ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/08 32 පි.
  • මානසික පීඩනයට සහනයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මානසික පීඩනයට සහනයක්!
  • 2008 පිබිදෙව්!
2008 පිබිදෙව්!
g 4/08 32 පි.

මානසික පීඩනයට සහනයක්!

මෙක්සිකෝවේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන සිසුන් පිරිසකට තමන් කැමති මාතෘකාවක් යටතේ කතාවක් ඉදිරිපත් කිරීමට පැවරුමක් ලැබුණා. මාරෙට්සා නම් ශිෂ්‍යාව ඒ ගැන මෙසේ පවසනවා. “සාමාන්‍යයෙන් යෞවනයන් අද්දකින මානසික පීඩනය මමත් කාලයක් අද්දැක්කා. වර්ෂ 2001 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ පළ වුණු ‘යොවුන් වියයි මානසික අවපීඩනයයි’ යන ලිපි පෙළ ඒ කාලයේදී මට හුඟක් උපකාර වුණා. මම ඒ ලිපියට අනුව මගේ කතාව ඉදිරිපත් කළා. මගේ කතාවට විශිෂ්ට සාමාර්ථයක් ලැබුණා. පසුව මම මගේ පන්තියේ ළමයින්ට සහ ගුරුවරුන්ට මේ ලිපිවල පිටපත බැගින් දුන්නා.”

ඉන් වසර දෙකකට පසුව මාරෙට්සා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ දේවසේවයේ යෙදෙන විට ඇය හැදෑරූ පාඨමාලාවම හදාරන ශිෂ්‍යාවක්ව මුණගැසුණා. මානසික පීඩනය ගැන සඳහන් කළ ලිපිවල පිටපතක් ඇය මාරෙට්සාට ගෙනත් පෙන්වූ විට මාරෙට්සා පුදුමයෙන් පුදුමයට පත් වුණා. ගුරුවරිය ඇගේ අනික් ශිෂ්‍යාවන්ටත් ඒ ලිපි ලබා දී තිබෙනවා. ඉන් පෙනී ගියේ ඒ ගුරුවරිය මොන තරම් ඒ ලිපි අගය කළාද යන්නයි.

යෞවන වයසේදී මුහුණ දෙන මානසික පීඩනය ගැන තවත් තොරතුරු යෞවනයන් අසන ප්‍රශ්න ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතෙහි ඇතුළත් වෙනවා. “මටම මා අකමැති මන්ද?” “මට මෙතරම් අසහනයක් ඇති වන්නේ මන්ද?”, සහ “මට මගේ තනිකම පලවා හැරිය හැක්කේ කෙසේද?” යන මාතෘකාද මෙම පොතට ඇතුළත්. මෙම පොතේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන ප්‍රකාශනය පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න