ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g01 8/8 32 පි.
  • ලෝක සමඟිය මෙය සිහිනයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝක සමඟිය මෙය සිහිනයක්ද?
  • 2001 පිබිදෙව්!
2001 පිබිදෙව්!
g01 8/8 32 පි.

ලෝක සමඟිය මෙය සිහිනයක්ද?

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෙසෙන තැනැත්තෙක් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට මෙසේ ලීවේය. “අනිත් සඟරා හැම එකකටම වඩා ඔබේ පිබිදෙව්! සඟරාව ඇත්තෙන්ම විශිෂ්ටයි. එහි හැම දෙයක් ගැනම සාකච්ඡා කරන බවයි මට හැඟෙන්නේ. මම විශේෂයෙන්ම සතුටක් ලැබුවේ ස්වභාව ධර්මය පිළිබඳ ලිපි කියවීමෙනි.”

විශේෂ හේතුවක් නිසා පිබිදෙව්! සඟරාව සිත්ගන්නා බව ඔහුට පෙනී ගියේය. ඔහු මෙසේ පැහැදිලි කරයි. “මට හිතෙන විදිහට, පිබිදෙව්! සඟරාවට සමාන එකිනෙකාව සහෝදරයන් වශයෙන් සැලකීමට විවිධ ජාතීන්ට උපකාර කරන තවත් සඟරාවක් නැති තරම්. පිබිදෙව්! සඟරාව මෙන් වෙන එක සඟරාවකවත් ලෝක සමඟිය ගැන කතා කරන්නේ නැහැ. මම කියවලා තියෙන අනිත් සඟරා එක්ක පිබිදෙව්! සඟරාව සසඳනකොට මට තේරෙනවා ඇත්තෙන්ම එය වටිනා සඟරාවක් කියලා.”

පාඨකයාගේ නිරීක්ෂණය සෑම පිබිදෙව්! කලාපයකම 4වන පිටුවේ සඳහන්ව තිබෙන අරමුණට එකඟය. එහි මෙසේ පවසා ඇත. “එය සැමවිටම දේශපාලනමය වශයෙන් මධ්‍යස්ථව සිටින අතර එක් ජාතියක් තවෙකකට වඩා උසස් නොකරයි.” පිබිදෙව්! වඩාත්ම වැදගත් වන්නේ, ජීවිතයේ මූලික ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අපේ මැවුම්කරු වෙත පාඨකයන්ව ගෙන යන නිසාය.

පිටු 32කින් යුත් දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවද ඒ දේම කරයි. එහි තිබෙන පාඩම් 16 තුළ “දෙවි කියන්නේ කවුද?” “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?” “දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?” යන තේමාද අඩංගු වේ. මේ සමඟ ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවීමෙන් ඔබට මෙම විවරණිකාවේ පිටපතක් ලබාගත හැක.

□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ පිටපතක් එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මාව හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න