ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/07 32 පි.
  • “මේක තමයි අපිට ඕන කළේ!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මේක තමයි අපිට ඕන කළේ!”
  • 2007 පිබිදෙව්!
2007 පිබිදෙව්!
g 7/07 32 පි.

“මේක තමයි අපිට ඕන කළේ!”

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන ප්‍රකාශනය ලැබුණු විට ඉතාලියේ මවකගේ මුවින් පිට වුණේ එයයි. ඇය පවසන්නේ “ඒක ලැබුණම මට ඇඬුණා” කියලයි. ඇගේ කුඩා දියණිය ගැන සඳහන් කරමින් ඇය මෙසේද පැවසුවා. “එයාට තාම කියවන්නවත් බැහැ. ඒත් එයා පින්තූරවලින් මූලික කරුණු ටික මතක තියාගන්නවා. ඒක ලියලා තියෙන්නේ හරියට සාකච්ඡාවක් කරනවා වගේ. ඒ නිසා අපි ඒක කියවන කොට එයත් හවුල් වෙනවා. මේ වගේ තෑග්ගක් නම් අපිට කවදාවත් ලැබිලා නැහැ.”

ඉතාලියේ එක් පියෙක් පැවසුවේ තමන්ගේ පුතාට ලිංගික කාරණා ගැන කොහොමද කියලා දෙන්නේ කියලා ඔහුත් බිරිඳත් කල්පනා කරමින් සිටි බවයි. ඒ ගැන ඔවුන් පවසන්නේ මෙයයි. “මේ පොත ලැබුණාම අපිට හිතුණා දෙවි අපේ තත්වය තේරුම්ගත්තා කියලා. මේක කියෙව්වට පස්සේ අපේ පුතාට මේ කාරණා ගැන හොඳින් පැහැදිලි කරලා දෙන්න අපිට පුළුවන් වුණා.”

කුඩා කාලයේ සිටම ලිංගික හිරහැරවලට ලක් වූ ජපානයේ යෞවනියක් මේ පොත ගැන අගය පළ කරමින් මෙසේ පැවසුවා. “මට මේ පොත ලැබුණාම හොඳටම ඇඬුණා. මේක දුන්නාට යෙහෝවා දෙවිට මම හුඟාක් ස්තුති කරනවා. මේ කාලයේදී දරුවන්ට මුහුණ දෙන්න සිදු වන දේවල් ගැන කෙළින්ම, නිවැරදිව මේ පොතේ කියලා තියෙනවා. ප්‍රශ්න අහලා තියෙන්නෙත් හිතට කාවදින විදිහටයි. ඒ වගේ නරක වැඩිහිටියන්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගැනීමට මේ පොතේ 32වන පරිච්ඡේදය මොන තරම් උපකාරයක්ද! මීට අවුරුදු 20කට කලින් මේ පොත මට හම්බ වුණා නම් මගේ ජීවිතේ මීට වඩා හුඟක් වෙනස් වෙලා ඇති.”

පිටු 256කින් සමන්විත කදිම උපමා ඇති මේ පොතේ පිටපතක් ඔබටත් ලබාගැනීමට අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න