ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 6/8 26 පි.
  • ඔබ දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දන්නවාද?
  • 2004 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දන්නවාද?
    2005 පිබිදෙව්!
  • සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පළමුවෙනි සාමුවෙල් පොතෙන් විශේෂාංග
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 පිබිදෙව්!
g04 6/8 26 පි.

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් 26වන පිටුවේ සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [it, සිංහලෙන් නැත] නමැති පොත බලන්න.)

1. මණ්ඩපයේ කණු බහාලීම සඳහා භාවිත කළ ආධාරක පාද සාදා තිබුණේ කුමකින්ද? (නික්මයාම 26:19-32)

2. ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවේ වහල්භාවයෙන් ගලවාගැනීම හඳුන්වනු ලබන්නේ කෙසේද? (හෙබ්‍රෙව් 11:22, NW)

3. පේතෘස් තමාව කී වරක් නාඳුනන බව පවසයි කියාද යේසුස් පුරෝකථනය කළේ? (මතෙව් 26:75)

4. ආත්මයෙන් ලැබුණු ආශ්චර්යවත් දීමනා නැති වූවාට පසු ක්‍රිස්තියානි සභාව පැහැදිලිව හඳුන්වා දුන් ගුණාංග තුන මොනවාද? (1 කොරින්ති 13:13)

5. රූප නමස්කාරය මෝඩ ක්‍රියාවක් වන්නේ මක්නිසාද? (ගීතාවලිය 115:4-8)

6. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කාන්තාවන්ට පාවුල් දුන් උපදෙස කුමක්ද? (1 තිමෝති 2:9, 10)

7. පාවුල් තමාව “ප්‍රේරිතයන්ගෙන් සුළුම තැනැත්තා” ලෙස සැලකුවේ මන්ද? (1 කොරින්ති 15:9, NW)

8. පිලිස්තීය පුරුෂයන් 1,000දෙනෙකු මැරීමට සැම්සන් භාවිත කළ ආයුධය කුමක්ද? (විනිශ්චයකාරයා 15:15)

9. ශතවර්ෂ ගණනාවක සිට මැදපෙරදිග රටවල කෑමට ගනු ලබන කෘමි විශේෂය කුමක්ද? (ලෙවී කථාව 11:22)

10. පිට පිට දවස් දෙකක්ම යොහන් බව්තීස්ත යේසුස් ගැන ප්‍රසිද්ධියේ කුමක් ප්‍රකාශ කරමින් සිටියාද? (යොහන් 1:29, 35, 36)

11. යොහන්ට කළ එළිදරව්වේදී යෙහෝවාගේ සිංහාසනය වටේට වාඩි වී සිටියේ කවුරුන්ද? (එළිදරව් 4:4)

12. “පොළොවෙහි තිබෙන සියලු බීජවලට වඩා කුඩා” බීජය ලෙස යේසුස් හැඳින්වූයේ කිනම් බීජයද? (මාර්ක් 4:31)

13. පාවුල් ඔහුගේ දෙවෙනි මිෂනාරි ගමනේදී අතීනසයට ගිය විට “ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට” කියා ඔහු පණිවිඩයක් ඇරියේ කොයි පුරුෂයන් දෙදෙනාටද? (ක්‍රියා 17:15)

14. දෙවිගේ ප්‍රධාන එදිරිවාදියා කවුද? (යෝබ් 1:6)

15. ධර්මිෂ්ඨ හන්නා බීමත්ව සිටින බවට වරදවා තේරුම්ගෙන ඇයට චෝදනා කළේ කවුද? (1 සාමුවෙල් 1:12-16)

16. දාවිත්ට විරුද්ධව කැරලිගසා යූදා මනුෂ්‍යයන් හැර අනෙකුත් සියලුම ඊශ්‍රායෙලිතයන්ට තමන් සමඟ කැරලිගැසීමට සැලැස්වූ ‘දුර්ජන මනුෂ්‍යයා’ කවුද? (2 සාමුවෙල් 20:1, 2)

17. පාළුකරයේ සිටි ඊශ්‍රායෙලිතයන්, ආශ්චර්යවත් ලෙස සපයනු ලැබූ මන්නා වෙනුවට දැඩි ආශාවකින් සිටියේ මිසරයේදී කෑ කුමන ආහාරවලටද? (ගණන් කථාව 11:5)

ප්‍රශ්නවලට පිළිතුරු

1. රිදීවලින්

2. නික්ම යෑම යනුවෙන්

3. තුන් වරක්

4. ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය

5. ඒවාට ජීවයක් නැති නිසාත් ඒවා මනුෂ්‍යයන් සෑදූ දේවල් නිසාත්ය

6. “දේවභක්තික නාමය දරන ස්ත්‍රීන්ට සුදුසු” විනීතභාවයෙන් යුත් ඔබින වස්ත්‍ර ඇඳිය යුතු බවයි

7. ඔහු “දෙවිගේ සභාවට පීඩා කළ” නිසයි

8. “කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක්”

9. පළඟැටියා

10. “අන්න! දෙවිගේ බැටළු පැටියාණෝ”

11. වැඩිමහල්ලන් 24දෙනෙක්. යේසුස්ගේ අඩිපාරේ යන අභිෂේක ලත් අනුගාමිකයන් ඔවුන්ගේ ස්වර්ගික තනතුරෙහි සිටීම ඔවුන්ගෙන් නියෝජනය වෙයි

12. “අබ ඇටය”

13. සීලස්ට සහ තිමෝතිට

14. සාතන්

15. ඒලී නම් උත්තම පූජකයා

16. ෂෙබා

17. මාළු, පිපිඤ්ඤා, කොමඩු, කුඩා ලූනු සහ සුදු ලූනු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න