ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/15 8-9 පි.
  • මොංගෝලියාවට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මොංගෝලියාවට යමු
  • 2015 පිබිදෙව්!
2015 පිබිදෙව්!
g 7/15 8-9 පි.
මොංගෝලියානු ජාතිකයන් ජීවත් වෙන කූඩාරමක්

අපේ විත්ති

මොංගෝලියාවට යමු

ලෝක සිතියමේ මොංගෝලියාව

මොංගෝලියානු අධිරාජ්‍යය පිහිටුවන්න පෙරමුණ ගත්තේ දක්ෂ රණශූරයෙක් වන ගෙංගිස් ඛාන්. ඒ 12වෙනි සියවසේදියි. එවකට ඒ අධිරාජ්‍යයට විශාල ප්‍රදේශයක් අයත් වෙලා තිබුණත් දැන් මොංගෝලියාව සීමා වෙන්නේ රුසියාව හා චීනය අතර ප්‍රදේශයටයි. රටේ භූමි ප්‍රමාණයත් එක්ක බලද්දී ඉන්න ජනගහනය හරිම අඩුයි.

නෙත ගැටෙන මානයේ දකින්න තියෙන නිල් තණ බිම්, උස් කඳු, දිය පහරවල් හා ගංඟාවලින් මුළු පරිසරයම සුන්දර වෙලා තියෙනවා. දකුණෙන් ඩයිනෝසරයන්ගේ ෆොසිලවලට ප්‍රසිද්ධ ගෝබි කාන්තාරය දැකගන්න පුළුවන්. මොංගෝලියාව පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5,200ක් උසින්. එහි වැසියන් තමන්ගේ රට හඳුන්වන්නේ “නිල් අහස් තලය ඇති රට” කියලයි. එහෙම කියන්නේ අවුරුද්දේ දවස් 250කටත් වඩා වැඩි දවස් ගාණක් පැහැදිලි අහසක් දැකගන්න පුළුවන් නිසයි.

හිම දිවියා

හිම දිවියා

මෙහි ග්‍රීෂ්ම කාලයේදී උෂ්ණත්වය 40°C දක්වා ඉහළ යන අතර සීත කාලයේදී -40°C දක්වා අඩු වෙනවා. මේ රටේ ඉන්න ජනගහනයෙන් තුනෙන් එකක්ම හුරු වෙලා තියෙන්නේ තැනින් තැනට ගිහින් ජීවත් වෙන්නයි. උදේ පාන්දරින්ම අවදි වෙන ඔවුන් දවස පටන්ගන්නේ එළදෙනුන්ගේ, එළුවන්ගේ, ඔටුවන්ගේ හා අශ්වයන්ගේ කිරි දොවලයි. ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලට කිරි ආහාර හා මස් වර්ග එකතු කරගන්නවා. ඔවුන්ගේ ප්‍රියතම මස් වර්ගය එළු මස්.

මුදවපු කිරිවලින් හදපු රොටි

මුදවපු කිරිවලින් හැදූ රොටි අව්වේ වේලන විදිහ

මේ අය ආගන්තුක සත්කාරයට ළැදි සෙනඟක්. ඔවුන් තමන්ගේ කූඩාරම්වලින් යද්දී ඒවා වහන්නේ නැහැ. එහෙම කරන්නේ එතනින් යන එන අයට ඕන වෙලාවක කූඩාරමට ඇවිල්ලා විවේක අරන් කෑම කාලා යන්නයි. ආගන්තුකයන්ට තේ පිළිගන්වන්නේ කිරි තේවලට ලුණු ටිකක් එකතු කරලයි.

දැන් මේ රටේ වැඩියෙන්ම ඉන්නේ බෞද්ධ ආගම අදහන අයයි. ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම්වලට අයිති අය වගේම ආගමක් අදහන්නේ නැති අයත් ඉන්නවා. ඊට අමතරව අතීතයේ ඉඳන් පැවතෙන ගෝත්‍රික ආගමකට අයිති අයවත් දැකගන්න පුළුවන්. මොංගෝලියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් 350දෙනෙක්ට වඩා වැඩියෙන් ඉන්නවා. ඔවුන් 770කට වඩා වැඩිදෙනෙකුට බයිබලය ගැන කියලා දෙනවා.

මොල්ලි දෙකේ ඔටුවෙක් තද සීතලේ බර ඇදගෙන යන ආකාරය

මොල්ලි දෙකේ ඔටුවෙක් තද සීතලේ බර ඇදගෙන යන ආකාරය

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 27,13,000

  • අගනුවර: උලාන්බටෝර්

  • භාෂා: මොංගෝලියානු, රුසියානු හා වෙනත් භාෂා

  • ප්‍රධාන අපනයන: තඹ, ගල් අඟුරු, රත්තරන් හා සිනිඳු ලෝම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න