ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/11 18 පි.
  • කුරුල්ලන්ට තැනූ මාලිගා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කුරුල්ලන්ට තැනූ මාලිගා
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2011 පිබිදෙව්!
  • කුරුල්ලනේ පරෙස්සමින්
    2009 පිබිදෙව්!
  • පර්යටනයෙහි අභිරහස් සෝදිසි කර බැලීම
    1995 පිබිදෙව්!
  • කුරුල්ලන් නැරඹීම සැමටම සිත්ගන්නා විනෝදාංශයක්ද?
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 1/11 18 පි.

කුරුල්ලන්ට තැනූ මාලිගා

● බොහෝ අය කුරුල්ලන්ට හුඟක් ආසයි. ඒ නිසා සමහර අය තමන්ගේ වත්තට කුරුල්ලන්ව ගෙන්වාගන්න පුංචි මුට්ටියක්, පෙට්ටියක් හෝ කුඩා කුරුලු කූඩුවක් හදලා එල්ලනවා. උන්ට ආරක්ෂා සහිත කූඩුවක් තනාගන්නත්, බිත්තර දාන්නත් එය කදිම ස්ථානයක්. නමුත් තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ අය නම් කුරුල්ලන් වෙනුවෙන් හදන මේ කූඩු හරියට මාලිගා වගෙයි.

ඉස්තාන්බුල් නගරයේ අය කුරුල්ලන්ට පුංචි කූඩු හදන්න පටන්ගත්තේ 1400 ගණන්වල සිටයි. ඒ කාලයේ සෑදූ ඒවා හුඟක් සරලයි. නමුත් 1700 ගණන්වල සිට මේ කූඩුවල පෙනුම වෙනස්ම ආකාරයක් ගත්තා. එනම් ඒවා ඉතා අලංකාර සුඛෝපභෝගී මාලිගාවල හැඩයක් ගත්තා. සමහර ඒවාවල කෑම සහ වතුර තියන්න තැන් වගේම කුරුල්ලන්ට සිරි නැරඹිය හැකි ලෙස සඳලුතලද නිර්මාණය කර තිබුණා. බොහෝ ගොඩනැඟිලිවල මේ ආකාරයට කුරුලු කූඩු තනන්නේ හොඳින් හිරු එළිය ලැබෙන තැනකයි. ඒ වගේම සුළඟෙන් හා වෙනත් සතුන්ගෙන් ආරක්ෂා වෙන ස්ථානයකයි. තවත් සමහර කූඩු සකස් කර තිබෙන්නේ ගොඩනැඟිල්ලේම කොටසක් ලෙසයි. මේ ආකාරයට සෑදූ කුරුලු කූඩු දේවස්ථානවල, පුස්තකාල ගොඩනැඟිලිවල, පාලම්වල හා විවිධ නිවෙස්වලද දැකගන්න පුළුවන්.

කනගාටුදායක දෙය වන්නේ ඉස්තාන්බුල් නගරයේ කුරුල්ලන් වෙනුවෙන් තැනූ මේ සුඛෝපභෝගී මාලිගාවන්ට හිමි තැන ටිකෙන් ටික අඩු වී යෑමයි. සමහර ඒවා කාලයත් සමඟ ගරා වැටී ගිහින්. තවත් සමහර ඒවා මිනිසුන් විසින්ම කඩා බිඳ දාලා. යම් දවසක ඔබටත් ඉස්තාන්බුල් නගරයට යන්න අවස්ථාවක් ලැබුණොත් කුරුල්ලන් වෙනුවෙන්ම සෑදූ මෙවැනි මාලිගාවක් දැක බලා ගන්න අමතක කරන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න