ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/14 10-11 පි.
  • අයර්ලන්තයට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අයර්ලන්තයට යමු
  • 2014 පිබිදෙව්!
2014 පිබිදෙව්!
g 7/14 10-11 පි.
දියමංකඩ

අපේ විත්ති

අයර්ලන්තයට යමු

අයර්ලන්තයේ සිතියමක්

“හරිත වර්ණ දූපත” ලෙස හඳුන්වන අයර්ලන්තයට රටවල් දෙකක් අයිතියි. එක් රටක් ස්වාධීන ජනරජයක් වන අතර අනෙක් රට වන උතුරු අයර්ලන්තය අයිති වෙන්නේ එක්සත් රාජධානියටයි.

දියමංකඩ

දියමංකඩ

අයර්ලන්තයට නොඅඩුව ලැබෙන වර්ෂාව නිසා ගස් වැල් සරුසාරව වැඩෙනවා. ඒ නිසයි එය “හරිත වර්ණ දූපත” ලෙස හඳුන්වන්නේ. ඇළදොළ ගංගා, නිල්වන් මුහුදු තීරය සහ කඳු පංතිය නිසා අවට පරිසරයෙන් දිස් වෙන්නේ අපූර්ව සුන්දරත්වයක්.

පිදුරු සෙවිලි කළ නිවසක්

පිදුරු සෙවිලි කළ නිවසක්

ඒත් 1845ත් 1851ත් අතර කාලය තුළ ඒ රටේ ජනයාට කටුක අද්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අර්තාපල් වගාවට පැතිර ගිය වසංගතයක් නිසයි. එයින් මිලියනයක් පමණ ජනයා සාගින්නෙන් සහ ලෙඩ රෝගවලින් මිය ගියා. ඒ කාලයේ පැවති දුගීකමින් මිදෙන්න බොහෝදෙනා ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බ්‍රිතාන්‍යය වැනි රටවලට ගියා. අද ඇමරිකාවේ ජීවත් වන අයගෙන් මිලියන 35ක් පමණ අයර්ලන්ත ජාතිකයන්ගෙන් පැවතෙන අයයි.

අයර්ලන්ත ජාතිකයන් මිත්‍රශීලී, ආගන්තුක සත්කාරයට ලැදි පිරිසක්. ඔවුන් අශ්වයන් පිට යෑම, ක්‍රිකට්, රගර්, පාපන්දු වැනි ක්‍රීඩාවල යෙදෙමින් තම විවේක කාලය ගත කරනවා. කාන්තාවන් විවේක කාලයේදී වැඩිපුරම යෙදෙන්නේ හොකී හා සමාන කමෝජි ක්‍රීඩාවෙයි.

සංගීතයට ප්‍රිය කරන අයර්ලන්ත වැසියන් සතුටු සාමිච්චියේ යෙදෙන්නත් හරිම කැමතියි. ඇඟ කෙලින් තබාගනිමින් රිද්මයකට අනුව පාද පොළොවේ වද්දමින් කරන ස්ටෙප් ඩාන්ස් නමින් හඳුන්වන අයර්ලන්තයේ නැටුම් කලාව ලොව පුරා ප්‍රසිද්ධයි.

අයර්ලන්ත සංගීත කණ්ඩායමක්

අයර්ලන්ත සංගීත කණ්ඩායමක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු සියයකට වැඩි කාලයක් පුරා අයර්ලන්තයේ සේවය කරනවා. මේ වන විට සාක්ෂිකරුවන් 6,000කට වඩා වැඩිදෙනෙක් බයිබල් සත්‍යයන් අන් අයට කියා දෙමින් සිටිනවා.

1. වීණාව; 2. Irish බෑග්පයිප්; 3. වයලීනය; 4. එකෝඩියන් එක; 5. බටනලාව; 6. බෙරය

අයර්ලන්තයේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ අතුරින් කිහිපයක්: (වමේ සිට දකුණට) වීණාව, බෑග්පයිප්, වයලීනය, එකෝඩියන් එක, බටනලාව සහ බෙරය

ඔබ දැන සිටියාද?

ගිනිකඳු පුපුරා යෑම නිසා ඇති වුණු පාෂාණ කුලුනු දහස් ගණනකින් සෑදුණු දියමංකඩක් උතුරු අයර්ලන්තයේ මුහුදු තීරයේ දකින්න ලැබෙනවා.

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: ස්වාධීන ජනරජයේ මිලියන 4.5ක් පමණ, උතුරු අයර්ලන්තයේ මිලියන 1.8ක් පමණ

  • අගනුවර: ස්වාධීන ජනරජයේ ඩබ්ලින්, උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්

  • භාෂා: අයිරිෂ් සහ ඉංග්‍රීසි

  • දේශගුණය: වැසි සහිත සෞම්‍ය දේශගුණයක්

  • ප්‍රධාන ආගම්: ස්වාධීන ජනරජයේ කතෝලික, උතුරු අයර්ලන්තයේ කතෝලික සහ රෙපරමාදු

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න