ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/14 16 පි.
  • අඳුර බිඳින ලන්තෑරුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අඳුර බිඳින ලන්තෑරුම
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • විශ්මිත කලාමැදිරි ආලෝකය
    2010 පිබිදෙව්!
  • පටුන
    2014 පිබිදෙව්!
  • සමනල තටුවක රහස
    2014 පිබිදෙව්!
  • මෝරාගේ සම
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 2/14 16 පි.
කණාමැදිරියා

නිර්මාණයක්ද?

අඳුර බිඳින ලන්තෑරුම

පුංචි කණාමැදිරියාට මෙතරම් ආලෝකයක් විහිදන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? එක් කණාමැදිරි විශේෂයකට (Photuris) දීප්තිමත් ආලෝකයක් විහිදන්න පුළුවන් වෙලා තියෙන්නේ උගේ යටිබඩේ තියෙන පහනේ ආවරණය හැදිලා තියෙන විදිහ නිසයි කියලා හොයාගෙන තියෙනවා.a

කොරපොතු පිහිටලා තියෙන විදිහ

කොරපොතු පිහිටලා තියෙන විදිහ

මේ ගැන සිතන්න: මේ කණාමැදිරියාගේ ආලෝකය නිකුත් වෙන ප්‍රදේශය හැදිලා තියෙන්නේ ඉතා කුඩා කොරපොතුවලින්. ඒවා පිහිටලා තියෙන්නේ වහලයක උළු අතුරා තියෙන විදිහටයි. ඒ වගේම ඒවා අපේ කෙස් ගසක ප්‍රමාණයෙන් විස්සෙන් එකක් තරම් සුළු ප්‍රමාණයකින් ඇල වෙලයි තියෙන්නේ. ඒ ඇලය නිසා කොරපොතු කෙළින් පිහිටලා තියෙද්දී ලැබෙන දීප්තියට වඩා සියයට 50ක වැඩි දීප්තියක් විහිදන්න ඌට පුළුවන් වෙලා තියෙනවා.

කණාමැදිරියාගේ පහනේ ආවරණය අනුකරණය කර LED බල්බවල දීප්තිය වැඩි කිරීමට හැකි වෙයිද කියා විද්‍යාඥයන් සොයා බැලුවා. ඒ සඳහා ඔවුන් කණාමැදිරියාගේ පහනේ ආවරණය හැදිලා තියෙන ආකාරයට LED බල්බයක පිටත ආවරණය සකස් කළා. එවිට සාමාන්‍යයට වඩා සියයට 55ක වැඩි දීප්තියක් එයින් ලැබුණා. ඒ ගැන භෞතික විද්‍යාඥවරියක් වන ඇනික් බේ පැවසුවේ “මේ සොයා ගැනීමෙන් පැහැදිලි වුණේ අවට පරිසරයෙන් අපිට ඉගෙනගන්න කොතරම් දේවල් තියෙනවාද” කියලයි.

ඔබේ නිගමනය කුමක්ද? කණාමැදිරියාට මේ දීප්තිමත් පහන ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

a විද්‍යඥයන් හැම කණාමැදිරි විශේෂයක්ම අධ්‍යයනය කර නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න