ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/12 8-9 පි.
  • ගුණයෙන් සපිරි ආහාර සැමට!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගුණයෙන් සපිරි ආහාර සැමට!
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබ ගන්නා ආහාර සෞඛ්‍යාරක්ෂිතද?
    2012 පිබිදෙව්!
  • ආහාර වඩාත් ආරක්ෂා කරගන්නා අන්දම
    2002 පිබිදෙව්!
  • අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • ආරක්ෂිත ආහාර සැමටම
    2002 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 6/12 8-9 පි.

ගුණයෙන් සපිරි ආහාර සැමට!

ආහාරවලින් වැලඳෙන රෝගවලින් ආරක්ෂා වීමට ඔබට යම් පියවර ගත හැකි වුණත් යම් දේවල් ඔබට පාලනය කළ නොහැකියි. නිදසුනකට ඔබ ආහාර මිල දී ගත්තත් නිවසේ පිළියෙල කළත් ඒ ආහාර ගැන සියලුම තොරතුරු සොයා බැලීමට ඔබට හැකියාවක් නැහැ. සමහරවිට ඔබ ගන්නා ආහාර ඈත රටකින් සකස් කර ගෙනෙන ලද ඒවා විය හැකියි. ඒ වගේම සමහර ආහාර වාතයේ, ජලයේ හෝ පස්වල ඇති රසායනික ද්‍රව්‍යවල බලපෑමට හසු වී තිබෙන්න පුළුවන්.

“ආහාර නිසා ඇති වන ලෙඩ රෝග ලෝක ව්‍යාප්ත ගැටලුවක්. එම ගැටලුව එක් එක් රටවලට තනිව විසඳාගත නොහැකියි. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි” කියා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එසේනම් ගුණයෙන් සපිරි ආහාර සැමට ඉතාමත් ළඟදී ලැබෙනවා කියා පවසන්නේ කොහොමද? “මුළු පොළොවටම අධිපති වන යෙහෝවා දෙවි” ආහාර ගැටලුවලට විසඳුමක් ගෙනෙන බවට පොරොන්දු වී තිබෙන නිසයි. (යොෂුවා 3:13) අද අප ආහාරවලින් ඇති වන බොහෝ ලෙඩ රෝගවලට මුහුණ දෙන නිසා දෙවිව විශ්වාස කරන්නේ කොහොමද කියා යමෙකුට සිතෙන්න පුළුවන්. මේ නිදසුන සලකා බලන්න. සූපවේදියෙක් විසින් හොඳින් පිළියෙල කළ ආහාරයක් වේටර්ගේ නොසැලකිලිමත්කම නිසා ඊට විසක් එකතු වුණොත් ඊට වග කිව යුත්තේ සූපවේදියාද? ඇත්තෙන්ම නැහැ.

ඒ හා සමානව අද ආහාරවලට සිදු වී තිබෙන හානියට වග කිව යුත්තේ මිනිසා මිස ඒවායේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි නොවෙයි. මිනිසා විසින් කර තිබෙන හානිය දෙවි ඉවත් කරන්නේ කොහොමද? ඒ ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමෙනුයි.’—එළිදරව් 11:18.

දෙවි ඇත්තටම මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ආහාර ගැන සැලකිලිමත් බව දැනටමත් ඔප්පු කර තිබෙනවා. එනම් ඔහු මේ පොළොව නිර්මාණය කළ කාලයේදීම “ඇසට ප්‍රිය වූ කෑම” පමණක් නොව හොඳ ආහාර වර්ග මිනිසා වෙනුවෙන් ලබා දුන්නා. (උත්පත්ති 2:9) එපමණක් නොව මිනිසා දෙවිට අකීකරු වූ පසුවත් නිරෝගී දිවියකට දායක වන ආහාර සම්බන්ධයෙන් මඟපෙන්වීම් ලබා දුන්නා.—“නිරෝගී දිවියකට දායක වන නීති” යන කොටස බලන්න.

