ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/12 23 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රසූතියට පෙර හැඩවැඩ වීම
  • ක්‍රියාශීලිකමයි නිරෝගී දිවියයි
  • ඔබේ පැතුම නිරෝගී දරුවෙක් නම් . . .
    2009 පිබිදෙව්!
  • ශරීරයට ව්‍යායාම් ඕනෙමද?
    2005 පිබිදෙව්!
  • ප්‍රවෘත්තිද නැත්නම් කාලය කා දමන තොරතුරුද?
    2000 පිබිදෙව්!
  • සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 4/12 23 පි.

දස දෙසින්

“පරිගණක පැමිණීමට පෙර උද්භිත විද්‍යාඥයන්ට අලුත් ශාක විශේෂ නම් කරන්න පොත් පත් සෙවීමට සිදු වූ අතර එකම නම ශාක විශේෂ කිහිපයකටම දී තිබෙනවා.” මිලියනයක හෝ ඊට වඩා ශාක ප්‍රමාණයකින් 4,77,601ක්ම එසේ නම් කර තිබෙනවා.—SCIENCE, U.S.A.

“චීන වැසියන්ගෙන් තමන් සතුටින් කල් ගෙවනවා කියා පිළිගත්තේ සියයට හයක් පමණයි.” සමීක්ෂණයකදී සියයට 39ක් පමණ කියා සිටියේ ඔවුන්ගේ සතුට අහිමි වීමට ප්‍රධාන හේතුව ධනය නොමැතිකම කියායි.—CHINA DAILY, CHINA.

‘රුසියාවේ සිදු වෙන අපරාධ පිළිබඳ වාර්තාවේ දත්තවල නිවැරදිභාවය සොයා බැලූ විට එහි බොහෝ තොරතුරු අසත්‍යයි.’ එහි නීතිය ක්‍රියාත්මක කරන ආයතන බොහෝ අපරාධ විසඳූ බව කියා සිටියත් ඇත්තටම ඔවුන් එසේ කර නැහැ.—RIA NOVOSTI, RUSSIA.

“ජර්මනියේ බර්ලින් නුවර විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් තම අධ්‍යාපනික වියහියදම් සඳහා ගණිකා වෘත්තියේ හෝ කාමුක රංගනවල යෙදෙන බව වාර්තා වෙනවා.”—REUTERS NEWS SERVICE, GERMANY.

ප්‍රසූතියට පෙර හැඩවැඩ වීම

ඉස්සර කාලේ නම් දරුවෙක් ලැබුණම ඒ ආරංචිය දුන්නේ ටෙලිග්‍රෑම් එකකින්. “ඒත් දැන් කාලේ අම්මලා ඒ දේ කරන්නේ අන්තර්ජාලයෙන්.” එසේ පැවසුවේ ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවක්. ප්‍රසූතිය සිදු වූ විගස ගනු ලැබූ දරුවාගේ සහ මවගේ ඡායාරූපද ඒ සමඟම යවනවා. අද කාලේ මව්වරු තම පෙනුම ගැන හරි සැලකිලිමත්. ඒ නිසා ඔවුන් මුහුණේ සහ අත් පාවල පැහැය වැඩි කරගැනීමට රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහය ලබාගන්නවා. “සමහරුන් රූපලාවන්‍ය ශිල්පියෙක්ව රෝහලටත් රැගෙන යනවා” කියා එම නාලිකාවේ තවදුරටත් ප්‍රකාශ කළා. ඒ වෙන දෙයකට නෙවෙයි දරුවා ලැබුණට පස්සේ ලස්සනට පෙනෙන්න ඕනේ නිසා කියා බොස්ටන් නුවර ප්‍රසව හා නාරි වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා වන ටෝනි ගොලන් පවසනවා.

ක්‍රියාශීලිකමයි නිරෝගී දිවියයි

රැකියාවේ, පාසැලේ හෝ රූපවාහිනිය ඉදිරියේ පැය ගණන් නිකම්ම ඉඳගෙන සිටීම දරුණු රෝගවලට අත වැනීමක් කියා පර්යේෂකයන් පවසනවා. “ඔබ ඉඳගෙන සිටින විට රුධිරයේ ඇති මේදය, මාංස පේශි උරාගන්නේවත් එය දහනය කරන්නේවත් නැහැ. ඊට හේතුව ඒ සඳහා අවශ්‍ය එන්සයිමය අඩුවෙන් නිපදවීමයි. මේ නිසා හෘද ස්පන්දනය වැඩි වන ආකාරයේ ව්‍යායාම් අපට අවශ්‍යයි. නිතිපතා ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් කළ යුතුයි” කියා පුවත්පතක සඳහන් වුණා.—Vancouver Sun.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න