ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 2 14-15 පි.
  • නෙත් සිත් පිනවන මැකෝ ගිරවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෙත් සිත් පිනවන මැකෝ ගිරවා
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ලොව තනි වූ කුරුල්ලා
    1996 පිබිදෙව්!
  • පටුන
    2016 පිබිදෙව්!
  • දස දෙසින්
    2014 පිබිදෙව්!
  • දස දෙසින්
    2013 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 2 14-15 පි.
නිල් සහ කහ පාට මැකෝ ගිරවෙක්

නිල් සහ කහ පාට මැකෝ. දිග සෙන්ටිමීටර් 85යි

නෙත් සිත් පිනවන මැකෝ ගිරවා

15වෙනි සියවසේ ඇමරිකාවට ආව දේශගවේශකයන් සුන්දර දසුනක් දැක්කා. වර්ණවත් සිත්තමක් මවමින් ගන වනාන්තයේ තුරුහිස් මුදුණින් අහසට නැඟුණේ පාට පාට කුරුලු රෑනක්. ඔවුන් දැක්කේ ඇමරිකාවේ ඉන්න ලස්සන මැකෝ ගිරව්. මේ කුරුල්ලන් දේශ ගවේශයන්ගේ සිත්ගත්ත නිසා ඔවුන් හොයාගත්ත ඒ ප්‍රදේශ සිතියම්වල ලකුණු කරන්න සංකේත විදිහට පාවිච්චි කළෙත් මැකෝ ගිරවුන්වයි.

දීප්තිමත් වර්ණ තියෙන කුරුල්ලන් අතරින් මැකෝලට හිමි වෙන්නේ විශේෂ තැනක්. රෑන් පිටින් සැරි සරන්න ආස මේ කුරුල්ලන් හරිම බුද්ධිමත්. උන්ගෙ කටහඬත් හරිම සද්දයි. සාමාන්‍යයෙන් එක රෑනක මැකෝ ගිරව් 30ක් විතර ඉන්නවා. උදේම නැඟිටලා කෑම හොයන්න යන මේ ගිරව් ඇට ජාති, පළතුරු ජාති කන්න හරිම ආසයි. අනිත් ගිරව් වගේ මැකෝ ගිරවාත් තියුණු නියපොතුවලින් ගෙඩි ජාති අල්ලගෙන ශක්තිමත් වක් වුණු හොටෙන් හපලා ඒවා කනවා. තද කට්ටක් ඇතුලේ තියෙන මදයක් වුණත් හපලා එළියට ගන්න උන් හරිම හපන්නු. කෑම කෑවට පස්සේ උන් සාමාන්‍යයෙන් කරන්නේ ගං ඉවුරකට හරි කඳු විවරයකට හරි ගිහිල්ලා පස් ටිකක් කන එක. මොකද උන් කන සමහර ඇට ජාති තරමක් විෂ සහිත නිසා ඒ විෂ නැති කරගන්න ඒ පස් උන්ට උදව් වෙනවා.

“යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.”—ගීතාවලිය 104:24

ජීවිත කාලය පුරාම එක කිරිල්ලියක් එක්ක ජීවත් වන මැකෝ ගිරවා උන්ගේ පුංචි පැටව් බලාගන්නත් කිරිල්ලිට ලොකු සහයෝගයක් දෙනවා. මැකෝ ගිරව් විශේෂයන් 18ක් විතර ඉන්නවා. ඒ අතරින් සමහරු කූඩු හදන්න ගං ඉවුරු, ගස් බෙන වගේ තැන් තෝරාගන්නවා. තවත් උන් කඳු බෑවුම්වල තියෙන විවර සහ හුඹස් තෝරගන්නවා. මැකෝ පැටියෙක් මාස හයක් යද්දී සම්පූර්ණයෙන් වැඩෙනවා. ඒත් ඒ පැටව් අවුරුදු 3ක් විතර යන කල් ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. සාමාන්‍යයෙන් මැකෝ ගිරවෙක් අවුරුදු 30ක් 40ක් විතර ජීවත් වෙනවා. ඒත් කූඩුවල දාලා ඇති කරන සමහර මැකෝ ගිරව් අවුරුදු 60කට වඩා ජීවත් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.

කොළ පාට පියාපත් ඇති මැකෝ ගිරවෙක්

කොළ පාට පියාපත් ඇති මැකෝ. දිග සෙන්ටිමීටර් 95ක් පමණ

තද රතු පාට මැකෝ ගිරව්

තද රතු පාට මැකෝ. දිග සෙන්ටිමීටර් 85යි

දම්නිල් පාට මැකෝ ගිරවෙක්

දම්නිල් පාට මැකෝ. විශාලතම ගිරා විශේෂය වන අතර දිග සෙන්ටිමීටර් 100ක් විතර වෙනවා. බර කිලෝග්‍රෑම් 1.3කට වැඩියි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න