද? එයට හේතුව මෙම මල අසාමාන්‍ය එකක් වීමයි. මෙම මල හටගන්න පැළය ජීවත්ව තිබෙන අවුරුදු 40ක කාලය තුළ මෙම මල පිපෙන්නේ තුන්හතර පාරක් විතරයි. එමෙන්ම මෙම මල තිබෙන්නේ දවස් දෙකතුනක් විතරයි. මෙම ප්‍රවෘත්තියෙන් පසු මෙම මල පිපී තිබූ බොගර් උද්භිද උද්‍යානයට විශාල පිරිසක් ඇදී එන්න පටන්ගත්තා. සාමාන්‍යයෙන් මෙහි පැමිණෙන සංඛ්‍යාව සියයට 50කින් ඉහළ ගියා. එක් දිනක් ඇතුළත 20,000කට අධික පිරිසක් මේ මල බලන්න පැමිණියා.

මෙම මල හටගන්න පැළයේ උද්භිද විද්‍යාත්මක නාමය ඇමෝර්ෆෝෆැලස් ටයිටැනම් යන්නයි. සමහරුන් මෙය ටයිටැන් ඇරම් යන කෙටි නාමයෙන් හඳුන්වනවා. එහෙත් ඉන්දුනීසියානුවන් වැඩිදෙනෙක් මෙය හඳුන්වන්නේ මිනි මල කියායි. එයට හේතුව මෙම මල පිපී තිබෙන කාලයේදී එයින් කුණු වූ මාළුවෙකුගේ හෝ මීයෙකුගේ සිරුරෙන් හමන දුගඳට සමාන දුගඳක් හැමීමයි. මෙම පිළිකුල්සහගත දුගඳ මගින්, මෙම මල පිපී තිබෙන බව පරාග ගෙන යන මීමැස්සන්ට දැනුම් දෙනවා.

මෙම ටයිටැන් ඇරම් මල එහි දුගඳින් පමණක් නොව, ප්‍රමාණයෙන්ද අසාමාන්‍යයි. වැඩුණු ටයිටැන් ඇරම් මලක් සහිත පැළයක් මනුෂ්‍යයෙකුගේ සාමාන්‍ය උස මට්ටම ඉක්මවා යනවා. බොගර් උද්භිද උද්‍යානයේ පිපිණු මෙවැනි එක් මලක් අඩි 8ක් දක්වා උසට වැඩුණා. රැලි වැටුණු මල් බඳුනක හැඩයෙන් යුත් මේ මලේ විෂ්කම්භය අඩි 8.5ක් වුණා. මේ යෝධ මල හටගන්න කඳේ අලය කිලෝග්‍රෑම් 100ක් බරයි!

මේ ටයිටැන් ඇරම් මල ප්‍රමාණයෙන් යෝධ මලක් වුණත්, මෙය තනි මලක් නොව, තවත් කුඩා මල් කිහිපයකින් සෑදී තිබෙන එකක් නිසා ලෝකයේ විශාලතම මල වීමේ ගෞරවය එයට හිමි වන්නේ නැහැ.

මෙම ටයිටැන් ඇරම් මල මගින් ගීතිකාකරුගේ මෙම වදන්වල සත්‍යතාව මනාව පැහැදිලි වෙනවා. “අහෝ, මාගේ දෙවි යෙහෝවා, ඔබ බොහෝ විස්මිත දේවල් කර තිබේ. . . . ඔබ හා සමාන කිසිවෙකු නැත.”—ගීතාවලිය 40:5, NW.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න