දෙවි මිනිසාට මොන තරම් ආහාර සපයා දී තිබෙනවාද කියා බයිබලයේ සඳහන් මේ වදන්වලින් පැහැදිලි වෙයි. “සතුන් සඳහා නිල් තණකොළද මිනිසුන් සඳහා පලා වර්ගද ඔබ හටගන්වන්නෙහිය. ඔබ පොළොවෙන් ආහාර උපදවා දෙන්නෙහිය. සිත් සතුටු කරන වයින්ද මුහුණු පැහැපත් කරන තෛලයද පෝෂණය ලබා දෙන ආහාරද ඔබ සපයා දෙන්නෙහිය.” (ගීතාවලිය 104:14, 15) ඊට අමතරව “පොළොවේ ජීවත් වන සතුන්වද මම ඔබට ආහාර වශයෙන් දෙන්නෙමි.”—උත්පත්ති 9:3.

අනාගතයේදී දෙවි අපට ආශීර්වාද කරන ආකාරය මෙසේ සඳහන් වෙනවා. “බීජ වපුරන කාලයේදී ඔබට වර්ෂාව දී හොඳ පලදාවක් ලබා දෙන්නේය. ඔබ ප්‍රණීත වූ හොඳම කෑම කන්නහුය. ඔබේ සතුන්ට ලගින්න ඇති තරම් තණබිම් තිබෙයි.” (යෙසායා 30:23) අද පුවත්පත්වල අහිතකර ආහාර ගැන පළ වන ශීර්ෂපාඨ වෙනුවට “ගුණයෙන් සපිරි ආහාර සැමට!” යන පණිවිඩය අසන්න ලැබෙන කාලය වැඩි ඈතක නොවෙයි.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පෂ්‍යදායි ආහාරවලින් පිරි ප්‍රීතිමත් අනාගතයක් දෙවිගේ පොරොන්දුවයි

[8වන පිටුවේ කොටුව]

නිරෝගී දිවියකට දායක වන නීති

වසර 3,500කට පෙර ඊශ්‍රායෙල් ජාතියට මෝසෙස් මාර්ගයෙන් දෙවි නීති මාලාවක් ලබා දුන්නා. එම නීති මගින් ආහාර නිසා වැලඳෙන බොහෝ ලෙඩ රෝගවලින් ඔවුන්ට ආරක්ෂා වීමට හැකි වුණා. පහත සඳහන් වන්නේ ඉන් කිහිපයක්.

● මළ කුණකට ස්පර්ශ වූ භාජන අපවිත්‍රයි. ‘භාවිතයට ගන්නා භාජනයක් අපවිත්‍ර වුණොත් එය වතුරේ ගිල්වා තැබිය යුතුයි. එය සවස් වන තුරු අපවිත්‍ර දෙයක් ලෙස සැලකිය යුතුයි. ඉන්පසු එය භාවිතයට ගත හැක.’—ලෙවී කතාව 11:31-34.

● මැරුණු සතෙකුගේ මස් කන්න එපා. “මිය ගිය සතෙකුව ඔබට සම්බ වුණොත් ඔබ ඌව ආහාරයට නොගත යුතුයි.”—ද්විතීය කතාව 14:21.

● ඉතුරු වූ ආහාර වැඩි දවසක් තබාගන්න එපා. පූජාවක් ඔප්පු කරනවා නම් “එයින් යමක් ඉතුරු වුණොත් එය පසුවදා කෑමටද ගත හැකියි. එහෙත් තුන්වන දවස දක්වා මස් ඉතුරු වුණොත් එය ගින්නෙන් දැවිය යුතුයි.”—ලෙවී කතාව 7:16-18.

“මෝසෙස් මාර්ගයෙන් දෙවි ලබා දුන් නීති මොන තරම් ප්‍රායෝගික හා නැණවත්ද” කියා බයිබලය හා නවීන වෛද්‍ය විද්‍යාව ගැන හැදෑරූ ඒ. රෙන්ඩල් ෂෝට් පවසනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න