ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 1 16 පි.
  • ගිනියම් කතරේ කඩිසරයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගිනියම් කතරේ කඩිසරයා
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2017 පිබිදෙව්!
  • සියුම් වුණත් ශක්තිමත්
    2016 පිබිදෙව්!
  • ප්‍රවීණ උයන්පල්ලෙක්
    1997 පිබිදෙව්!
  • පිරිසිදුවට ඉන්න කැමති වඩු කුහුඹුවා
    නිර්මාණයක්ද?
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 1 16 පි.
රිදී කුහුඹුවා

නිර්මාණයක්ද?

ගිනියම් කතරේ කඩිසරයා

සහරා කාන්තාරයේ ජීවත් වන රිදී කුහුඹුවන් (Cataglyphis bombycina) සත්ව ලෝකයේ වැඩිම උණුසුමක් දරාගන්න පුළුවන් සත්ව විශේෂයක්. උන්ව ගොදුරු කරගන්න එන සතුන් ඉර මුදුන් වෙද්දී දැනෙන තද රස්නය නිසා සෙවණ හොයාගෙන යනවා. ඒ වෙලාවට ගුල්වලින් එළියට ඇදෙන රිදී කුහුඹුවන් රස්නේ දරාගන්න බැරුව මැරුණ කෘමීන්ව කෑමට ගන්නවා.

රිදී කුහුඹුවාගේ කෙස් අධික රස්නයක් දරාගන්න උදව් කරනවා

මයික්‍රෝ මීටර් [50]

මේ ගැන හිතන්න: මේ තරම් රස්නයක් දරාගන්න ඌට පුළුවන් කොහොමද? ඒ විශේෂ කෙස් වර්ගයකින් උගේ ඇඟේ මතුපිට සහ දෙපස ආවරණය වෙලා තියෙන නිසයි. ඒ කෙස් පිහිටලා තියෙන්නේ ත්‍රිකෝණාකාර නළ විදිහට. ඌට බැබළෙන රිදී පැහැයක් ලැබෙන්නෙත් ඒ නිසයි. මේ ත්‍රිකෝණාකාර කෙස්වල හිරු එළියට නිරාවරණය වන පෘෂ්ඨ දෙකේ මුල ඉඳන් අගටම දිග අතට හරිම සියුම් රැළි පිහිටලා තියෙනවා. මේ විශේෂ කෙස් නිසා ඌට තියෙන වාසියක් තමයි ශරීරයට පතිත වන හිරු කිරණ පරාවර්තනය වෙන එක. තවත් වාසියක් තමයි ශරීරයට උරාගන්ත තාපය පිට කරලා ශරීරය සිසිල්ව තියාගන්න පුළුවන් වෙන එක. ශරීරයේ යට පැත්තේ කෙස් නැති වුණත් ගිනියම් වුණු වැල්ලෙන් පිට වන කිරණ පරාවර්තය කරන්නත් ඌට පුළුවන්.a

රිදී කුහුඹුවාගේ කෙස් ත්‍රිකෝණාකාර නළ විදිහට පිහිටලා තියෙන විදිහ අණ්වීක්ෂයකින් පේන හැටි

මයික්‍රෝ මීටර් [10]

රිදී කුහුඹුවන්ගේ ශරීර සැකැස්ම නිසා 53.6°Cක් දක්වා උපරිම ඌෂ්ණත්වයකදී වුණත් ශරීරය සාමාන්‍ය විදිහට තියාගන්න උන්ට පුළුවන්. උන්ගේ මේ විශේෂ ලක්ෂණ අධ්‍යයනය කරපු පර්යේෂකයන් විදුලි පංකා හෝ වෙනත් ආධාරකයක් නැතුව සිසිල් කරවන විශේෂ ආවරණ නිර්මාණය කරන්න උත්සාහ කරනවා.

ඔයාගේ නිගමනය මොකක්ද? දැඩි උෂ්ණත්වයකදී වුණත් ශරීරය සිසිල්ව තියාගන්න රිදී කුහුඹුවන්ට හැකියාව ලැබිලා තියෙන්නේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි උන්ව නිර්මාණය කළ නිසාද?

a මේ කුහුඹුවන්ට ආවේණික තවත් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි උන්ගේ ශරීරයේ තියෙන විශේෂ ප්‍රෝටීන. තද උණුසුමකදී වුණත් ඒවා බිඳෙන්නේ නැහැ. තව එකක් තමයි උන්ගේ දිග පාද. රත් වුණු වැලිවල ගෑවෙන්නේ නැතුව හරිම වේගයෙන් දුවන්න ඒ නිසා පුළුවන්. කොච්චර දුරක් ගියත් ආයෙත් ගුල හොයාගෙන එන්න උන්ට තියෙන්නෙත් පුදුම හැකියාවක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න