ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g21 අංක 3 3 පි.
  • හොයලා බලන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොයලා බලන්නේ කොහොමද?
  • 2021 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මැවුම්කරුට ඔබේ දිවියට අරුතක් එක් කළ හැකියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිර්මාතෘ ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ඔබේ ජීවිතයට ස්ථිරසාර අරුතක් ලබා දෙන්න
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
තව තොරතුරු
2021 පිබිදෙව්!
g21 අංක 3 3 පි.
බයිබලයක් පෙන්නගෙන ඉන්න පූජකයෙක් සහ DNA ආකෘතියක් පෙන්නගෙන ඉන්න විද්‍යාඥයෙක් දිහා බලාගෙන කල්පනා කරන කාන්තාවක්.

හොයලා බලන්නේ කොහොමද?

“විශ්වය ඇති වෙලා තියෙන්නේ ඉබේමයි. ඒකට ඒ හැකියාව තියෙනවා.”—භෞතික විද්‍යාඥයන් වන ස්ටීවන් හෝකිං සහ ලෙනඩ් ම්ලාඩිනොව්.

“දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—බයිබලය, උත්පත්ති 1:1.

මේ විශ්වයයි ඒකේ ඉන්න ජීවීන්වයි දෙවි කෙනෙක් නිර්මාණය කෙරුවාද? නැත්නම් ඒ හැම දෙයක්ම ඉබේ ආවාද? කලින් කියපු විද්‍යාඥයන් දෙන්නා ඒ ප්‍රශ්නෙට දීපු උත්තරේ බයිබලේ තියෙන දේට වඩා හාත්පසින්ම වෙනස්. සමහරු විද්‍යාඥයන් කියන දේ විශ්වාස කරනවා. තවත් අය බයිබලේ තියෙන දේ විශ්වාස කරනවා. හැබැයි ඒ දේ විශ්වාස කරන්නේ ඇයි කියලා හරියටම පැහැදිලි කරන්න එයාලගෙන් හුඟදෙනෙක්ට බැහැ. මේ විෂය ගැන හුඟක් ප්‍රසිද්ධ පොත්වල, ටීවී වැඩසටහන්වල කියන්නෙත් පරස්පර විරෝධී දේවල්.

සමහරවිට ඉස්කෝලේ ටීචර්ලා හරිම විශ්වාසයෙන් ඔයාට උගන්නලා ඇති මේ විශ්වය ඇති වුණේ ඉබේටමයි කියලා. හැබැයි ඒක පිළිගන්න උදව් වෙන සාක්ෂි එයාලා දුන්නාද? සමහරවිට ආගමික නායකයන් ඔයාට කියලා ඇති මේ හැම දෙයක්ම හදපු කෙනෙක් ඉන්නවා කියලා. ඒත් ඒක පිළිගන්න උදව් වෙන සාක්ෂි එයාලා දුන්නාද? නැත්නම් ‘දෙවියන් ඉන්නවා කියන්න සාක්ෂි ඕනෙ නෑ’ කියලා එයාලා කිව්වාද?

මේ හැම දෙයක්ම ඇති වුණේ ඉබේද, ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද කියලා ඔයාත් කල්පනා කරලා ඇති. අනිත් අතට මෙහෙමත් හිතිලා ඇති. ‘ඔය ප්‍රශ්නවලට හරියටම උත්තර දෙන්න කිසිම කෙනෙක්ට බෑ, අනික උත්තර දැනගත්තා කියලා ඇති පලේ මොකක්ද?’

හැම දෙයක්ම හදපු කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙන සාක්ෂි අපි මේ ‘පිබිදෙව්!’ සඟරාවේ මුල් ලිපිවලින් බලනවා. හැම දෙයක්ම හදපු කෙනෙක් ඉන්නවාද කියලා හොයලා බලන එක වටින්නේ ඇයි කියලා ඊළඟ ලිපිවල කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න