‘ශිෂ්‍යයන් නිතරම කියවනවා’
බ්‍රසීලියානු ප්‍රාන්තයේ මීනා ෂැරිස්හි ඩිවිනෝපොලිස්වල පුස්තකාලාධිපතියෙක්, පිබිදෙව්! සඟරාව කෙරෙහි ශිෂ්‍යයන් දැක්වූ බලවත් උනන්දුව ගැන බ්‍රසීලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලිවීය. ඔහු මෙසේ පැහැදිලි කළේය.
“මම වැඩ කරන නාගරික පාසැලේ පුස්තකාලයට [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] ඔවුන් පළ කර තිබෙන පොත් පත් හා සඟරා ඉඳ හිට පරිත්‍යාග කරනවා. මෙහේ යෙහෝවාගේ සාක්ෂිකාර ශිෂ්‍යයන් නැති වුණත් විවිධ විෂයන් පිළිබඳව පර්යේෂණය කිරීම සඳහා ශිෂ්‍යයන් නිතරම පිබිදෙව්! සඟරා කියවනවා. උදාහරණයක් හැටියට 2000 සැප්තැම්බර් 8 කලාපයේ (ඉංග්‍රීසියෙන්) ඔලිම්පික් ක්‍රීඩා සම්බන්ධයෙන් තොරතුරු බරිත ලිපි තිබුණ නිසා ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. විවිධ පිබිදෙව්! සඟරා තොගයක් අපට එවන්න කියා ඉල්ලා සිටින්න කැමතියි. අපේ බාලයන්ට ගොඩනංවනසුලු පොත් පත් කියවීමට සැලැස්වීම සඳහා මම දක්වන උනන්දුවට ඔබත් දායක වෙන බව මට ස්ථිරයි.”
සෑම පිබිදෙව්! කලාපයකම 4වන පිටුවේ සඟරාව පළ කිරීමට හේතුව පැහැදිලි කර තිබේ. “වඩා වැදගත් ලෙස, මෙම සඟරාව දැනට පවතින දුෂ්ට, නොපනත්කමේ ක්‍රමය වෙනුවට, සාමකාමී එමෙන්ම සුරක්ෂිත නව ලොවක් බිහි කිරීමට වූ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි නිසැකභාවය ගොඩනංවයි” කියා එය පැහැදිලි කරයි.
යෙහෝවාගේ සාක්ෂිකරුවන්, එම අරමුණ ඉටු කිරීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කර තිබෙන විවරණිකාද සපයන අතර, එම විවරණිකාවලින් එකකි ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාව. ඔබට පිටපතක් වුවමනා නම් මෙහි ඇති කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ ඇති යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.
□ ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාවේ පිටපතක් එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.