ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 9/13 14-15 පි.
  • ජෙං හෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජෙං හෝ
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දේශපාලන බලය, වෙළඳාම සහ පඬුරු
  • පටුන
    2013 පිබිදෙව්!
  • යෞවනයන් සහ අන්තර්ජාලය!
    2007 පිබිදෙව්!
  • ඉතිහාස කතාව වෙනස් කළ කාලගුණය
    2011 පිබිදෙව්!
  • මුහුද සිසාරා “කිත්තිම්හි නැව්”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 9/13 14-15 පි.

අතීතයෙන් සටහනක්

ජෙං හෝ

“අහස උසට නැඟී බිඳී යන මුහුදු රළ හා පොරබදිමින් ලිa ලක්ෂයකට වඩා දුර ප්‍රමාණයක් අප තරණය කළේ ඈත එපිට දේශ දේශාන්තර බලායි. රැයක් දවාලක් නොබලා රුවල් නග්ගමින් රුවල් බාමින් නෞකා යාත්‍රා කළේ විශාල වළාකුළු රොත්තක් ගමන් කරන්නාක් මෙනි. චණ්ඩ රළ පෙළ කපාගෙන මහ සයුරේ අප යාත්‍රා කළේ මහ පාරක ගමන් ගන්නා සේය.”—චීනයේ ෆූජියාන් පළාතේ 15වන සියවසට අයත් ජෙං හෝ ගැන සඳහන් ලේඛනයෙන්.

ලොකු ලොකු දේවල් ගැන කතා කරද්දී චීනය පැත්තකට දාන්න බැහැ. ලෝකයේ ලොකුම රටවල් අතරින් එකක් චීනය. වැඩිම ජනගහනයක් ඉන්නෙත් චීනයෙයි. ලෝකයේ දැවැන්තම ඉදි කිරීම් ව්‍යාපෘතිවලින් එකක් වන චීන මහ ප්‍රාකාරය ගොඩනැඟුවෙත් එහි වැසියන්. අතීතයේදී අති විශාල නැව් තැනුවෙත් ඔවුනුයි. මිංග් රාජ වංශයේ යොංග්ලේ සහ ස්වංදෝ යන අධිරාජ්‍යවරුන්ගේ කාලයේදී තැනූ ඒ විශාල නැව් ගණන හා සමාන නැව් සංඛ්‍යාවක් ඉන් සියවස් පහක් යන තුරුත් කිසිවෙක් සතු වුණේ නැහැ. ඒ නැව්වලට අණ දුන්නේ චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයෙක් වූ ජෙං හෝ නමැති නාවික සෙන්පතියායි.

දේශපාලන බලය, වෙළඳාම සහ පඬුරු

ජෙං හෝගේ සංචාරයේ අරමුණ වුණේ රාජ වංශයේ “ගුණ ධර්ම ඈත එපිට දේශවල සිටි ජනයන්ට හඳුන්වා දීමත් ඔවුන්ට කරුණාවෙන් සැලකීමත්” කියා මෙම ලිපියේ මුලින් සඳහන් කළ ලේඛනයේ තවදුරටත් සඳහන් වුණා. එම මුහුදු ගමන්වල ප්‍රතිඵලය ගැන එහි කියා තිබුණේ මෙහෙමයි. “ඈත ක්ෂිතිජයෙන් එහා දේශ දේශාන්තරවල සිටි ජනයා [චීනයේ] යටත්වැසියන් වුණා. . . . විදේශිකයන් තුටු පඬුරුත් රැගෙන අධිරාජ්‍යයාව බැහැදකින්න ආවා.”

ජෙං හෝගේ නෞකා යාත්‍රා කළ වරායන්

එවැනි මුහුදු සංචාර සැලසුම් කළ මිංග් අධිරාජ්‍යයා කුමන අරමුණකින්ද යන්න විවාදයකට ලක් වූවක්. රාජ දූතයෙක් වූ ජෙං හෝව සමහරු දකින්නේ චීන අධිරාජ්‍යයත් අනෙක් රටවලුත් අතර හොඳ හිත පැතිර වූ කෙනෙක් හැටියටයි. තවත් අය ඔහුව දකින්නේ දේශ යටත් කරගෙන අධිරාජ්‍යයේ බලය පතුරුවපු දරුණු කෙනෙක් හැටියටයි. ඇත්තටම ජෙං හෝ තමන්ව සාදරයෙන් පිළිගත් පාලකයන්ට වටිනා තෑගිබෝග වගේම දේශපාලනික සහයෝගය පිරිනැමුවා. නමුත් ඔහුව පිළි නොගත් අයව වගේම අධිරාජ්‍යයාට පඬුරු දීමට අකමැති වූ පාලකයන්ව අත්අඩංගුවට ගත්තා. ඉන්දියන් සාගරය අවට සිටි බොහෝ පාලකයන් අධිරාජ්‍යයාව බැහැදකින්න රාජ නියෝජිතයන්ව පවා යැව්වේ ඔහුගේ සංචාරවල ප්‍රතිඵලයක් විදිහටයි.

