ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/06 30 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කාර්යාලයේදී කරදරයක් වන දේවල්
  • ගම් දනව් හිස් වෙයිද?
  • හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය
  • විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව
    විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි
  • විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - දකුණු කොරියාව
    විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි
  • කොරියාවේ පෙරළිය සියැසින් දුටු කෙනෙක්
    2008 පිබිදෙව්!
  • නීතිය හා සම්බන්ධ වාර්තා
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 6/06 30 පි.

දස දෙසින්

◼ වයස අවුරුදු තුනේදීම බ්‍රසීලියානු දරුවන්ගෙන් සියයට හැටකගේ දත් නරක් වෙනවා. ඊට එක් හේතුවක් තමයි රාත්‍රි කාලයේදී පැණි රස බීමක් පෙවීමෙන් පසුව හොඳින් දත් පිරිසිදු නොකිරීම.—බ්‍රසීලයේ ෆෝල්‍යා පුවත්පත.

◼ එක්සත් ජනපදයේ උපත්වලින් හතරෙන් එකක්ම දැන් සිදු කෙරෙන්නේ සිසේරියන් සැත්කම් මගින්. නිව් යෝර්ක් නගරයෙහි 1980දී තිබූ ගණන දැන් පස් ගුණයකින් වැඩි වෙලා. දින නියම කිරීම පහසු වීම ඊට එක් හේතුවක් වුවත් අනවශ්‍යව තිබියදීත් එවැනි ශල්‍යකර්මයන් කිරීමෙන් ඇති වන අවදානම “අතිවිශාලයි.”—අ.එ.ජ. ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත.

◼ ඉකුත් වසර 100 පුරා මෙක්සිකෝ නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකින් වැඩි වෙලා. ලොව පුරා වැඩි වී තිබෙන්නේ සෙල්සියස් අංශක .6යි. ප්‍රවීණයන් පවසන්නේ එම තත්වයට හේතුව වනසංහාරය හා නාගරීකරණය බවයි.—මෙක්සිකෝවේ එල් යුනිවර්සල් පුවත්පත.

◼ අද එක්සත් ජනපදයේ සිදු කෙරෙන විවාහයන් අතරෙන් අඩක්ම විවාහ වීමට පෙර එකට ජීවත් වූ අයයි. මෙවැනි අයගේ දික්කසාදයන් විවාහයට පෙර එකට ජීවත් නොවුණ අය අතර සිදු වන දික්කසාදයන් සමඟ සසඳන විට එය දෙගුණයක් වෙනවා.—අ.එ.ජ. සයිකොලොජි ටුඩේ සඟරාව.

කාර්යාලයේදී කරදරයක් වන දේවල්

“සෙසු සේවකයන්ගේ පුරුදු තමන්ට කරදරයක් වී ඇති බව දක්වමින් සමහරු පැවසුවේ ඔවුන් හැමෝටම ඇහෙන්න දුරකථනයෙන් සංවාද පැවැත්වීම, වැඩ වැඩියි කියා නිතර කෙඳිරීම වැනි පුරුදු තමන්ට කරදරයක් බවයි” කියා වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තා කළා. කෝපයට පත් කරවන තවත් පුරුදු ලෙස දැක්විය හැක්කේ “සේවක සේවිකාවන් කල්ලි ගැසීම, ප්‍රමාද වී සේවයට පැමිණීම, තනියම දෙඩවීම, සේවා කුටියේ සිට අනිත් සේවකයන්ට කතා කිරීම, අපිරිසිදුකම සහ හඬක් නැඟෙන සේ ආහාර ගැනීමයි.” එවැනි නරක පුරුදු නිසා කාර්යක්ෂමතාව අඩු වෙයි. කෙසේවෙතත්, පර්යේෂකයන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් වැඩිදෙනෙක් කියා සිටියේ තමන් කිසිදාක එවැනි අය සමඟ ගැටෙන්න නොගිය බවයි. “ඊට හේතුව, තමන් අතිනුත් ඒ වැරදි සිදු විය හැකි නිසයි” කියා පුවත්පතේ සඳහන් වුණා.

ගම් දනව් හිස් වෙයිද?

“තව වසර දෙකකින් ලෝ වාසීන්ගෙන් හරි අඩක් නගරවල වෙසෙයි” කියා කැනඩාවේ පුවත් මගින් පැවසුවා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ සෑම දසදෙනෙකුගෙන් නවදෙනෙකුම වෙසෙන්නේ නගරවලයි. මීට වසර 55කට පෙර මිලියන දහයක් හෝ ඊට වැඩි ගණනක් ජීවත් වුණේ නිව් යෝර්ක් සහ ටෝකියෝ නගරවල පමණයි. දැන් නගර 20ක මිලියන 10කට වඩා වැඩි ජනතාවක් වෙසෙනවා. ජකර්තා, මෙක්සිකෝ, මුම්බායි සහ සඕ පවුලෝ නගරද ඊට ඇතුළත් වෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් වන කොෆී අන්නන් පවසන්නේ “මෙම වැඩිවීම නිසා හුඟක් රටවල ආර්ථිකයේ හා සමාජයේ විශාල වෙනසක් සිදු කරන්න වේවි” කියායි.

හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය

කොරියානු ජනරජයේ ජාතික මානව හිමිකම් කමිටුව පවසන්නේ හෘදය සාක්ෂියට එකඟව හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම කෙනෙකු සතු මූලික අයිතියක් කියායි. ඒ අයිතියට ගරු කිරීමක් වශයෙන් කමිටුව නිර්දේශ කළේ හමුදාවේ සේවය වෙනුවට වෙනත් සිවිල් සේවාවක් නියම කළ යුතු බවයි. ද කොරියා ටයිම්ස් පුවත්පත පැවසුවේ මේ නිර්දේශය උසාවියකින් නියම කළ තීන්දුවකට වඩා “මුළුමනින්ම වෙනස්” බවයි. ඊට හේතුව දැන් පවතින නීතියට අනුව පුද්ගලයෙකුට තම හෘද සාක්ෂියට එකඟව හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ කඩ නොතිබීමයි. එමනිසා වාර්ෂිකව යෙහෝවාගේ සාක්ෂිකාර යෞවනයන් 500ත් 700ත් අතර සංඛ්‍යාවකට සිර දඬුවම් විඳින්න සිදු වෙනවා. ඉකුත් වසර කීපය තුළ සාක්ෂිකරුවන් 10,000ක් පමණ මෙම හේතුව නිසා සිර දඬුවම් විඳ තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න