ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 64
  • සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ට දේවමාලිගාවක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නුවණ ඇති සාලමොන් රජ
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 64
සලමොන් අලුතෙන් හදපු දේවමාළිගාව ඉදිරියේ දණගහලා යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා

කතන්දර 64

සාලමොන් දේවමාළිගාව ගොඩනඟයි

දාවිත් මැරෙන්න කලින්, යෙහෝවාගේ මාළිගාව ගොඩනැඟීමට දෙවි දුන්න සැලැස්ම එයා සාලමොන්ට දුන්නා. සාලමොන් පාලනය කරන්න පටන් අරගෙන අවුරුදු හතරක් ගියාට පස්සේ එයා දේවමාළිගාව ගොඩනඟන්න පටන්ගන්නවා. ඒක හදලා ඉවර කරන්න අවුරුදු හතහමාරක් ගත වෙනවා වගේම, ඒක ගොඩනඟන්න මිනිස්සු දසදහස් ගණන් වැඩ කරනවා. ඒකට රත්තරන් හා රිදී ගොඩක් පාවිච්චි වෙන නිසා මේ ගොඩනැඟිල්ල හදන්න මුදල් ගොඩක් වියදම් වෙනවා.

මණ්ඩපයේ තිබුණා වගේම, දේවමාළිගාවේත් ප්‍රධාන කාමර දෙකක් තියෙනවා. ඒ වුණාට මේ කාමර, මණ්ඩපයේ තිබුණු කාමරවලට වඩා දෙගුණයකින් විශාලයි. දේවමාළිගාවේ ඇතුල් කාමරයේ සාලමොන් ගිවිසුම් පෙට්ටිය තියන්න සලස්සනවා. මණ්ඩපය ඇතුලේ තිබුණු අනික් දේවල් ඊළඟ කාමරයේ තියනවා.

දේවමාළිගාව ගොඩනඟලා ඉවර වුණාම මිනිස්සු ලොකු උත්සවයක් පවත්වනවා. ඔයාට මේ පින්තූරයේ පේන විදිහට, සාලමොන් දේවමාළිගාව ඉදිරියේ දණගහලා යාච්ඤා කරනවා. ‘මුළු ස්වර්ගයම ඔබට මදි නම්, මේ දේවමාළිගාව ඊටත් වඩා කොච්චර පුංචිද’ කියලා සාලමොන් යෙහෝවාට කියනවා. ‘ඒ වුණාට අනේ මගේ දෙවියනි, මේ මාළිගාව දෙසට හැරිලා ඔබගේ සෙනඟ යාච්ඤා කරනකොට කරුණාකරලා ඒගොල්ලන්ට සවන් දෙන්න.’

සාලමොන් එයාගේ යාච්ඤාව ඉවර කරද්දී, ස්වර්ගයෙන් ගින්දර එනවා. ඒකෙන් මිනිස්සුන්ගේ සත්ව පූජා පිච්චිලා යනවා. යෙහෝවාගෙන් එන ආලෝකයකින් දේවමාළිගාව පිරෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ යෙහෝවා අහගෙන ඉන්නවා කියලයි. ඔහු දේවමාළිගාව ගැන හා සාලමොන්ගේ යාච්ඤාව ගැන සන්තෝෂ වෙනවා කියලත් මේකෙන් පෙන්නුම් කරනවා. දැන් මිනිස්සු නමස්කාර කරන්න එන්නේ මණ්ඩපයට නෙවෙයි දේවමාළිගාවටයි.

රූපයකට නමස්කාර කරමින් ඉන්න භාර්යාවක් එක්ක, මහළු සලමොන් රජු ඉන්නවා

සාලමොන් ගොඩක් කාලයක් නුවණ ඇතුව පාලනය කරනවා. ඉතින් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා. ඒ වුණාට සාලමොන් යෙහෝවාට නමස්කාර කරන්නේ නැති වෙන රටවල්වල ස්ත්‍රීන්ව විවාහ කරගන්නවා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් අර රූපයට නමස්කාර කරනවා ඔයාට පේනවාද? අන්තිමේදී මොනවාද වෙන්නේ? එයාගේ භාර්යාවන්ට පුළුවන් වෙනවා සාලමොන්වත් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පොලඹවාගන්න. සාලමොන් මෙහෙම කරන්න පටන්ගත්තාම වෙන්නේ මොකක්ද කියලා ඔයා දන්නවාද? එයා ඊට පස්සේ මිනිස්සුන්ට හොඳින් සලකන්නේ නැහැ. එයා නපුරු වෙනවා. ඉතින් දැන් මිනිස්සු සන්තෝෂයෙන් නෙවෙයි ඉන්නේ.

මේ නිසා යෙහෝවාට සාලමොන් එක්ක කේන්ති යනවා. ඔහු එයාට කියනවා: ‘මම ඔයාගෙන් රාජ්‍යය අරං ඒක වෙන මිනිසෙකුට දෙන්න යනවා. මම මේක ඔයාගේ ජීවිත කාලයේදී කරන්නේ නැති වුණත් ඔයාගේ පුතා පාලනය කරන කාලයේදී කරන්න යනවා. කොහොම වුණත් මේ රාජ්‍යයට අයිති මිනිස්සු හැමදෙනාවම ඔයාගේ පුතාගෙන් ඈත් කරන්න යන්නේ නැහැ.’ මේක වෙන්නේ කොහොමද කියලා බලමුද?

1 ලේකම් 28:9-21; 29:1-9; 1 රාජාවලිය 5:1-18; 2 ලේකම් 6:12-42; 7:1-5; 1 රාජාවලිය 11:9-13.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න