ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/13 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජර්මනිය
  • ලොව වටා
  • ජපානය
  • බොලිවියාව
  • ඉතාලිය
  • දස දෙසින්
    2014 පිබිදෙව්!
  • දස දෙසින්
    2014 පිබිදෙව්!
  • බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?
    2003 පිබිදෙව්!
  • පටුන
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 11/13 3 පි.

දස දෙසින්

ජර්මනිය

ඉහළ උසාවියක් 2012දී කියා සිටියේ පල්ලියෙන් අයින් වුණ කතෝලිකයන්ට පල්ලියට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා ඉන්න පුළුවන් බවයි. ඒ වුණත් ඔවුන්ට සත්ප්‍රසාද ලබන්න, පාපොච්චාරණය කරන්න, පල්ලියේ වගකීම් දරන්න වගේම පල්ලියේ සුසාන භූමියේ භූමිදාන කටයුතු කරන්න අවසර නැහැ.

ලොව වටා

ලෝ පුරා ඇති ආගම් පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් හෙළි වුණේ කිසිම ආගමකට සම්බන්ධ නැති පුද්ගලයන් බිලියන 1.1ක් සිටින බවයි. ඒ අධ්‍යයනයට අනුව ඔවුන් සිටින්නේ තුන්වන තැනේයි. පළමු හා දෙවන ස්ථානයේ සිටින්නේ ක්‍රිස්තියානීන් හා ඉස්ලාම් භක්තිකයන්. ඔවුන් ගණනින් බිලියන 2.2ක් හා බිලියන 1.6ක් වෙනවා. බිලියනයක් පමණ සිටින හින්දු භක්තිකයන් සිටින්නේ හතර වන තැනේයි.

ජපානය

විද්‍යාඥයන් පෙන්වන්නේ කෙනෙකුව “ප්‍රශංසා කරද්දී එය එම පුද්ගලයාගේ මොළයේ සංවේදක ප්‍රදේශ උත්තේජනය කර සතුට ඇති කරනවා” කියලයි. ප්‍රශංසාව, දිරිගැන්වීමට සාර්ථක ක්‍රමයක් කියලා මේ සොයාගැනීමත් සමඟ සනාථ වෙනවා.

බොලිවියාව

ගිය වසරේ අගභාගයේදී ජාතික සංගණනයක් පැවැත්තුවා. නිවැරදි වාර්තාවක් ලබාගැනීමට සංගණනය පැවැත්වෙන දිනයේ නිවෙස්වලම රැඳී සිටින්න කියා බොලිවියානුවන්ට පවසා තිබුණා. දේශ සීමා මායිම් වසා දැමුවා. පෞද්ගලික රථ වාහනවලින් ගමන්බිමන් යෑමත් මත්පැන් පානයත් තහනම් කළා.

ඉතාලිය

සමීක්ෂණයකදී ඉතාලි ජාතිකයන් කිව්වේ දරුවන් සමඟ සෙල්ලම් කිරීමට වැය කරන්නේ සාමාන්‍යයෙන් දවසකට විනාඩි 15ක් වගේ කාලයක් කියලයි. “සෙල්ලම් කිරීමෙන් දරුවන්ට ඉගෙනගැනීමට අවස්ථාවක් ලැබෙනවා කියා පැවසුවේ දෙමව්පියන් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් විතරයි” කියලා පුවත්පතක සඳහන් වුණා. (La Repubblica) සෙල්ලම් කරද්දී දරුවන්ගේ සිතීමේ හැකියාව දියුණු කරන්න වගේම “නීති රීති පිළිපදින්න” උගන්වන්න දෙමව්පියන්ට පුළුවන් වෙනවා. එහෙම කියන්නේ දාම්, චෙස් වැනි ක්‍රිඩා නිර්මාණය කරන කෙනෙක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න