ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/10 10 පි.
  • මෝරාගේ සම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෝරාගේ සම
  • 2010 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මෝරාගේ හම
    නිර්මාණයක්ද?
  • සයුරෙන් නැඟෙන විලාපය!
    2007 පිබිදෙව්!
  • යෝධ සුදු මෝරා ප්‍රහාරයට ලක් වෙයි
    2000 පිබිදෙව්!
  • ෂාක් බොක්ක මුහුදු ජීවීන්ගේ නිවහන
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2010 පිබිදෙව්!
g 2/10 10 පි.

නිර්මාණයක්ද?

මෝරාගේ සම

● ඔබට කවදා හෝ මෝරෙකුව අතගාන්න අවස්ථාවක් ලැබී තිබෙනවාද? උගේ සම සිනිඳුයි කියා පෙනෙන්න තිබුණත් උගේ වල්ගය ඇති දිශාවේ සිට හිස දෙසට අතගාන විට එය වැලි කඩදාසියක් මෙන් ගොරෝසු බවක් ඔබට දැනෙයි.a

මේ ගැන සිතා බලන්න: උගේ සමෙහි තිබෙන කොරපොතුවල සියුම් කානු පිහිටා තිබෙනවා. ඒවා දෙයාකාරයකින් ඌට ප්‍රයෝජනවත්. එක් ආකාරයක් නම් වැඩි ආයාසයකින් තොරව ඉදිරියට ඇදී යෑමට ඌට හැකි වීමයි. අනික් ආකාරය නම් ඌ ගමන් කරන විට උගේ කොරපොතු නිතරම චලනය වන නිසා පරපෝෂිතයන්ට උගේ ශරීරයේ රැඳී සිටින්න නොහැකි වීමයි.

මෝරාගේ සම මතුපිට ස්වභාවය අනුකරණය කරමින් විද්‍යාඥයන් විසින් බොහෝ දේවල් නිපදවා තිබෙනවා. කිමිඳුම් ඇඳුම ඊට එක් උදාහරණයක්. ඒ නිසා කිමිඳුම්කරුවන්ට පෙරට වඩා තරමක් වැඩි වේගයකින් පිහිනීමට හැකි වී තිබෙනවා. එම තාක්ෂණයම යොදාගෙන වැඩි වේගයකින් ධාවනය කළ හැකි කාර් සහ බෝට්ටු නිපදවීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව මෝරාගේ සමට සමාන නිමාවක් ලබා දෙන, පරිසර හිතකාමී තීන්ත වර්ගයක් නිපදවීමටද පර්යේෂකයන් අදහස් කරනවා. ඒ තුළින් බෝට්ටුවල යටි පැත්තේ ක්ෂුද්‍ර ජීවීන් ඇලී සිටීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම ආසාදන අවම කරගැනීම සඳහා එම තාක්ෂණයම භාවිත කරමින් වෛද්‍ය උපකරණ නිපදවීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.

කල්පනා කර බලන්න: මෙතරම් මවිත කර සමක් මෝරාට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[පාදසටහන]

a නමුත් උගේ හිසේ සිට වල්ගය දෙසට අතගාන විට ඒ බවක් නොදැනෙයි.

[10වන පිටුවේ පින්තූරය]

මෝරෙකුගේ කොරපොතු විශාල කර බලන විට

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Scales: © Eye of Science/​Photo Researchers, Inc.; shark: © Image Source/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න