ජෙං හෝ චීනයෙන් ගියේ ලැකර් පින්තාරු කළ ලී සැරසිලි, පෝසිලේන් බඩු, සේද වැනි දෑ බොහෝමයක් රැගෙන. ඔහු නැවත එන විට මැණික්, ඇත්දළ, කුළු බඩු, වටිනා දැව වර්ග සහ ඉතාම මිල අධික බඩු චීනයට රැගෙන ආවා. එක් අවස්ථාවක ජිරාෆ් කෙනෙක්ව පවා ඔහු රැගෙන ආවා. චීන වැසියන්ද ඒ ගැන පුදුම වුණා. මේ විදිහට භාණ්ඩ හා ඔවුන්ගේ සංකල්ප අවට ලෝකය සමඟ හුවමාරු වෙද්දී 15වෙනි සියවස වන විට චීනයේ ශිෂ්ටාචාරය මොන තරම් උසස් මට්ටමක තිබුණද කියලා අවට ලෝකය දැනගන්න ඇති.

ඒත් දශක තුනකට ආසන්න කාලයක් පුරා කෙරුණු ජෙං හෝගේ සංචාරවලට තිත වැටුණේ හදිසියේමයි. අවට ලෝකය සමඟ වෙළඳ ගනු දෙනු හා මිත්‍ර සබඳතා චීනය නතර කර දැමුවා. ‘චීනයට පිටින් කිසිවක් අවශ්‍ය නැහැ’ කියා සිතූ අලුත් අධිරාජ්‍යයා සහ ඔහුගේ කොන්ෆියුෂියානු මත දැරූ උපදේශකයන් අවට ලෝකයත් සමඟ චීනයට ගනු දෙනු කිරීමට තිබූ සියලු දොරටු වසා දැමුවා. ජෙං හෝ දීර්ඝ සංචාරවල යෙදුණු නෞකා සහ ඒ සංචාර ගැන තිබූ වාර්තාවලට මොකද වුණේ? පෙනෙන විදිහට ඒ සියල්ලම විනාශ කර තිබෙනවා. වළාකුළු රොත්තක් මෙන් ගමන් කළ මහ සයුර තරණය කළ ඒ දැවැන්ත නෞකා සමූහය ගැනත් එහි අතීතය ගැනත් පසුගිය සියවස වන තුරු කිසිවෙකුටත් දැනගන්න නොලැබුණේ ඒ නිසයි.

a “ලි” යනු චීන මිනුම් ක්‍රමයක්. සියවස් ගණනාවක් පුරා එයින් නියෝජනය වූ දිග ප්‍රමාණය වෙනස් වී තිබෙනවා. ජෙං හෝගේ කාලයේදී “ලි” එකක් කිලෝ මීටර භාගයක් පමණ වූ බව සිතනවා.

තොරතුරු බිඳක්

  • වර්ෂ 1405ත් 1433ත් අතර මිංග් රාජ වංශයට අයත් නැව්වලට අණ දෙමින් ජෙං හෝ දීර්ඝ මුහුදු සංචාර හතක නිරත වුණා.

  • ඔහු යටතේ තිබූ නැව් සංඛ්‍යාව 200කට වඩා වැඩි බව සිතනවා. ඒවා අතර යුධ නැව් වගේම බඩු, වතුර සහ අශ්වයන් රැගෙන ගිය නැව්ද තිබුණා. රජයේ නිලධාරීන්, යුධ භටයන්, වෙළඳුන්, නඩත්තු සේවකයන් ඇතුළු 27,000කට වඩා වැඩි පිරිසක්ද ඒවායේ ගමන් ගත්තා.

  • ජෙං හෝ මුහුදු ගමන් සඳහා යොදාගත්තා හා සමාන නැව් ප්‍රමාණයක් පළමුවන ලෝක මහ යුද්ධය වන තුරු වෙන කිසිම ජාතියක් යොදාගෙන නැහැ. ඒවා ආසියාවේ නැඟෙනහිර දේශ, ඉන්දියන් සාගරයේ වගේම නැඟෙනහිර අප්‍රිකාව තරම් ඈත දේශවලටත් සංචාරය කළා.

  • ජෙං හෝගේ සහායක නිලධාරීන් තුන්දෙනෙක් මේ සංචාරවලදී ඇසින් දුටු දේ වෙන වෙනම වාර්තා කර තිබෙනවා. ඒවායින් ඒ සංචාර ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

ලොකුයි කිව්වට කොච්චර ලොකුද? කීයක් තිබුණද?

මිංග් රාජවංශයේ ඉතිහාස වාර්තාවලට අනුව ඒ නෞකා අතිදැවැන්තයි. එක නැවක දිග අඩි 447යි. පළල අඩි 183යි. ලීවලින් තැනූ රුවල් නැව් අඩි 300කට වඩා දිග වුණොත් මුහුදු ගමන් සඳහා ඒවා අනතුරුදායක බව සමහර විද්වතුන් කියනවා. ඒ නිසා මේ නැව්වල දිග පළල ගැන ඔවුන් සැක කරනවා.

එක් පුද්ගලයෙක් ඒ ගැන පැවසුවේ මෙහෙමයි. “නැව්වල විශාලත්වය ගැන ඔවුන් සඳහන් කරන්නේ අතිශයෝක්තියෙන්. අඩි 450ක් වෙනුවට අඩි 200ක් හෝ 250ක් කියා සඳහන් වුණා නම් එය පිළිගන්න තිබුණා.” කොහොමවුණත් 15වෙනි සියවස තරම් අතීතයේදී අඩි 200ක් දිග නැවක් සෑදීමත් අතිවිශිෂ්ට කාර්යයක්. ජෙං හෝ අණ දුන් නැව් සමූහයට අතිදැවැන්ත නෞකා 62ක් පමණ අයත් වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න