ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/15 7 පි.
  • මීවදය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මීවදය
  • 2015 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඕස්ට්‍රේලියාවේ නොවිදින මී මැස්සන් හඳුනාගනිමු
    2000 පිබිදෙව්!
  • මී මැසි පාලනය “රසවත්” කතන්දරයක්
    1997 පිබිදෙව්!
  • පටුන
    2015 පිබිදෙව්!
  • ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය—පෘථිවිය වටා යන විද්‍යාගාරයක්
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 1/15 7 පි.
මීවදයක් හදන මීමැස්සන්

නිර්මාණයක්ද?

මීවදය

මීමැස්සන් මීවද හදන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ තියෙන ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙන ඉටිවලින්. මේ විදිහට හදන මීවදය ඉන්ජිනේරු තාක්ෂණය පැත්තෙන් බලද්දී විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.

මේ ගැන සිතන්න: යම් ඉඩ ප්‍රමාණයක්, අපතේ නොයන විදිහට බෙදන්න පුළුවන් හොඳම හැඩය ෂඩස්‍රාකාර හැඩය කියලත් එහෙම බෙදද්දී අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ ඉතා අඩුවෙන් කියලත් ගණිතඥයන් සියවස් ගණනාවක් පුරා දැනගෙන හිටියා. සම පාද ත්‍රිකෝණ හෝ සමචතුරශ්‍ර හැඩවලට බෙදනවාට වඩා එය වාසිදායකයි කියලා තේරුම් අරං හිටියත් ඒක හරියටම ඔප්පු කරන්න ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. ඒත් 1999දී ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙක් වන තෝමස් සී. හේල්ස් ඒ බව ගණිතමය සාක්ෂිවලින් ඔප්පු කළා.

මීමැස්සන් මීවදයේ කුටීර ෂඩස්‍රාකාර හැඩයට හදන නිසා අඩු ඉඩ ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජන ගන්නත් සැහැල්ලු, ශක්තිමත් මීවදයක් අඩු ඉටි ප්‍රමාණයකින් හදන්නත් උන්ට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අඩු ඉඩක වැඩි මීපැණි ප්‍රමාණයක් රැස් කරන්නත් උන්ට පුළුවන් වෙලා තියෙනවා. එහෙම නම් මීවදය ගෘහ නිර්මාණ ශිල්පය අතින් බැලුවම උසස් ගණයේ නිර්මාණයක් කියලා කියන එක පුදුමයක් නෙමෙයි.

විද්‍යාඥයන් මීවදයේ ආකෘතිය අනුකරණය කරලා ශක්තිමත් වගේම අඩු ඉඩකින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් නිර්මාණය කරනවා. උදාහරණයකට ගුවන්යානා ඉන්ජිනේරුවන්, ගුවන්යානයේ පිටත ආවරණ හා විවිධ කොටස් හදන්න මේ ආකෘතිය යොදාගන්නවා. ඒ නිසා අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙන ශක්තිමත් වගේම බරින් අඩු ගුවන්යානා නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

ඔබේ නිගමනය කුමක්ද? මීවදයේ කුටීරවල ආකෘතිය හදන්න මීමැස්සට ඒ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් ඒ හැකියාව ඇතුව ඌව කවුරු හරි නිර්මාණය කළාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න