ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 5/8 22 පි.
  • අප දෙවිගේ නම කිව යුතුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප දෙවිගේ නම කිව යුතුද?
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නම මොකක්ද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • A4 හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවියන්ගේ නම
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 5/8 22 පි.

අප දෙවිගේ නම කිව යුතුද?

වර්ෂ 1901දී අමෙරිකාවේ නිකුත් කළ බයිබල් අනුවාදයක් ගැන වාර්තාවක් 1902දී එක් සඟරාවක පළ විය. (The Presbyterian and Reformed Review සඟරාව) අමෙරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් යන නමින් හැඳින්වූ එම බයිබලය 17වන සියවසේදී මුද්‍රණය කළ ප්‍රසිද්ධ කිං ජේම්ස් අනුවාදයේ සංශෝධනයකි. යෙහෝවා යන දෙවිගේ නම වෙනස් නොකර බයිබලයට ඇතුළත් කිරීමේ යෝග්‍යතාව ගැන එම සඟරාවේ වාර්තා කළේ මෙලෙසිනි.

“යෙහෝවා යන නාමය භාවිත කිරීම ගැටලුවක් විය යුත්තේ මන්දැයි යන්න අපට ප්‍රහේලිකාවකි. එය දෙවියන්ගේ පෞද්ගලික නාමයයි. එම නාමය මාර්ගයෙන් තමාව තම සෙනඟට හඳුන්වා දීමට තීරණය කළේ ඔහුමයි. එබැවින් එම නාමය වෙනුවට විවිධ පදවි නාම භාවිත කිරීම ඇත්තෙන්ම පාඨකයාට මහත් පාඩුවකි. මෙම නාමය නිවැරදිව උච්චාරණය කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව සැබෑවකි. ඇත්තෙන්ම ‘යෙහෝවා’ ලෙස උච්චාරණය කිරීම සියයට සියයක් නිවැරදි බවත් කිසිවෙකු තර්ක කරන්නේද නැත. එනමුත් පාඨකයා එය දකිද්දී කිසිදු අපහසුවකින් තොරව ඔහු එය හඳුනාගන්නේ දෙවිගේ නාමය ලෙසිනි. එමනිසා යාවේ නැතහොත් විශාරදයන් උපකල්පනය කරන වෙනත් නුහුරු නම් දෙවිගේ නාමය සඳහා භාවිත කිරීම අනුවණකමකි. පාඨකයා බයිබලය කියවද්දී ‘යෙහෝවා’ යන නාමය දැක, ‘යෙහෝවා’ යනු කවරෙක්ද කියාත්, ඔහු තම සෙනඟ වෙනුවෙන් කර ඇති දේත් දැනගැනීම ඔහුට කොතරම් ප්‍රයෝජනදායකද කියා පැහැදිලියි.

විවිධ භාෂාවලට පරිවර්තනය කර තිබෙන බොහෝ බයිබල්වලද “යෙහෝවා” යන නම හෝ එවැනි ආකාරයක නමක් යොදා තිබේ. උදාහරණ කීපයක් මේ පිටුවෙන්ම දැකගත හැකියි. යෙහෝවා යන තම නම සම්බන්ධයෙන් දෙවි මෝසෙස්ට මෙවැන්නක් පැවසීය. “සදාකල්හිම මේ මාගේ නාමය වේ; සියලු පරම්පරාවන්ට මේ මාගේ සිහිවීම වේ.” මේ නිසා අද දින දෙවිගේ නම කීම යෝග්‍ය බව ඉතා පැහැදිලියි!—නික්මයාම 3:13-15.

[22වන පිටුවේ පින්තූර]

එය ගීතාවලිය 83:17හි විවිධ භාෂාවලින් දක්නට ලැබෙන අයුරු

ට්සොංගා

ෂෝනා

වියෙට්නාමීය

ස්පාඤ්ඤ

හින්දි

ටගාලොග්

ඉංග්‍රීසි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න